News Category
From Date
To Date
Maximum Number of Result

රුසියානු වැසියන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහරායට වගකිව යුතු සියළු දෙනාට දඬුවම් කරනවා- රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින්

Mar 24, 2024 at 09:08 AM
|


ක්‍රොකස් සිටි හෝල්හි සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් වෙත එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුව පළමු වරට ජාතිය ඇමතූ පුටින් පවසා සිටියේ ම්ලේච්ඡ ප්‍රහාරයට වග කිව යුතු සියළු දෙනාට දැඩි දඬුවම් පමුණුවන බවයි. ප්‍රහාරයෙන් පසුව තුවාලකරුවන් බේරා ගැනීම මැදිහත් වූ සහන සේවකයන් ඇතුළු ප්‍රතිචාර දැක්වූ සියලු නිළධාරින්ට, නීතිය ක්‍රියාත්මක කරන අංශවල නිළධාරින්ට සහ ප්‍රහාරයට ගොදුරු වූවන්ට උපකාර කළ සාමාන්‍ය පුරවැසියන්ට පුටින් සිය කෘතඥතාව පළ කළේය. එලෙසම මෙවැනි ප්‍රහාර ඉදිරියේදී එල්ල වීම වැලැක්වීම කෙරෙහි අවධානය යොමු කරන බවත් ත්‍රස්ථවාදීන් මෙවැනිම ප්‍රයත්නයන් ඉදිරියේදීද ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමට උත්සහා ගනු ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

"මොස්කව් සහ මොස්කව් කලාපයේ මෙන්ම රටේ සෑම ප්‍රදේශයකම,  ත්‍රස්ත-විරෝධී සහ කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ග වලක්වාලීමේ අතිරේක ක්‍රියාමාර්ග හඳුන්වා දී ඇත," ඔහු නිවේදනය කළේය, "දැන් ඇති ප්‍රධාන කාර්යය නම් මෙම ලේ වැගිරීම පිටුපස සිටින අය නැවැත එවැනි ප්‍රහාරයක් එල්ල කිරීම වැලැක්වීමයි." යනුවෙන් 22 වනදා රාත්‍රියේ එල්ල කළ ප්‍රහාරය පිටුපස සිටින සියලුම කුමන්ත්‍රණකරුවන්ට දඬුවම් කරන බවට සපථ කරමින් පුටින් සඳහන් කළේය. මේ වන විට වෙඩි තැබීමට සෘජුවම සහභාගී වූ අපරාධකරුවන් හතර දෙනෙකු ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු රඳවාගෙන ඇති බවද ඔහු අනාවරණය කළේය. ප්‍රහාරකයින් යුක්රේනය දෙසට පලා යමින් සිටියදී අල්ලා ගන්නා ලද බවත් මූලික දත්ත වලට අනුව, යුක්රේන පෙදෙසේ දේශසීමා තරණය කිරීමට කවුළුවක් සූදානම් කර තිබූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.



“මෙම අපරාධය පිටුපස සිටින සියලුම අපරාධකරුවන්, සංවිධායකයින් සහ මහ මොළකරුවන්ට සාධාරණ හා නොවැළැක්විය හැකි දඬුවම් ලැබෙනු ඇත.මම නැවත අවධාරණය කරනවා, රුසියාවට එල්ල කරන ලද මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන් වුවද, ඔවුන්ට මඟ පෙන්වන්නා කවුරුන් වුවද , රුසියානු ජනතාවට එරෙහිව එල්ල කළ ත්‍රස්තවාදීන් පිටුපස සිටින සියලු දෙනා හඳුනාගෙන දඬුවම් කරනවා.”ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.



මේ අතර මොස්කව් ප්‍රසංග ශාලාවට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 133 දක්වා ඉහළ ගොස් ඇතැයි රුසියානු බළධාරිහු ඊයේ(23) ප්‍රකාශ කළේය. ප්‍රහාරකයින් විසින් ඇති කරන ලද දැවැන්ත ගින්නකින් අර්ධ වශයෙන් විනාශ වූ ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ හදිසි සේවා තවදුරටත් ක්‍රියාත්මක බව රුසියානු රජය ප්‍රකාශ කළේය.

ප්‍රසංග ශාලාවට සිදු කර ඇති විනාශයේ පරිමාණය අනුව මිය ගිය හ තුවාල ලැබූවන්ගේ අගය මීටත් වඩා ඉහළ යාහැකි බව වගකිවයුතු අංශ සැක පල කරති..

පසුගිය 22 වනදා සූදනම් කර තිබූ රොක් ප්‍රසංගය ආරම්භ කිරීමට  මොහොතකට පෙර පෙර ප්‍රහාරක රයිෆල්වලින් සන්නද්ධව සිටි සැකකරුවන් අඩුම තරමින් හතර දෙනෙකුවත් එම ස්ථානයට කඩා වැදුණි. ප්‍රහාරකයින් ප්‍රසංග ශාලාවට ඇතුළු වූ  සිවිල් වැසියන්ට වෙඩි තබා ශාලාව ගිනි තැබූහ.

ප්‍රහාරයෙන් පසු සැකකරුවන් එම ස්ථානයෙන් පලා ගිය නමුත් රුසියානු නීතිය ක්‍රියාත්මක කරන්නන් විසින් බ්‍රයන්ස්ක් ප්‍රදේශයේ දේශ සීමාව අසලදී ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලදහ. මූලික සොයාගැනීම්වලට අනුව, ප්‍රහාරකයින් යුක්රේනයට පලා යාමට උත්සාහ කර ඇත.


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මුල්වරට තනිව තරඟකර පළාත් පාලන ආයතන 53කට තරගවැදී මන්ත්‍රී ධුර 26ක් දිනාගැනීමට ජාතික නිදහස් පෙරමුණට හැකි වූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.
කොටහේන වැනි සිදුවීම් මගින් පෙන්නවා දෙන්නේ සමාජයක් විදිහට අපි අසමත් බවත්, අප සියලු දෙනා මෙවැනි සිදුවීම් වලට වගකිවයුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට පැවසීය.
බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කොළඹ විද්‍යාලයක 10 වන වසරේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක් පාසල තුලදීම ගුරුවරයකු අතින් අපයෝජනයට ලක්ව පසුව තවත් ටියුෂන් ගුරුවරයකු විසින් ප්‍රසිද්ධියේ අපහසුතාවට ලක්වන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් සියදිවි නසාගන්නා ලද ශිෂ්‍යාව වෙනුවෙන් යුක්තිය ඉල්ලා කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණි.
අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබුණි.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.