රුසියාවට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් පිළිබඳව ශෝකය පළ කරමින් මහජන යුතුකම් කේන්ද්‍රයෙන් ශෝක පණිවිඩයක්
රුසියාවේ සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මහජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා මහජන යුතුකම් කේන්ද්‍රය මගින් නිවේදනයක් නිකුත්කර තිබේ.
අදාළ නිවේදනය පහළින්...
ගරු වැලමිඩර් පුටින්
ජනාධිපති තුමා
රුසියාව
රුසියාවේ සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මහජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීම
ගරු ජනාධිපතිතුමනි,
රුසියාව අස්ථාවර කිරීම සඳහා නිරායුධ අහිංසක සිවිල් වැසියන් එල්ල කරමින් සිදුකළ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය ඉතා පිළිකුල් සහගතව ශ්‍රී ලංකාවේ සාධාරණ යුක්තිගරුක පුරවැසියන් වශයෙන් අප දැඩි ලෙස හෙළා දකිමු.
දශක තුනකට අධික කාලයක් තිස්සේ රුදුරු ත්‍රස්තවාදයට මුහුණ දුන් ජනතාවක් වශයෙන් ගෝලීය ත්‍රස්තවාදයේ අරමුණු පැහැදිලිව හඳුනාගෙන සිටිමු.
එබැවින් පිළිකුල් සහගත ත්‍රස්තවාදී ප්‍රහාරයේදී මියගිය සියලු දෙනාට ඔවුන් අදහන ආගම අනුව මෝක්ෂ සුවය ප්‍රාර්ථනා කරමු , එසේම තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.
එසේම රුසියාවේ ඒකීයභාවය සුරැකිය යුතු යැයි සිතන සාමය අගයන සමස්ත ශ්‍රී ලංකාවාසී මහ ජනතාවගේ ශෝකය සමස්ත රුසියානු ජනතාවටත් ඔබතුමාටත් ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු.
රුසියාව අස්ථාවර කිරීම සඳහා ලෝක ත්‍රස්තවාදය විසින් ගනු ලැබෙන ක්‍රියාමාර්ග විනිවිද දැකීමටත් ඒවා පරාජය කිරීමටත් ඔබගේ නායකත්වයෙන් යුතු රුසියාවට හැකිවේවායි වැඩිදුරටත් ප්‍රාර්ථනා කරමු.
වසන්ත අල්විස්
කැඳවුම්කරු
මහජන යුතුකම් කේන්ද්‍රය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්