ගෝඨාභය තමයි ලංකා ඉතිහාසයේ ලොකුම පාවාදීම කළේ – උදය ගම්මන්පිල
පුද්ගලාභිවන්දන යුගය අවසන් කර ඒ වෙනුවට වැඩපිළිවෙළක්, ප්‍රතිපත්තියක් රජ කරවන යුගයක් අරඹන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ උත්තර ලංකා සභාව විසින් මහරගම තරුණ සේවා සභා ශාලාවේදී පවත්වන ලද ජන සමුළුවක් අමතමිනි.
“77න් ඇරැඹි පරාධීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව්!” යන තේමාව යටතේ පැවැති මෙම ජන සමුළුව අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක් වීය.
"දැන් ඔන්න සිරිසේන ජනාධිපතිවරයා කියනවා පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා මම දන්නවා, අධිකරණය නියෝග කළොත් තොරතුරු හෙළි කරනවා කියලා. දයාසිරි ජයසේකර මැතිතුමනි, ඩාර්ලි පාරට ගිහින් නායකත්වය භාර ගන්න දැන් ලැහැස්ති වෙන්න.
සිරිසේන මහත්තයා ගෙදර යවලා සෞභාග්‍ය ඇති කන්න කියලා ගෝඨාභය මහත්තයා ගෙනාවා. එයාගේ අතීත ප්‍රගති වාර්තාව හොඳ නිසා ඇත්තටම සෞභාග්‍ය ගෙනේවි කියලා ලක්ෂ 69ක් ජනතාව හිතුවා. අන්තිමට මොකද වුණේ? එයා ඇමෙරිකානුවෝ දෙන්නෙකුට යට වුණා. එයා රට පාලනය කළේ ලක්ෂ 69 සිතුම් පැතුම් ඉටුකරන්න නොවේ. බැසිල් රාජපක්ෂ, ජූලියා චං කියන ඇමෙරිකානුවන් දෙන්නාගේ සිතුම් පැතුම් ඉටු කරන්න.
ගෝඨාභය රාජපක්ෂ තමයි ලංකා ඉතිහාසයේ ලොකුම පාවාදීම කළේ. අපි පසුගිය වසර 30ක් දේශපාලනය කළේ රනිල්ට විරුද්ධව. අපි ඒකාබද්ධ විපක්ෂය හැදුවේ රනිල් එළවන්න. අපි ගෝඨාභය ඡන්දයට දැම්මේ රනිල් එළවන්න. ලක්ෂ 69ක් ජනතාව
ගෝඨාභයට ඡන්දය දුන්නේ රනිල් එළවන්න. එයාට බැරි නම් එයා ගෙදර ගියාට අපට කමක් නෑ. නමුත් අපේ ප්‍රධානම සතුරා රනිල්. අපි මහන්සියෙන් එළවාගත්ත රනිල්ට ආණ්ඩුවේ නායකත්වය භාරදීම තරම් පාවාදීමක් ලංකා ඉතිහාසයේ කවදාවත් වෙලා නෑ.
මෙම ජන සමුළුව අමතා උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛi ජී. වීරසිංහ, උත්තර ලංකා සභාගයේ අනුශාසක, විජයධරණී ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, උත්තර ලංකා සභාගයේ විධායක සභික, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී. තිලකසිරි යන දේශපාලන පක්ෂ නායකයෝ ද අදහස් දැක්වූහ.
මානුෂීය ජනතා සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, දයාසිරි ජයසේකර, නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ඩලස් අලහප්පෙරුම, “දූෂණය නවතමු! මව්බිම ගොඩගමු!” සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ යන මහත්වරු ද මෙම විශේෂ සමුළුවට සුබ පැතුම් එක් කළහ.
සබගරමුව විශ්ව විද්‍යාලයේ කුලපති, මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද ජාතික සංවිධාන සහ බහුජන සංවිධාන නියෝජනය කරමින් කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිනිය ක්ෂණිකා හිරිඹුරේගම, නීතිඥ කල්‍යානන්ද තිරාණගම ඇතුළු විද්වත් වෘත්තිකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.ෙ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්