පාතාලෙන් ජරාව කා පාතාලයකුගෙන් කුණුහරුප ඇසූ ඕ.අයි.සී. ගැන පරීක්ෂණ
පාතාල මුදල් ගනුදෙනුවකින් පසුව අසභ්‍ය වචනින් බැණ වදිමින් බිරිඳව ගෙදරට ගෙනවිත් දෙන්නැයි කියද්දිත් පාතාල නායක කුඩු අංජුගේ ගෝලයා වන ඇල්ටෝ ධර්මේ හට පිංසෙණ්ඩු වෙමින් වැඳ වැටුණු අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධව පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් අරඹා ඇත.
තමාගෙන් මුදල් ලබාගෙන ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායමකට උදව් කළ බවට චෝදනා කරමින් ඇල්ටෝ ධර්මේ විසින් මෙම පොලිස් ස්ථානාධිපතිවරයාට ‘පිම්පියා’ කියමින් බැණ වදිමින් කළ දුරකථන සංවාදයකින් පසුව යූටියුබ් හරහා සංසරණය වන වීඩියෝව ගැන මෙම පරීක්ෂණය අරඹා තිබේ.
මෙම නිලධාරියා ගල්කිස්ස අපරාධ අංශ ස්ථානාධිපතිවරයා වශයෙන් සිටියදී පාතාලය සමග කළ මුදල් ගනුදෙනුවක් අරබයා මෙම බැණ වැදීම සිදුවී ඇත.
ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් මීට පෙර කටයුතු කළ රොහාන් ප්‍රේමරත්න විසින් මෙම නිලධාරියා ඩුබායිහි ඇල්ටෝ ධර්මේ සමග සබඳතා පවත්වමින් මාස් පතා වැටුප් ලබන බවට වාර්තාවක් එවකට බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි දේශබන්ධු තෙන්නකෝන්ටද යොමුකර තිබුණි.
ඒ අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) යොදවා කළ විමර්ශනයකින් පසුව ඔහුගේ සේවය අත්හිටුවා ඇත.
එසේ තිබියදී හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මෙම නිලධාරියා යළි සේවයේ පිහිටුවා අගලවත්ත පොලිස් ස්ථානාධිපති ධුරයට පත්කර තිබේ.
මෙම නිලධාරියා පාතාලය සමග සමීප සබඳතා පවත්වමින් ඇල්ටෝ ධර්මේගෙන් මුදල් ලබාගෙන ඇතැයි සමාජ මාධ්‍යවල සැරිසරන හඬපට ඔස්සේ ප්‍රචාරය වීමත් සමග පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත යළිත් විමර්ශනයක් භාරදී ඇත.
– Aruna
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්