News Category
From Date
To Date
Maximum Number of Result

මොස්කව් ප්‍රසංග ශාලාවේ ප්‍රසංගයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය- මෙතෙක් හෙළිවූ දේ

Mar 23, 2024 at 09:53 AM
|


ඊයේ(22) රාත්‍රියේ රුසියාව සිය නූතන ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරයට ගොදුරු විය. මොස්කව් නගරයට මදක් ඔබ්බෙන් පිහිටි ක්‍රොකස් සිටි හෝල් (Crocus City Hall) නම් මොස්කව් නගරයෙන් පිටත පිහිටි ප්‍රධානතම විනෝදාස්වාද සංකීර්ණය මෙම ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු විය. ශාලාවේ පැවැත්වෙමින් තිබූ සංගීත සංදර්ශනයකට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් විසින් අවම වශයෙන් පුද්ගලයන් 60 දෙනෙකු පමණ වෙඩි තබා ඝාතනය කළ  අතර තවත් විශාල පිරිසකට තුවාල සිදු කළහ .


අප මෙ සටහන තබන මේ මොහොත වන විටත් රුසියානු බළධාරින් ප්‍රහාරය සම්බන්ධ තොරතුරු අධ්‍යනය කරමින් සිටින අතර ඔවුහු මෙතෙක් අනාවරණය කළ කරුණු වලට අනුව ප්‍රහාරය හොඳින් සැලසුම් කර ඇති බවත් ජීවිත හානි උපරිමව සිදු කිරීමට සැලසුම් කර ඇති බව දකින්නට ලැබෙන බවත් පවසයි.

 ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වූ කරුණු පහත පරිදි වේ.

ප්‍රහාරය එල්ල කළේ ජනයා විශාල ලෙස ගැවසෙන ස්ථානයක් වන "ක්‍රොකස් සිටි හෝල්" නම් විනෝදාස්වාද සංකීර්ණයකටය. එය රුසියානු අගනුවරට බටහිර ප්‍රදේශයේ පිහිටි තදාසන්න ප්‍රදේශයක පිහිටි ජනාවාසයක් වන ක්‍රස්නොගෝර්ස්ක් හි පිහිටි ප්‍රසංග මධ්‍ය්ස්ථානයකි. එම විනෝදාස්වාද සංකීර්ණය 2009 දී විවෘත කරන ලද අතර එයට සාප්පු සංකීර්ණයක් සහ හෝටලයක් ද ඇතුළත් වේ.

ප්‍රසංග ශාලාව 7,500 ක් පමණ පිරිසිකට සහභාගි විය හැකි ලෙස නිර්මාණය කර ඇති අතර ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ප්‍රහාරය දියත් කරන විට ශාලාව සම්පූර්ණයෙන්ම පාහේ පිරී තිබුණි.රුසියාවේ ජනප්‍රිය රොක් සංගීත කණ්ඩායමක් වන පික්නික් තම සංගීත ප්‍රසංගය ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටියහ.

වෙඩි ප්‍රහාරය එල්ල කිරීම

අන්තර්ජාලයේ මේ වන විට සංසරණය වන වීඩියෝ දර්ශනවලට අනුව ප්‍රහාරය සඳහා තුවක්කුකරුවන් පස් දෙනෙකු පමණ සහභාගී වී ඇත. ඔවුන් සතුව ස්වයංක්‍රීය ගිනි අවි මෙන්ම වෙනත් හමුදා ආම්පන්න තිබූ බවත් පෙනී යයි.

ත්‍රස්තවාදීන් ප්‍රසංග ශාලාවේ ප්‍රධාන දොරටුව අසලදී නිරායුධව සිටි ආරක්‍ෂක භටයන් මරා දමා ශාලාව තුළ  ඔවුන්ගේ ප්‍රචණ්ඩ මෙහෙයුම කරගෙන යාමට පෙර දොරටු අවහිර කර ඇති බව වාර්තා වේ.

සංකීර්ණය ගිණි ගැනීම

ත්‍රස්තවාදීන් ප්‍රසංග ශාලාවට ඇතුළු වූ පසු  ශාලාවේ තිබූ ආසන ගිනි තබා ඇති බව වාර්තා වේ. ගිනි නිවන භටයින් ගින්න මැඩපැවැත්වීමට පැමිණීමට පෙර ගින්න ගොඩනැගිල්ල පුරා පැතිරී වහලය දක්වාම  පැතිර තිබුණි. ප්‍රහාරයෙන් පසු හෙලිකොප්ටර් යානා යොදාගෙන විශාල ජල ප්‍රමාණයක් ගොඩනැගිල්ල මතට වත් කරනු දක්නට ලැබිණි.

මරණ දුසිම් ගණනක්

රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) ප්‍රහාරයෙන් මූලික වශයෙන් මරණ 40 ක් පමණ සිදු වී ඇතැයි ගණන් බලා ඇති අතර 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද අනාවරණය කළේය. තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවම වශයෙන් ගිලන්රථ 70 ක් එම ස්ථානයට යවා ඇතැයි මොස්කව් සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.

මොස්කව් කලාපයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද තුවාලකරුවන්ගේ නම් ලැයිස්තුවේ 140 කට වඩා සිටින අතර ඒවායින් සමහර අය තවමත් නමින් හඳුනාගෙන නොමැත. තුවාලකරුවන්ගෙන් බොහෝ පිරිසක් බරපතල තත්ත්වයේ පසුවන බව පැවසේ. තුවාල සිදු වූ ලැයිස්තුවේ සිටින අය අතර දරු දැරිය හය දෙනෙකුද ඇතැයි පැවසේ. 

ඝාතකයන්ගේ ඉරණම

වෙඩි තැබීමෙන් පසු රුසියාවේ නීතිය බලාත්මක කරන අංශ විසින් කිසිදු අත්අඩංගුවට ගැනීමක් කර ඇතැයි වාර්තා වී  නැත. කමාන්ඩෝ ඒකක එම ස්ථානයට යවා ඇති නමුත් ඔවුන් ශාලාව තුළ සිටි ප්‍රහාරකයන්ට මුහුණ දුන්නේද යන්න බළධාරින් මෙතෙක් පැහැදිලිව අනාවරණය කර නැත. එහෙත් මෙතෙක් තහවුරු නොකළ  මාධ්‍ය වාර්තා පැවසුවේ ක්‍රොකස් සිටි හෝල් හි සේවයේ නියතු සේවකයින් කිහිප දෙනෙකු ආරක්ෂක අංශ රඳවාගෙන ඇති බවයි.

ප්‍රහාරයේ වගකීම කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක් මෙතෙක් භාරගෙන නැත

යුක්රේන  ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ සහායකයෙකු වන යුක්‍රේන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මිහායිල් පොඩොලියැක් විසින් "ක්‍රොකස් සිටි හෝල්" ප්‍රහාර සම්බන්ධ ප්‍රවෘත්තිය ප්‍රකාශ කිරීමෙන් සුළු මොහොතකට පසු සමාජ මාධ්‍යවලට වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කළේය. රුසියාවට එරෙහි සටනේදී කියෙව් ත්‍රස්තවාදී  ක්‍රියාවන්ට යොමු නොවන බව පවසමින් සෙලෙන්ස්කිගේ ආණ්ඩුව ප්‍රහාරය සම්බන්ධ වි ඇතැයි යන සැකයෙන් ඔවුහු නිදහස් කළහ.

ජාත්‍යන්තර ප්‍රතිචාර

රුසියාව මිත්‍රශීලී නොවන බව සලකන ජාත්‍යන්තර සංවිධාන සහ විදේශීය රජයන් ත්‍රස්ත ප්‍රහාරය හෙළා දැක තිබීම විශෙෂත්වයකි. ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක සන්නිවේදන උපදේශක ජෝන් කර්බි, සිද්ධියෙන් සුළු මොහොතකට පසු ප්‍රකාශයක් කරමින් සිද්ධිය වූ  "ක්‍රොකස් සිටි හෝල්" හි ඡායාරූප සහ දර්ශන "නැරඹීමට අපහසු" යැයි පැවසීය. "අපගේ සිතුවිලි පැහැදිලිවම මෙම බිහිසුණු ප්‍රහාරයේ වින්දිතයන් සමඟයි. මෙය  බිහිසුණු වෙඩි ප්‍රහාරයක්.” කර්බි අවධාරණය කළේය.

මාර්තු මාසයේ කළ ආරක්ෂක අනතුරු ඇඟවීම්

මේ මස මුලදී, එක්සත් ජනපදය රුසියාවේ සිටින තම පුරවැසියන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කරමින්, පොදු ස්ථාන සහ මහජන රැස්වීම්වලින් වළකින ලෙස ඉල්ලා සිටියේය. තානාපති කාර්යාලය කියා සිටියේ "අන්තවාදීන්" මොස්කව්හි නුදුරේදීම ප්‍රහාරයක් සඳහා  සැලසුම් සකස් කර ඇති බවයි. ඔවුන් අනුගමනය කරමින් තවත් තානාපති කාර්යාල කිහිපයක් ද එවැනිම අනතුරු ඇඟවීම් නිකුත් කළහ.

කෙසේ වුවද ඊයේ සිදු කළ ප්‍රහාරය සම්බන්ධයෙන් වොෂින්ටනයට "පෙර අවබෝධයක්" නොතිබූ බව ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක සන්නිවේදන උපදේශක ජෝන් කර්බි අවධාරණය කළේය.

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මුල්වරට තනිව තරඟකර පළාත් පාලන ආයතන 53කට තරගවැදී මන්ත්‍රී ධුර 26ක් දිනාගැනීමට ජාතික නිදහස් පෙරමුණට හැකි වූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.
කොටහේන වැනි සිදුවීම් මගින් පෙන්නවා දෙන්නේ සමාජයක් විදිහට අපි අසමත් බවත්, අප සියලු දෙනා මෙවැනි සිදුවීම් වලට වගකිවයුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට පැවසීය.
බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කොළඹ විද්‍යාලයක 10 වන වසරේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක් පාසල තුලදීම ගුරුවරයකු අතින් අපයෝජනයට ලක්ව පසුව තවත් ටියුෂන් ගුරුවරයකු විසින් ප්‍රසිද්ධියේ අපහසුතාවට ලක්වන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් සියදිවි නසාගන්නා ලද ශිෂ්‍යාව වෙනුවෙන් යුක්තිය ඉල්ලා කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණි.
අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබුණි.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.