
පාතාලෙන් ජරාව කා පාතාලයකුගෙන් කුණුහරුප ඇසූ ඕ.අයි.සී. ගැන පරීක්ෂණ
පාතාල මුදල් ගනුදෙනුවකින් පසුව අසභ්‍ය වචනින් බැණ වදිමින් බිරිඳව ගෙදරට ගෙනවිත් දෙන්නැයි කියද්දිත් පාතාල නායක කුඩු අංජුගේ ගෝලයා වන ඇල්ටෝ ධර්මේ හට පිංසෙණ්ඩු වෙමින් වැඳ වැටුණු අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධව පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් අරඹා ඇත.
තමාගෙන් මුදල් ලබාගෙන ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායමකට උදව් කළ බවට චෝදනා කරමින් ඇල්ටෝ ධර්මේ විසින් මෙම පොලිස් ස්ථානාධිපතිවරයාට ‘පිම්පියා’ කියමින් බැණ වදිමින් කළ දුරකථන සංවාදයකින් පසුව යූටියුබ් හරහා සංසරණය වන වීඩියෝව ගැන මෙම පරීක්ෂණය අරඹා තිබේ.
මෙම නිලධාරියා ගල්කිස්ස අපරාධ අංශ ස්ථානාධිපතිවරයා වශයෙන් සිටියදී පාතාලය සමග කළ මුදල් ගනුදෙනුවක් අරබයා මෙම බැණ වැදීම සිදුවී ඇත.
ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් මීට පෙර කටයුතු කළ රොහාන් ප්‍රේමරත්න විසින් මෙම නිලධාරියා ඩුබායිහි ඇල්ටෝ ධර්මේ සමග සබඳතා පවත්වමින් මාස් පතා වැටුප් ලබන බවට වාර්තාවක් එවකට බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි දේශබන්ධු තෙන්නකෝන්ටද යොමුකර තිබුණි.
ඒ අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) යොදවා කළ විමර්ශනයකින් පසුව ඔහුගේ සේවය අත්හිටුවා ඇත.
එසේ තිබියදී හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මෙම නිලධාරියා යළි සේවයේ පිහිටුවා අගලවත්ත පොලිස් ස්ථානාධිපති ධුරයට පත්කර තිබේ.
මෙම නිලධාරියා පාතාලය සමග සමීප සබඳතා පවත්වමින් ඇල්ටෝ ධර්මේගෙන් මුදල් ලබාගෙන ඇතැයි සමාජ මාධ්‍යවල සැරිසරන හඬපට ඔස්සේ ප්‍රචාරය වීමත් සමග පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත යළිත් විමර්ශනයක් භාරදී ඇත.
– Aruna
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
