රාජපක්ෂලා පාර්ලිමේන්තු ගේන්න මැතිවරණයක් තියනවද?.. ණය ප්‍රතිව්‍යුහගත කරනවද? - තීන්දුවක් ගන්නැයි පාඨලී ජනපතිට කියයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේ තීරණය කළ යුත්තේ රාජපක්ෂලා පස් දෙනෙකු පාර්ලිමේන්තු ගෙන එම සඳහා මැතිවරණයක් පවත්වනවාද නැතොත් ජූනි මාසයේ ණය ප්‍රතිව්‍යුහගත කර රට ස්ථාවර කරනවාද යන්න බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ මහතා මේ බව පවසා සිටියේ ගම්පහ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.
එමෙන්ම තවදුරටත් පන්සල් වලට ගොස් නයි පෙන්නන වංචාවන් කර ගෞරවනීය බුද්ධ ශාසනය විකුණාගෙන කෑමෙන් වැලකි සිටින ලෙසත් මේ මොහොතේ පන්සල් වල පවතින දානය ලැබීමේ ගැටලු, විදුලිය ලබාගැනීමේ ගැටලු පිළිබඳව සොයා බැලිය යුතු බවත් චම්පික රණවක මහතා අවධාරණය කරයි. මහින්ද රාජපක්ෂ මහතා මේ මොහොතේ තව තවත් දේශපාලන සෙල්ලම් නොකර විශ්‍රාම යා යුතුයි. නැවත බල ලෝබයෙන් සිදුකරන වංචා සහගත ක්‍රියාවන් වලින් සිදුවන්නේ අහිංසක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් නැවත වතාවක් අපහසුතාවයට පත්වීම බව රණවක මහතා පවසයි.
මේ පිළිබඳව පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්;
“මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්න සියලු දෙනාගෙන්ම ඉල්ලා හිටිනවා බැසිල්ගේ ලණු විතරක් කන්න එපා. ඔය හදන්නේ වෙන මොකවත් නෙමෙයි. තමන්ගේ පස්දෙනාව පාර්ලිමේන්තු යවලා ඊළඟ ඡන්දෙන් පස්සේ ඔබලාට හොඳ ගුටිබැට පූජාවක් රටේ ජනතාවගෙන් ලබාදෙන්න.
රට බංකොලොත් කිරීමට වගකීම වගකිවයුතු මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂලා ඉන්න කිසිම දේශපාලනයකට එකතු වෙන්න එපා. බැසිල් මහත්තයාට කියන්න තියෙන්නේ, රාජපක්ෂ පවුල පහුගිය දශක දෙකේ රට නැටෙව්වා දැන් ඇති. ඒ නටවපු යුගය දැන් ඉවරයි.
ජනාධිපතිතුමාට අපි කියන්නේ, ඔබතුමා රටට පොරොන්දුවක් දුන්නා, ජූනි මාසේ වෙනකොට රටේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරලා, රට ස්ථාවර කරනවයි කියලා. ඒ පොරොන්දුව ඉටු කරන්න. රාජපක්ෂවරු පස්දෙනෙක් පාර්ලිමේන්තුවට ගේන විදියේ වැඩ නම් ඔබතුමා කරන්නේ ඔබතුමා මෙච්චර කාලයක් මේ කරගෙන ආව වැඩ වලත් එවැනි වංචනික තත්වයක් තියෙනවයි කියලා විශ්වාස කරන්න අපට සිද්ධ වෙනවා. ඊට පස්සේ ජනාධිපතිවරණය පවත්වන්න.හැබැයි බැසිල්ලගේ න්‍යාය පත්‍ර වලට රට ගෙනියන්න ඉඩ දෙන්න බෑ.
මේගොල්ලෝ එදා 2020 මොකද කිව්වේ? මට බලය දෙන්න, තුනෙන් දෙක දෙන්න රට හදන්න. දැන් පොත් ලියලා කියනවා තුනෙන් දෙක ගත්ත එක සාපයක් වුනාලු. තමන්ට බලය තියෙනකොට එක විදිහකුයි, තමන්ට බලය නැතිවෙනකොට තව විදියකුයි. බැසිල්ගේ විදේශීය පුරවැසිකම වෙනුවෙන් රටේ ව්‍යවස්ථාව වෙනස් කරපු රටක්නේ මේක.
දැන් ඔය සමහර ඈයෝ පොත් ලියනවා ඇමරිකන් කුමන්ත්‍රණය ගැන. ඇමරිකාවේ පුරවැසියෙක් රටේ ජනාධිපති කරන්න කඩේ ගිය අය, ඇමරිකාවේ පුරවැසියෙක්ව රටේ මුදල් ඇමති කරන්න ව්‍යවස්ථාව වෙනස් කරන්න අත උස්සපු අය ඇමරිකන් කුමන්ත්‍රණ ගැන කියනවා.
මේ රටේ ඉදිරි ගමන ගැන කැක්කුමක් තියෙන වංචා දූෂණ වලට හසු නොවිච්ච සෑම කෙනාටම අපි කියනවා මේ රට ගලවා ගැනීමේ පෙරමුණකට එකතු වෙමු. එකතු වෙලා මේ රට වෙනස් කරමු කියලා. ඒකට ඕනම කැපවීමක් කරන්න එක්සත් ජනරජ පෙරමුණ සූදානම්.”
මෙම ජන හමුවට එක්සත් ජනරජ පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය ය අජිත් අමරසිංහ, ජාතික සංවිධායක, වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක සහ ගම්පහ සම්බන්ධීකරණය සිදුකරන අමිල ප්‍රියන්ත යන මහත්වරුද සහභාගි වූහ.
ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්