"යුක්‍රේන් බාර්" ම්ලේච්ඡ මොස්කව් ප්‍රසංග ශාලා ප්‍රහාරය සමච්චලයට ලක් කරයි
පසුගිය 22 වනදා මොස්කව් හි ක්‍රොකස් සිටි ප්‍රසංග ශාලාවට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සමච්චලයට ලක් කරමින් කියෙව්හි පිහිටි ‘ආර්ට්-බාර්’ ඔෆෙන්සිවා ආපනශාලව එහි මතභේදාත්මක මෙනුවට නව අයිතමයක් හඳුන්වා දී තිබේ.
මෙම ආයතනය කියෙව්හි "පළමු මිලිටරි කලා තීරුව" ලෙස උත්හර්ෂයට නංවා තිබේ. එය විවිධ රංගන ශිල්පීන් සඳහා වේදිකාවක් ලෙස සේවය සපයන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් යුක්‍රේන ජාතිකවාදී අදහස් ප්‍රදර්ශනය කරති.
ප්‍රහාරයෙන් ටික මොහොතකට පසු, ඔෆෙන්සිවා බදින ලද කෙටි කෑම වර්ග කිහිපයකින් සමන්විත 'ක්‍රොකස් සිටි' ලෙස නම් කරන ලද නව අහාර කට්ටලයක් ඉදිරිපත් කළේය. ආපන ශාලාවේ වෙබ් අඩවියේ ඇති ආහර අයිතමය ප්‍රහාරයෙන් පසුව ගිනිගත් ප්‍රසංග ශාලාවේ ඡායාරූපයක් සමඟ ඇත.
ආපන ශාලාව එහි මෙනුවේ තවත් ආන්දෝලනාත්මක අයිතම කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ. එය, ‘නවල්නි’ ලෙස නම් කර ඇත. සැන්ඩ්විච් මාලාව හඳුන්වා දෙනු ලැබුවේ රුසියානු දේශපාලන පක්ෂ නායකයෙකු වන ඇලෙක්සි නවාල්නි පෙබරවාරි මාසයේදී අභාවප්‍රාප්ත වීමෙන් ටික කලකට පසුවය.
රුසියානු දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ දාර්ශනිකයෙකු වන ඇලෙක්සැන්ඩර් ඩුගින්ගේ දියණියගේ මරණය සමච්චලයට ලක් කිරීම සඳහා ආපන ශාලාවේ පෙරළන ලද 'ඪර්ය ඪුගින' ලෙස නම් කරන ලද ඌරු මස් "ස්ටීක්" ද තිබේ. ඇය 2022 අගෝස්තු මාසයේදී සිය මෝටර් රථයට සවි කර තිබූ බෝම්බ ප්‍රහාරයකින් මිය ගියාය. මෙම ඝාතනය යුක්රේන ඔත්තු සේවා විසින් කළ එකක්ක් බව රුසියානු බලධාරින් චීදනා කළේය.
යුක්‍රේන අවන්හල් මෙලෙස දේශපාලන හාස්‍යයට අමානුෂීය සිද්ධි එහි මෙනුවේ ඇතුළත් කළ පළමු අවස්ථාව මෙය නොවේ. 2014 මැයි මාසයේ ඔඩෙස්සාහි සිදු වූ සමූල ඝාතනයේ වින්දිතයින්ට සමච්චල් කිරීමටද එම ආපන ශාලාවන් කටයුතු කළ අතර එහිදී ජාතිකවාදීන්ගේ ඊනියා "ගෞරවනීය විප්ලවයට" විරුද්ධ වූ ක්‍රියාකාරීන් දුසිම් ගනනක් පණපිටින් පුළුස්සා මරා දැමීම සනිටුහන් කිරීමට යුක්රේන අවන්හල්වල ‘රුසියානු බබා’ හැඩැති කේක් අලෙවි කරන්නට විය.
මොස්කව් සහ කියෙව් අතර පවතින ගැටුම යුක්‍රේන ආපනශාලා විසින් නැවත නැවතත් සිරස්තල බවට පත් කරන මතභේදාත්මක අයිතමයන් අලෙවිකරණ උපක්‍රම ලෙස භාවිතය වඩාත් පුලුල් ලෙස භාවිත කළේය.
Ukrainian bar mocks deadly Moscow concert hall attack
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි