හෝමාගම රෝහල පෙන්වා පුද්ගලික වෛද්‍ය උපාධි කඩයකට හොරණ සහ පානදුර රෝහල් අත්පත් කර ගැනීමේ සූදානමක්?
හෝමාගම මූලික රෝහල නව වෛද්‍ය පීඨයකට ලබාදීම සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය දැඩි විරෝධයක් එල්ල කරමින් ඇති පසුබිමක හෝමාගම රෝහල පෙන්වා හොරණ සහ පානදුර රෝහල් මේ සඳහා යොදාගැනීමට ඇති සම්භාවිතාව ඉහළ බව විවිධ පාර්ශ්ව විසින් මේ වන විට කරුණු හෙළිදරව් කොට තිබේ.
ජාතික රෝහල ඇතුලු ලංකාවේ ලොකුම රෝහල් පද්ධතියේ සායනික පුහුණුව දෙන වසර 150ක් පැරණි කොලඹ වෛද්‍ය පීඨයේ වසරක ශිෂ්‍ය බඳවාගැනීම් 240ක පමණ ප්‍රමාණයක් පමණක් සිදුවද්දී, අලුතින් ආරම්භ කිරීමට යන හෝමාගම මූලික රෝහල වෛද්‍ය පීඨය සඳහා බඳවා ගැනීම් 500ක් සිදුකර හැකි බව පැවසීම සම්බන්ධයෙන් එම පාර්ශ්ව විමතිය පළකර තිබේ.
ජාතික රොහලෙන් 1/20ක් වත් නැති හෝමාගම රෝහලේ 500කට සායනික පුහුණුව ලබාදීමට හැකියාවක් ඇද්ද යන්න පිළිබඳව ඔවුහු ප්‍රශ්න කරන අතර, මේ පිළිබඳව කරුණු සඳහන් කරන ආරංචි මාර්ග පවසන්නේ හෝමාගම රෝහලට වෛද්‍ය පීඨයක් ලබාදීම එරෙහිව මතුව ඇති විරෝධය හමුවේ හොරණ සහ පානදුර රෝහල් මේ සඳහා යොදාගැනීමට ඇති සම්භාවිතාව ඉහළ බවයි.
හෝමාගම රෝහල දැනට ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ සායනික පුහුණුව සඳහාත් යොදාගන්න රෝහලක් බවද, මේ කිරීමට උත්සාහ දරන්නේ ජපුර ශිෂ්‍යයන්ගෙත් අධ්‍යාපනය කඩාකප්පල් කර පෞද්ගලික වෛද්‍ය උපාධි කඩ නිර්මාණය කිරීමට බවද මෙයට විරෝධය දක්වන පාර්ශ්ව පෙන්වා දෙති.
රටේ වෛද්‍ය අධ්‍යාපනය බිලිදීමට මෙලෙස කටයුතු කරන්නේ රටේ උවමනාවට නොව, වයස 60 - 70 පසුවන මහාචාර්යවරුන්ට යන්න එන්න තැනක් සොයාගැනීමේ පෞද්ගලික උවමනාවන් බවද එම පාර්ශ්ව පවසති.
සෞඛ්‍ය ලෝක ශ්‍රේණිගත කිරීම් වන 46 වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව 112 වෙනි ස්ථානයේ සිටින ඉන්දියාව ආසන්නයටවත් නොයා යුතු බවත්, වත්මන් පාලකයන් වෛද්‍ය අධ්‍යාපනය විකුණාමින් උත්සාහ දරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දර්ශක පහළ දමා සෞඛ්‍ය දර්ශක අතින් ශ්‍රී ලංකාවත් ඉන්දියාවේ තත්ත්වයට ගෙන ඒමට බවද ඔවුහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙති.
ලෝක සතුටු දර්ශකවල ශ්‍රී ලංකාව පසුපසට යද්දී ඉතා ඉහළ තත්ත්වයක තිබූ සෞඛ්‍ය දර්ශක විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්ද මේ පිටුපස තිබිය හැකි බවත් මේ පිළිබඳ විමර්ශනය කිරීමේදී පැහැදිලි වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්