
ඉන්දියාවේ ඇති නැති පරතරය එළියට... ජනගහණයෙන් 1% ක් සියලු වත්කම්වලින් 40%ක් ඩැහැගෙන
ඉන්දියාවේ ජනගහණයෙන් 1%ක් පමණ වන එහි ධනවත්ම කොටස සමස්ත ඉන්දියාවේ වත්කමෙන් 40%ක් අත්පත් කරගෙන සිටින බව අධ්‍යයනයකින් හෙළි වී ඇති බව වාර්තා වේ.
මිලියන 1,428ක් පමණ වන ඉන්දීය ජනගහණයෙන් එහි ධනවත්ම කොටස මිලියන 9.2 ඉක්මවන්නේ නැති බවත්, ඔවුන් ඉන්දියාවේ සමස්ත ආදායමෙන් 22.6%ක් උපයන බවත්, වත්කම්වලින් 40%ක් හිමිකරගෙන සිටින බවත් මෙම අධ්‍යයනයෙන් අනාවරණය වේ.
සුප්‍රකට ආර්ථික විද්‍යාඥයන් පිරිසක් විසින් මෙම අධ්‍යාපනය සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
වත්කම්වල අසමාන බෙදීම් පිළිබඳ විශේෂඥයෙකු වන තෝමස් පිකෙටි ද එම කණ්ඩායමට ඇතුළත් වේ.
ඔවුන් සිදුකළ අධ්‍යයනයෙන් අනාවරණය වන්නේ 1920 ගණන්වල සිට ඉන්දියාවේ ආදායම් සහ වත්කම් බෙදීයාමේ අසමානත්වය දක්නට ලැබෙන බවය.
මෙම අසමානත්වය 1990 දශකයේ ආරම්භයේදී නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තිය හඳුන්වා දීමත් සමග ඉහළ ගොස් ඇති බව පෙනී ගොස් ඇති කරුණකි.
එහෙත් 2014 සිට 2023 දක්වා කාලසීමාවලදී ඉන්දියාවේ වත්කම් කේන්ද්‍ර ගතවීමේ අසමානත්වය උපරිම මට්ටමට පැමිණ ඇති බව අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත.
ඒ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා බලයට පැමිණීමත් සමග ඉන්දියාවේ ‘බිලියනයර්ස්‘ නැත්නම් ප්‍රකෝටිපතියන් පංතියක් බිහිවීමත් සමගය.
මුකේෂ් අම්බානි සහ ගෞතම් අදානි වැනි එවැනි ප්‍රකෝටිපතියන්ට ඉන්දීය රජයේ කොන්ත්‍රාත් ලබාදීමේදී ප්‍රමුඛත්වය ලබාදුන් බවට ද චෝදනා එල්ල වේ.
මේ අනුව අගමැති මෝදිගේ පාලන කාලය ඉන්දියාවේ ඇති නැති පරතරය ඉහළ නැංවූ කාලවකවානුවක් බව අදාළ අධ්‍යයනයේ දත්ත උපුටා දක්වමින් බ්ලුම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
