
මෛත්‍රීගේ පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශය රට ඉදිරියේ ඇති බිහිසුනු අණපනත් ගැන ජනතාවගේ අවධානය වෙනතකට යොමුකිරීමේ කූඨ ව්‍යාපාරයේ තවත් එක් උත්සාහයක් - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් පිළිබඳව ඔහුගේ දැනුවත් භාවය පිළිබඳව කළ ප්‍රකාශය පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පැවසුවේ එය රට ඉදිරියේ වත්මනේ පවතින බිහිසුණු අණපනත් පිළිබඳව ඇති අවධානය වෙනතකට යොමු කිරීමේ කූඨ ව්‍යාපාරයේ තවත් උත්සාහයක් විය හැකි බවයි.
ඒ පිළිබඳව ඔහු කළ සම්පූර්ණ ප්‍රකාශය පහත පළවේ.
"පාස්කු ප්‍රහාරය සිදුවෙන දින වකවානු සහ සහභාගී වෙන්නන් පිළිබඳව පෙර දැනුම්දීම් 92 ක් ලැබී තිබුනත් ඒවා කිසි දෙයක් පිළිබඳව නිසි අවධානය යොමු නොකරමින් ප්‍රහාරය සිදුවෙන අවස්ථාවේත් රටින් බැහැරව සිටි ජනාධිපති තුමා එතුමා බැවින් එතුමාට ඒ පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුයි. එබැවින් එවන් ප්‍රකාශයක් එතුමා කරන්නට යෙදුනි කියා තමයි හැඟවෙන්නෙ. එතනදී මතුවෙන අනෙක් ප්‍රශ්න වලින් ගැලවීම සඳහා එතුමා දැන් කතාව මදක් වෙනස්කර පවසන බවයි පෙනෙන්නෙ. මෙයින් එතුමා අයාලේ යන ප්‍රකාශ කරන්නෙක් බවට නැවතත් තහවුරු කර තියෙනව. ඒ කෙසේ වුවද අනිවාර්යයෙන්ම මේ පිළිබඳව ඉහළම තත්ත්වයේ පරීක්ෂණයක් සිදුකළ යුතුයි. එසේම ඔහු දන්නා තොරතුරු එතුමා පවසන ආකාරයට විනිසුරුවරුන් කිහිප දෙනෙකුගේ දැන ගැනීමට පමණක් නොව, විශේෂයෙන්ම වින්දිතයින්ගේ පවුල් වලට ඒ පිළිබඳව දැනගැනීමේ නීත්‍යානුකූල අයිතියක් තිබෙනව. පොදුවේ සමස්ත ජනතාවටම එම තොරතුරු දැන ගැනීමේ සැබෑ අවශ්‍යතාවයක් පවතිනවා. මේ කරුණු හෙලිකලහොත් එතුමාට සහ එතුමාගේ පව්ලේ අයට එල්ලවෙන තර්ජන පිළිබඳව එතුමට හිතන්න තිබුනෙ එවන් ප්‍රකාශයක් කිරීමට පෙරයි. එතුමාට භාගෙට ප්‍රකාශ කරල ව්‍යාකූලත්වයක් නිර්මාණය කරල පසෙකටව බලං ඉන්න ඉඩ දිය නොහැකියි. කෙසේ වුවද සැබෑ මහමොළකරුවන්ගෙන් එවන් තර්ජනයක් පැමිණෙනේනම් එතුමාට සහ එතුමාගේ පව්ලේ අයට අවශ්‍ය ආරක්ෂාව සපයා එවන් ත්‍රස්ථ ප්‍රහාරද මැඩලීම රජයේ කාර්‍යයක්. එසේ තර්ජනය කරන්නේ යැයි සැක කරන්නේ කවුරුද කියාද එතුමා හෙළිකල යුතුයි.
මෙම ප්‍රකාශය පිළිබඳව පාරදෘශ්‍ය පරීක්ෂණයක් සිදු නොකළහොත් සිදුවන්නේ දැනටමත් පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් පිළිබඳව පවතින අවිශ්වාසය සහ අවිනිශ්චිත භාවය තවත් තීව්ර වීමයි. මෙය දැන්ම කඩිනම්ව නොවිසඳුවහොත් එයද අනාගතයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පාවාදීම පිළිබඳව මෑතකදී මතුකර ඇති මතය හා සමානව ආන්දෝලනාත්මක පැනයක් වෙනු ඇති.
අනෙක් අතට රජය හා සිරිසේන මහතා මේ පිළිබඳව සාධාරණ හා පාරිදෘෂ්‍ය පරීක්ෂණයක් නොකරන්නේනම් හා ඒ සඳහා ඉදිරිපත් නොවන්නේනම් ඊට හේතුවිය හැක්කේ ඉදිරියේ ගෙන ඒමට නියමිත භයානක අණපනත් වලින් ජනතාවගේ අවධානය මග හරවනු වස් දෙපාර්ශවයම එකතුව කරනු ලබන උප්පර වැට්ටියක් විය හැකි බවයි.
එබැවින් මෙම මහමොළකරු කතාව තවත් රට නොමග යවන නිසොල්ලාසයක් නොවීමට නම් රජය මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් වහා සිදුකළ යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
