
රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර එල්ල කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය හෙළාදකිනවා - ජනිපෙ නායක, පා. ම. විමල් වීරවංශ
රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර එල්ල කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය හෙළා දකින බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
මෙරට රුසියානු තානාපති ලෙවාන් එස්. දගාරියන් මහතා වෙත මෙම සිදුවීම පිළිබඳව සිය ශෝකය පළකර ලිපියක් යොමුකරමින් විමල් වීරවංශ මහතා මේ බව පවසා තිබේ.
අදාළ ලිපිය පහළින්...
ලෙවාන් එස්. දගාරියන් මැතිතුමා,
ගරු ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති,
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය,
404, බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.
ගරු තානාපතිතුමනි,
රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර ත්‍රස්තවාදීන් එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය තරයේ හෙළා දකිමු!
පසුගිය 22 වනදා ක්‍රොකස් සිටි හෝල් (Crocus City Hall) නම් මොස්කව් නගරයෙන් පිටත පිහිටි ප්‍රධානතම විනෝදාස්වාද සංකීර්ණයේ පැවැත්වෙමින් තිබුණු සංගීත සංදර්ශනයක් නරඹමින් සිටි රුසියානු ජනයා වෙත එල්ල කරන ලද ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
අධිරාජ්‍යවාදීන් ආර්ථික වශයෙන් අර්බූදයට ලක්වන සියලු අවස්ථාවලදීම ඉන් පියමං කිරීමට ඔවුන් සතුව තිබෙන අවසාන පිළිතුර ම්ලේච්ඡ යුද්ධය බව පළමු සහ දෙවන ලෝක යුද්ධ පමණක් නොව ඉන් පසුව මැදපෙරදිග කලාපය ඇතුළුව ලෝකයේ බොහෝ ප්‍රදේශවල නිර්මාණය කළ යුද ගැටුම්වලින් ද සනාථ කර තිබේ.
එසේ නමුදු වර්තමාන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මැතිතුමා ප්‍රමුඛ වත්මන් රුසියානු ආණ්ඩුව යුක්‍රේන භූමියේ සිට ක්‍රියාත්මක කරනු ලබන සාමූහික බටහිරයන්ගේ යුද්ධය සාර්ථකව මැඩලමින් පවතී. එතැනින් නොනැවතී ජනාධිපති පුටින් මැතිතුමාගේ සමස්ත ආර්ථික, දේශපාලනික සහ යුදමය වැඩපිළිවෙළ, පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත ඡන්දවලින් 87%කට වඩා රුසියානු ජනතාව අනුමත කිරීමම අමෙරිකානු අධිරාජ්‍යවාදීන් ප්‍රමුඛ සාමූහික බටහිරයන් තම පැවැත්ම කෙරෙහි බියෙන් සලිත වී ඇති බව තහවුරු වේ. ඒ අනුව රුසියානු ජනයාගෙන් පළිගැනීම පෙරදැරි කොට ගෙන මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාරවලට තම සහචරයන් මෙහෙයවීමට කටයුතු කර ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.
ලෝක දේශපාලනයේ ඒකධ්‍රැවීය බල කේන්ද්‍රයන් වෙනුවට බහුධ්‍රැවීය බල කේන්ද්‍රයන් පැන නැගීම පැහැදිලිව තිබෙන මේ මොහොතේදී එවැන්නක් මගින් සාමූහික බටහිරට සහ අධිරාජ්‍යවාදී අමෙරිකාවට තම පැවැත්ම පිළිබඳ අනතුර හොඳින්ම දැනී ඇති බව මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාර මගින් තව තවත් සනාථ කරනු ලබයි.
මේ මොහොතේදී රුසියානු ජාතිය දරා සිටින ශෝක භරිත හැඟීම ඔබලා සමඟ අප ද බෙදා හදා ගන්නා බව ප්‍රකාශ කරමින් අධිරාජ්‍යවාදී යුගය අවසන් කිරීමට ජනාධිපති පුටින් මැතිතුමා ගන්නා දැවැන්ත ප්‍රයත්නයට අපගේ ශක්තිය ද පුද කරන බව ප්‍රකාශ කරමු.
ස්තුතියි.
මෙයට විශ්වාසී,
විමල් වීරවංශ(පා. ම.),
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2024-03-24
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
