
ගෝඨාභය තමයි ලංකා ඉතිහාසයේ ලොකුම පාවාදීම කළේ – උදය ගම්මන්පිල
පුද්ගලාභිවන්දන යුගය අවසන් කර ඒ වෙනුවට වැඩපිළිවෙළක්, ප්‍රතිපත්තියක් රජ කරවන යුගයක් අරඹන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ උත්තර ලංකා සභාව විසින් මහරගම තරුණ සේවා සභා ශාලාවේදී පවත්වන ලද ජන සමුළුවක් අමතමිනි.
“77න් ඇරැඹි පරාධීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව්!” යන තේමාව යටතේ පැවැති මෙම ජන සමුළුව අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක් වීය.
"දැන් ඔන්න සිරිසේන ජනාධිපතිවරයා කියනවා පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා මම දන්නවා, අධිකරණය නියෝග කළොත් තොරතුරු හෙළි කරනවා කියලා. දයාසිරි ජයසේකර මැතිතුමනි, ඩාර්ලි පාරට ගිහින් නායකත්වය භාර ගන්න දැන් ලැහැස්ති වෙන්න.
සිරිසේන මහත්තයා ගෙදර යවලා සෞභාග්‍ය ඇති කන්න කියලා ගෝඨාභය මහත්තයා ගෙනාවා. එයාගේ අතීත ප්‍රගති වාර්තාව හොඳ නිසා ඇත්තටම සෞභාග්‍ය ගෙනේවි කියලා ලක්ෂ 69ක් ජනතාව හිතුවා. අන්තිමට මොකද වුණේ? එයා ඇමෙරිකානුවෝ දෙන්නෙකුට යට වුණා. එයා රට පාලනය කළේ ලක්ෂ 69 සිතුම් පැතුම් ඉටුකරන්න නොවේ. බැසිල් රාජපක්ෂ, ජූලියා චං කියන ඇමෙරිකානුවන් දෙන්නාගේ සිතුම් පැතුම් ඉටු කරන්න.
ගෝඨාභය රාජපක්ෂ තමයි ලංකා ඉතිහාසයේ ලොකුම පාවාදීම කළේ. අපි පසුගිය වසර 30ක් දේශපාලනය කළේ රනිල්ට විරුද්ධව. අපි ඒකාබද්ධ විපක්ෂය හැදුවේ රනිල් එළවන්න. අපි ගෝඨාභය ඡන්දයට දැම්මේ රනිල් එළවන්න. ලක්ෂ 69ක් ජනතාව
ගෝඨාභයට ඡන්දය දුන්නේ රනිල් එළවන්න. එයාට බැරි නම් එයා ගෙදර ගියාට අපට කමක් නෑ. නමුත් අපේ ප්‍රධානම සතුරා රනිල්. අපි මහන්සියෙන් එළවාගත්ත රනිල්ට ආණ්ඩුවේ නායකත්වය භාරදීම තරම් පාවාදීමක් ලංකා ඉතිහාසයේ කවදාවත් වෙලා නෑ.
මෙම ජන සමුළුව අමතා උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛi ජී. වීරසිංහ, උත්තර ලංකා සභාගයේ අනුශාසක, විජයධරණී ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, උත්තර ලංකා සභාගයේ විධායක සභික, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී. තිලකසිරි යන දේශපාලන පක්ෂ නායකයෝ ද අදහස් දැක්වූහ.
මානුෂීය ජනතා සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, දයාසිරි ජයසේකර, නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ඩලස් අලහප්පෙරුම, “දූෂණය නවතමු! මව්බිම ගොඩගමු!” සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ යන මහත්වරු ද මෙම විශේෂ සමුළුවට සුබ පැතුම් එක් කළහ.
සබගරමුව විශ්ව විද්‍යාලයේ කුලපති, මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද ජාතික සංවිධාන සහ බහුජන සංවිධාන නියෝජනය කරමින් කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිනිය ක්ෂණිකා හිරිඹුරේගම, නීතිඥ කල්‍යානන්ද තිරාණගම ඇතුළු විද්වත් වෘත්තිකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.ෙ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
