News Category
From Date
To Date
Maximum Number of Result

රාජපක්ෂලා පාර්ලිමේන්තු ගේන්න මැතිවරණයක් තියනවද?.. ණය ප්‍රතිව්‍යුහගත කරනවද? - තීන්දුවක් ගන්නැයි පාඨලී ජනපතිට කියයි

Mar 25, 2024 at 08:46 AM
|

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේ තීරණය කළ යුත්තේ රාජපක්ෂලා පස් දෙනෙකු පාර්ලිමේන්තු ගෙන එම සඳහා මැතිවරණයක් පවත්වනවාද නැතොත් ජූනි මාසයේ ණය ප්‍රතිව්‍යුහගත කර රට ස්ථාවර කරනවාද යන්න බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ ගම්පහ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.

එමෙන්ම තවදුරටත් පන්සල් වලට ගොස් නයි පෙන්නන වංචාවන් කර ගෞරවනීය බුද්ධ ශාසනය විකුණාගෙන කෑමෙන් වැලකි සිටින ලෙසත් මේ මොහොතේ පන්සල් වල පවතින දානය ලැබීමේ ගැටලු, විදුලිය ලබාගැනීමේ ගැටලු පිළිබඳව සොයා බැලිය යුතු බවත් චම්පික රණවක මහතා අවධාරණය කරයි. මහින්ද රාජපක්ෂ මහතා මේ මොහොතේ තව තවත් දේශපාලන සෙල්ලම් නොකර විශ්‍රාම යා යුතුයි. නැවත බල ලෝබයෙන් සිදුකරන වංචා සහගත ක්‍රියාවන් වලින් සිදුවන්නේ අහිංසක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් නැවත වතාවක් අපහසුතාවයට පත්වීම බව රණවක මහතා පවසයි.

මේ පිළිබඳව පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්;

“මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්න සියලු දෙනාගෙන්ම ඉල්ලා හිටිනවා බැසිල්ගේ ලණු විතරක් කන්න එපා. ඔය හදන්නේ වෙන මොකවත් නෙමෙයි. තමන්ගේ පස්දෙනාව පාර්ලිමේන්තු යවලා ඊළඟ ඡන්දෙන් පස්සේ ඔබලාට හොඳ ගුටිබැට පූජාවක් රටේ ජනතාවගෙන් ලබාදෙන්න.

රට බංකොලොත් කිරීමට වගකීම වගකිවයුතු මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂලා ඉන්න කිසිම දේශපාලනයකට එකතු වෙන්න එපා. බැසිල් මහත්තයාට කියන්න තියෙන්නේ, රාජපක්ෂ පවුල පහුගිය දශක දෙකේ රට නැටෙව්වා දැන් ඇති. ඒ නටවපු යුගය දැන් ඉවරයි.

ජනාධිපතිතුමාට අපි කියන්නේ, ඔබතුමා රටට පොරොන්දුවක් දුන්නා, ජූනි මාසේ වෙනකොට රටේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරලා, රට ස්ථාවර කරනවයි කියලා. ඒ පොරොන්දුව ඉටු කරන්න. රාජපක්ෂවරු පස්දෙනෙක් පාර්ලිමේන්තුවට ගේන විදියේ වැඩ නම් ඔබතුමා කරන්නේ ඔබතුමා මෙච්චර කාලයක් මේ කරගෙන ආව වැඩ වලත් එවැනි වංචනික තත්වයක් තියෙනවයි කියලා විශ්වාස කරන්න අපට සිද්ධ වෙනවා. ඊට පස්සේ ජනාධිපතිවරණය පවත්වන්න.හැබැයි බැසිල්ලගේ න්‍යාය පත්‍ර වලට රට ගෙනියන්න ඉඩ දෙන්න බෑ.

මේගොල්ලෝ එදා 2020 මොකද කිව්වේ? මට බලය දෙන්න, තුනෙන් දෙක දෙන්න රට හදන්න. දැන් පොත් ලියලා කියනවා තුනෙන් දෙක ගත්ත එක සාපයක් වුනාලු. තමන්ට බලය තියෙනකොට එක විදිහකුයි, තමන්ට බලය නැතිවෙනකොට තව විදියකුයි. බැසිල්ගේ විදේශීය පුරවැසිකම වෙනුවෙන් රටේ ව්‍යවස්ථාව වෙනස් කරපු රටක්නේ මේක.

දැන් ඔය සමහර ඈයෝ පොත් ලියනවා ඇමරිකන් කුමන්ත්‍රණය ගැන. ඇමරිකාවේ පුරවැසියෙක් රටේ ජනාධිපති කරන්න කඩේ ගිය අය, ඇමරිකාවේ පුරවැසියෙක්ව රටේ මුදල් ඇමති කරන්න ව්‍යවස්ථාව වෙනස් කරන්න අත උස්සපු අය ඇමරිකන් කුමන්ත්‍රණ ගැන කියනවා.

මේ රටේ ඉදිරි ගමන ගැන කැක්කුමක් තියෙන වංචා දූෂණ වලට හසු නොවිච්ච සෑම කෙනාටම අපි කියනවා මේ රට ගලවා ගැනීමේ පෙරමුණකට එකතු වෙමු. එකතු වෙලා මේ රට වෙනස් කරමු කියලා. ඒකට ඕනම කැපවීමක් කරන්න එක්සත් ජනරජ පෙරමුණ සූදානම්.”

මෙම ජන හමුවට එක්සත් ජනරජ පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය ය අජිත් අමරසිංහ, ජාතික සංවිධායක, වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක සහ ගම්පහ සම්බන්ධීකරණය සිදුකරන අමිල ප්‍රියන්ත යන මහත්වරුද සහභාගි වූහ.

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මුල්වරට තනිව තරඟකර පළාත් පාලන ආයතන 53කට තරගවැදී මන්ත්‍රී ධුර 26ක් දිනාගැනීමට ජාතික නිදහස් පෙරමුණට හැකි වූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.
කොටහේන වැනි සිදුවීම් මගින් පෙන්නවා දෙන්නේ සමාජයක් විදිහට අපි අසමත් බවත්, අප සියලු දෙනා මෙවැනි සිදුවීම් වලට වගකිවයුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට පැවසීය.
බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කොළඹ විද්‍යාලයක 10 වන වසරේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක් පාසල තුලදීම ගුරුවරයකු අතින් අපයෝජනයට ලක්ව පසුව තවත් ටියුෂන් ගුරුවරයකු විසින් ප්‍රසිද්ධියේ අපහසුතාවට ලක්වන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් සියදිවි නසාගන්නා ලද ශිෂ්‍යාව වෙනුවෙන් යුක්තිය ඉල්ලා කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණි.
අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබුණි.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.