News Category
From Date
To Date
Maximum Number of Result

‘එට්කා’ ගිවිසුමට එරෙහිව ජනතා පෙළගැස්මක් …

Mar 22, 2024 at 10:13 AM
|

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත් වූ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකි. ඔහුට බලය ලැබුණේ ජනවරම හිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරය අතහැරීමෙන් පසු, පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි. මේ නිසා මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට මේ කරමින් සිටින සහ කිරීමට සැලසුම් කර ඇති බොහෝ දේවල් කිරීමට, මේ රටේ ජනයාගේ සැබෑ ජනවරමක් නැත. ඇත්තවශයෙන්ම මේ තවමත් පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු 69 ලක්ෂයේ ජනවරම මිස අන් කිසිවක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ගෝඨාභය රාජපක්ෂට ලැබුණු ජනවරම ඔහුගේ අසාර්ථකත්වය නිසාම (පසුගියදා ප්‍රකාශයට පත් කළ ඔහුගේ නවතම පොතින් එය කුමන්ත්‍රණයක් බව කීවත්) ඔහුට ක්‍රියාත්මක කිරීමට නොහැකිව ජනාධිපති ධුරය අතහැර රටින් පලා යෑමට සිදු වූ බව ද අපි දනිමු. එසේ ඔහු රටින් පැන ගියේ නිකන්ම නොව තමන්ට මහජනයා දුන් ජනවරම රනිල් වික්‍රමසිංහ වෙත පවරා දෙමිනි. එය ඇත්ත වශයෙන්ම තමන් කෙරෙහි අසීමිත විශ්වාසයකින් ලබා දුන් ජනවරම මේ රටේ මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරයකු වීමටවත්

පසුගිය මහ මැතිවරණයේ දී ජනවරමක් ලබා ගැනීමට අසමත් වූ අයෙකුට පාවා දීමකි. ගෝඨාභයගේ එම ජනවරම සඳහා මේ රටේ ජාතික බලවේග ද විශාල දායකත්වයක් දැක් වූ බව රහසක් නොවේ. එහෙත් අද එම ජාතික බලවේග සිටින්නේ කොතැන ද? එට්කා ගිවිසුම ඇතුළු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කරන බොහෝ දේවල්වලට එරෙහිව එම ජාතික බලවේග පෙරට පැමිණ ඇත.

මේ පසුබිම තුළ වත්මන් ආණ්ඩුව විසින් 69 ලක්ෂයේ ජනවරමට පටහැනිව දියත් කරමින් සිටින, අප උතුම් මාතෘ භූමිය ඉන්දීය ආධිපත්‍යය යටතට පත් කිරීමේ, තිස් අවුරුදු යුද්ධයෙන් දිනාගත නොහැකි වූ ඊළම බන්දේසියක තබා ද්‍රවිඩ බෙදුම්වාදීන්ට පිරිනැමීමේ, මේ රටේ ජනතාව සතු රාජ්‍ය ආයතන දේශීය සම්පත් හා ජාතික උරුමයන් විදේශීය මහා පරිමාණ බහුජාතික සමාගම් වෙත කුණුකොල්ලයට විකුණා දැමීමේ, අපේ අනාගත පරපුරට උන්හිටි තැන් නැති කිරීමේ අදූරදර්ශී, දේශද්‍රෝහී, ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ වහා නවතා දමා 69 ලක්ෂයේ ජනවරමට අනුව කටයුතු කරන ලෙස බල කරමින් ජනතා සංදේශයක් වත්මන් රජය වෙත ඉදිරිපත් කරන බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට අනුබද්ධිත ජාතික උපදේශක සභාව පවසයි. එම තීරණයට අනුව ප්‍රධාන කරුණු දහයකින් (10) සමන්විත ජනතා සංදේශයක් අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ සියලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන් වෙත දශලක්ෂයකට අධික මහජන අත්සනින් යුතුව ඉදිරිපත් කිරීමට එම ජාතික උපදේශක සභාව විසින් සැලසුම් කර ඇත. එකී ජනතා සංදේශයේ ඇතුළත් ප්‍රධාන කරුණු දහය පිළිවෙළින් මෙසේ සඳහන් කළ හැකිය.

ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව අද මේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ 2019 ජනපතිවරණයේදී හා 2020 මහ මැතිවරණයේදී 69 ලක්ෂයක ජනවරමෙන් අනුමත කරන ලද ප්‍රතිපත්ති මාලාව නොවේ. 2001 – 2004 කාලය තුළ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යටතේත් 2015 – 2019 යහපාලන ආණ්ඩු සමයේත් ක්‍රියාත්මක කීරීමට උත්සාහ කොට ජනතා විරෝධය නිසා අතහැර දැමීමට සිදු වූ, ජනතාව විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන ලද, කිසිදු ජනවරමක් නැති වැඩපිළිවෙළකි.

රටේ පවතින බරපතල ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ පොදු මහජනතාව පත්ව ඇති අසරණ හා වික්ෂිප්ත තත්ත්වයෙන් අයුතු ප්‍රයෝජන ගනිමින් ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙස ගනිමින් පවතින රටේ හා ජනතාවගේ අනාගත පැවැත්මට දැඩි සේ හානිකර මතු සඳහන් අදූරදර්ශී පියවරයන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේත් බොදු මහජනතාවගේත් දැඩි කනස්සල්ලට හා කම්පාවට හේතු වී ඇත.

උතුරු නැගෙනහිරට පොලිස් බලතල හැර අනිත් සියලු බලතල ලබා දී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සපුරා ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි. එවිට පූර්ණ පෙඩරල් පාලනයක් ඇති වේ. සම්බන්දන්ලා ඉල්ලා සිටින්නේ පූර්ණ පෙඩරල් පාලනයකි. දැනටමත් ඉඩම් හා මූල්‍ය බලතල උතුරු නැගෙනහිරට ප්‍රායෝගික වශයෙන් ලබා දී ඇත. ඊළම කරා යෑමට තව තැබීමට ඇත්තේ එක පියවරකි. පළාත් සභා ඡන්ද පැවැත්වීමෙන් පසු ඒ පියවර තැබීමට හැකිවනු ඇත.

බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් පරිදි සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම සඳහා ආණ්ඩුව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත. මේ නව පනත සම්මත කිරීමෙන් සිදුවන්නේ තිස් අවුරුදු යුද්ධය නිම කොට රට බේරා ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ රණවිරුවන්ට යුද අපරාධකරුවන් සේ සලකා දඬුවම් කිරීම සඳහා යහපාලන ආණ්ඩු කාලයේ පනවා ඇති පනත් 7 ක් බලගැන්වීම සහ රට නැවත බෙදුම්වාදයට යට කිරීමයි. එය මහා ඓතිහාසික පාවාදීමකි.

ආණ්ඩුව මහජනතාවට පාර්ලිමේන්තුවට හෝ ඇමැති මණ්ඩලයට නොපෙන්වා තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර ඇත. ඒ අනුව බදු සහන යටතේ තායිලන්ත බඩුවලින් ලංකා වෙළෙඳ පොළ පිරී ගොස් දේශීය කර්මාන්ත පද්ධතිය බිඳ වැටෙනු ඇත. මේ අත්තනෝමතික තීරණය නිසා වන්දි ගෙවන්නට සිදු වන්නේ සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වන මේ රටේ සුළු හා මධ්‍යම කර්මාන්තකරුවන්ට ය.

මහජන විරෝධය නිසා 2017 දී අත්සන් කිරීමට නොහැකි වූ සේවා වෙළෙඳාමට ඉන්දියාවට ඉඩ සලසන සහ ඉන්දියානුවන්ට අපේ රටට කඩා වැදී වෙළෙඳාමෙහි යෙදීමට, සේවා සැපයීමට හා රැකියා අවස්ථා ලබා ගැනීමට ඉඩ සලසන එට්කා ගිවිසුම, 2024 අප්‍රේල් මස අත්සන් කිරීමට දින යොදා ගෙන ඇත. මේ ගිවිසුම අත්සන් කිරීමේ ඒකාන්ත ප්‍රතිඵලය වන්නේ ලක්ෂ ගණන් ඉන්දියානුවන් අපේ ශ්‍රම වෙළඳපොළට කඩා වැදී ලාබෙට ශ්‍රමය සැපයීමට ඉදිරිපත්ව අපේ ශ්‍රම වෙළඳපොළ ඩැහැගැනීමත් අපේ ඉදිරි පරපුරට උන්හිටි තැන් අහිමිව රට හැර යෑමට සිදු වීමත් ය.

එසේම සේවක හා මහජන විරෝධය නොතකා

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, නාරාහේන්පිට ලංකා රෝහල, ටෙලිකොම් ආයතනය, පශු සම්පත් මණ්ඩලය හා සම්බන්ධ රජය සතු ගොවිපොළවල් 32 ක් සහ තවත් රාජ්‍ය ආයතන 54 ක් විදේශීය ජාවාරම්කරුවන්ට විකුණා දැමීම සඳහා පිඹුරුපත් සකස් කොට ඒ සඳහා විශේෂිත ආයතනයක් හා ක්‍රමවේදයක් ද හඳුන්වා දී ඇත.

රජයේ සංස්ථා සියල්ලම සමාගම් බවට පත් කරන බවත්, නීති 42 ක් සම්මත කරගෙන තිබෙන බවත්, තව නීති 62 ක් ගේන්න තියෙන බවත්, සිංහරාජය, හෝර්ටන්තැන්න ඇතුළු ජාතික වනෝද්‍යානවලට අලුත් නීති ගෙන එන බවත් ජනාධිපතිතුමා පසුගියදා ප්‍රකාශ කළේය. රාජ්‍ය සංස්ථා සමාගම් බවට පත් කරන්නේ ඒවා විකුණා දැමීම සඳහා ය. සිංහරාජය හා හෝර්ටන්තැන්න ද විකුණන ලැයිස්තුවට ඇතුළත් වී ඇති බව එයින් පෙනේ. මේවා රටේ සමස්ත ජනතාව සතු සම්පත් ය, ජාතික උරුමයන් ය. ඒවා විකුණා දැමීමේ අයිතියක් කිසිම ආණ්ඩුවකට නැත.

9ග කොළඹ, ත්‍රිකුණාමලේ හා කන්කසන්තුරේ වරායවල් ආශ්‍රිත කටයුතු, කටුනායක, මත්තල, රත්මලාන, මඩකලපුව හා යාපනේ ගුවන් තොටුපළවල පාලනය, ත්‍රිකුණාමලේ තෙල් ටැංකි හා වරාය ආශ්‍රිත සංවර්ධන කටයුතු, ශ්‍රී ලංකන් ගුවන් සේවය, රටේ බලශක්ති සුරක්ෂිතතාවය අදානිලා, අම්බානිලා, ටාටලා වැනි මහා පරිමාණ ඉන්දීය ව්‍යාපාරිකයන් අතට පත් කිරීමේත්, එට්කා ගිවිසුම අත්සන් කිරීමේත්, ධනුස්කොඩිය හා තලෙයිමන්නාරම යා කරන පාලම ඉදිකොට එහි සිට ත්‍රිකුණාමලය දක්වා නව දුම්රිය මගක් ඉදිකිරීමේත් අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ අපේ රට ඉන්දියාවේ පූර්ණ යටත් විජිතයක් බවට පත් විමයි.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් 2020 වර්ෂයේදී නිකුත් කරන ලද විකල්ප ව්‍යවස්ථා යෝජනාවලිය මගින් ජාත්‍යන්තර සම්බන්ධතා හා ගිවිසුම් සම්බන්ධයෙන් හා මහජනයා සතු සම්පත් අන් අයට පැවරීම ඇතුළු වර්තමානයේ ගැටලුකාරී තත්ත්ව නිර්මාණය වී ඇති බොහෝ කරුණු සම්බන්ධයෙන් එවකට පැවති රජය ඇතුළු අදාළ පාර්ශ්වයන් දැනුවත් කර ඇති නමුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කොට නැත.

මේ අනුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් ආණ්ඩුවට බලකර මෙසේ කියා සිටී.

‘69 ලක්ෂයේ ජනවරමට පටහැනිව, ආණ්ඩුව රටට, ජාතියට හා ජනතාවට එරෙහිව සිදු කරන මේ අත්තනෝමතික අමනෝඥ ක්‍රියාවලින් සිදුවන්නේ නිදහස් ස්වාධීන රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්ම අවසන් වීමයි. එය කිසිදා සමාව දිය නොහැකි මහා පාවාදීමකි, බරපතල දේශද්‍රෝහී අපරාධයකි. මේ මහා පාවාදීමේ ක්‍රියාවලිය වැළැක්වීම පිණිස ගත හැකි සෑම පියවරක් ම ගෙන ඒවා වැළැක්වීමේ පැහැර හැරිය නොහැකි වගකීමක් හා යුතුකමක් අගමැතිතුමා ප්‍රමුඛ පොදුජන පෙරමුණේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති බව මේ රටේ බහුතර බෞද්ධ ජනතාව නියෝජනය කරමින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ලෙස අපි ඔබ සියලු දෙනා වෙත දන්වා සිටිමු.’

මේ අනුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් පහත සඳහන් කරුණු ක්‍රියාත්මක නොකරන ලෙස මේ ආණ්ඩුවට බලකර කියා සිටී.

● 13 වැනි සංශෝධනය සපුරා ක්‍රියාත්මක නොකරන ලෙස

● ‘එට්කා’ අත්සන් කිරීමෙන් වළකින ලෙස

● රාජ්‍ය ආයතන හා ජාතික සම්පත් විදේශීය ජාවාරම්කරුවන්ට විකුණා දැමීමෙන් වළකින ලෙස සහ

● සත්‍ය සෙවීමේ කොමිසම් පනත ඉවත් කර ගන්නා ලෙස

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් මේ බව කියා සිටින්නේ නිකන්ම නොව මහජන අත්සන් දශ ලක්ෂයකට අධික පෙත්සමක් අත්සන් කිරීමෙන් බව එහි සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා පවසයි. මේ ගැන කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ (20) කොළඹ 07ල සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේ ගිහි පැවිදි විද්වත් පිරිසකගේ සහභාගිත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැති අතර එයට විද්‍යෝදය පරිවේණාධිපති ආචාර්ය බලංගොඩ සෝභිත නාහිමි, මහාචාර්ය පූජ්‍ය

කොන්ගස්තැන්නේ ආනන්ද නාහිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමි, අමරපුර මහා නිකායේ කල්‍යාණ වංශික පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය කොටපල අමරකිත්ති අනුනාහිමි, පුජ්‍ය අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි, රාජකීය පණ්ඩිත වල්පොල පියරතන හිමි, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ, වෛද්‍ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සමලේකම් ඉෂාන් බුද්ධික එදිරිසුරිය, සේනක කුමාරසිංහ, මේජර් ජනරල් ජගත් ඩයස්, හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, වෛද්‍ය වසන්ත බණ්ඩාර සහ සුරේන් අභයගුණසේකර ඇතුළු පැවිදි සහ ගිහි පිරිසක් එක්ව සිටියහ. ඒ අය එක්ටා ගිවිසුම ඇතුළු රටට අහිතකර වෙනත් යෝජනා සහ ගිවිසුම් ගැන විරෝධය පළ කරමින් අදහස් ප්‍රකශ කළහ. මෙම දශලක්ෂයක මහජන පෙත්සමට අත්සන් කිරීම ආරම්භ කෙරුණේ ඉන් පසුවය. මුලින්ම ගරුතර මහා සංඝරත්නය මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වීමෙන් පසුව මහා සංඝරත්නය විසින් එම ජනතා සංදේශයට අත්සන් තබන ලදි. ඉන් පසුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ඇතුළු ගිහි විද්වතුන් මාධ්‍ය හමුවේ දී කෙටියෙන් අදහස් දැක්වීම් සිදු කළහ. ඉන් පසුව ඔවුන් ද එම ජනතා පෙත්සමට අත්සන් තැබීම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානය ඉදිරිපිට තනා ඇති විශේෂ කුටියක දී සිදු කෙරිණි. මේ සංදේශයට ඊයේ (20) එම ගිහි පැවිදි පිරිසගේ අත්සන් තැබීමෙන් පසු සාමාන්‍ය ජනයාගෙන් අත්සන් ගැනීම ආරම්භ කෙරිණි. ලබන බදාදා (27) දක්වා සතියක කාලයක් මේ සඳහා අත්සන් කිරීමට මහජනයාට අවස්ථාව ලැබේ. එසේම රට පුරා බෞද්ධ විහාරස්ථාන හරහා ද මේ සඳහා මහජනයාගේ අත්සන් එකතු කර ගැනීමට කටයුතු සලසන බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා පවසයි.

මේ කරුණු කාරණා ගැන තවදුරටත් දැනුවත් වී තම යුතුකම ඉටු කිරීමට මෙන්ම තම මහජන වරම අවභාවිත කිරීමට එරෙහිව පෙරට ඒමට මහජනයා කටයුතු කළ යුතුව තිබේ. මේ නිසා රජය මේ ජනතා හඬට කන් දෙමින් කළ යුතුව තිබෙන්නේ කිසියම් භාරකාර පාලනයක් ගෙන යෑම පමණක් බව අපගේ අදහසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (21 දා) සවස සිදුවීමට නියමිතය. මේ හමුව සඳහා ජනාධිපතිවරයා විසින් බැසිල් රාජපක්ෂ මහතා වෙත ආරාධනා කර ඇත. මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. එම දේශපාලන කරුණු සාකච්ඡා කරන අතරම විශේෂයෙන් ඉදිරි ජාතික මැතිවරණ තෙක් 69 ලක්ෂයේ ජනවරමට එරෙහිව කටයුතු නොකරන ලෙස ජනපතිට සිහිපත් කිරීමට බැසිල් රාජපක්ෂට හැකියාවක් තිබේ ද යන්න ගැන නම් අප දන්නේ නැත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

shyam.divaina@gmail.com

https://divaina.lk/%E0%B6%91%E0%B6%A7%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F-%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80-%E0%B6%A2%E0%B6%B1/

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව සමඟ විස්තීර්ණ ණය වැඩසටහනක නියුතුව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය සැපයීමට තවත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිත භූමිය අනවසරයෙන් වගා කිරීමට පිරිසක් පියවර ගෙන ඇති අතර ට්‍රැක්ටර ​භාවිතයෙන් ඉඩම් සකස් කර ඇති බවත් පැවසෙයි.
පසුගිය මැයි 06 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කුඩය ලකුණින් තරග කළ ජන අරගල සන්ධානය ආසන 16ක් දිනාගැනීමට සමත් වී තිබේ.
සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.
සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටී ඇති බව පාකිස්තානය ප්‍රකාශ කරන බව ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.
ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
ඉන්දීය හමුදා විසින් එල්ලකළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය මෙහෙයුමක් ආරම්භකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
2025 වසරේ පිට පිට දෙවැනි මාසයටත් මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය පසු බැසීමක් පෙන්නුම් කර ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වේ.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.