
ලිංගික හැසිරීම් අවුරුදු 14ට අඩුකරන දණ්ඩනීති සංග්‍රහයේ සංශෝධනය වහා අත්හිටුවන්න - සුදර්ශනී විජේදාසගෙන් ඉල්ලයි
දණ්ඩනීති සංග්‍රහයේ 19 පරිච්ඡේදයට ගෙන ඒමට නියමිත සංශෝධන වහා අත්හිටුවන්න ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන පරිච්ජේදය සංශෝධනය කිරීම සඳහා 2024 පෙබරවාරි 09 වැනි දින ගැසට් කොට ඇති පනත් කෙටුම්පත වහා අත්හිටුවන්නැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.
1995 වසරේදී දණ්ඩනීති සංග්‍රහයට සිදු කරන ලද සංශෝධනයන්ට අනුව මෙරට අවුරුදු 16කට අඩු දැරිවියක් ස්ව කැමැත්තෙන් ලිංගික සම්බන්ධතා පැවැත්වුවද, එය ස්ත්‍රී දූෂණයක් යටතට ගැනෙන අතර අධිකරණ අමාත්‍යවරයා විසින් දණ්ඩනීති සංග්‍රහයට ගෙන ඒමට යෝජිත සංශෝධනය මගින් එම වයස් සීමාව අවුරුදු 14 දක්වා පහත දැමීමට නියමිතය.
එනිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිවරිය වශයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 364 වගන්තියට යෝජිත සංශෝධනය පිළිබඳව තම දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බව සඳහන් කරන සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රීනි (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දන්වා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
