
හෝමාගම රෝහල පෙන්වා පුද්ගලික වෛද්‍ය උපාධි කඩයකට හොරණ සහ පානදුර රෝහල් අත්පත් කර ගැනීමේ සූදානමක්?
හෝමාගම මූලික රෝහල නව වෛද්‍ය පීඨයකට ලබාදීම සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය දැඩි විරෝධයක් එල්ල කරමින් ඇති පසුබිමක හෝමාගම රෝහල පෙන්වා හොරණ සහ පානදුර රෝහල් මේ සඳහා යොදාගැනීමට ඇති සම්භාවිතාව ඉහළ බව විවිධ පාර්ශ්ව විසින් මේ වන විට කරුණු හෙළිදරව් කොට තිබේ.
ජාතික රෝහල ඇතුලු ලංකාවේ ලොකුම රෝහල් පද්ධතියේ සායනික පුහුණුව දෙන වසර 150ක් පැරණි කොලඹ වෛද්‍ය පීඨයේ වසරක ශිෂ්‍ය බඳවාගැනීම් 240ක පමණ ප්‍රමාණයක් පමණක් සිදුවද්දී, අලුතින් ආරම්භ කිරීමට යන හෝමාගම මූලික රෝහල වෛද්‍ය පීඨය සඳහා බඳවා ගැනීම් 500ක් සිදුකර හැකි බව පැවසීම සම්බන්ධයෙන් එම පාර්ශ්ව විමතිය පළකර තිබේ.
ජාතික රොහලෙන් 1/20ක් වත් නැති හෝමාගම රෝහලේ 500කට සායනික පුහුණුව ලබාදීමට හැකියාවක් ඇද්ද යන්න පිළිබඳව ඔවුහු ප්‍රශ්න කරන අතර, මේ පිළිබඳව කරුණු සඳහන් කරන ආරංචි මාර්ග පවසන්නේ හෝමාගම රෝහලට වෛද්‍ය පීඨයක් ලබාදීම එරෙහිව මතුව ඇති විරෝධය හමුවේ හොරණ සහ පානදුර රෝහල් මේ සඳහා යොදාගැනීමට ඇති සම්භාවිතාව ඉහළ බවයි.
හෝමාගම රෝහල දැනට ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ සායනික පුහුණුව සඳහාත් යොදාගන්න රෝහලක් බවද, මේ කිරීමට උත්සාහ දරන්නේ ජපුර ශිෂ්‍යයන්ගෙත් අධ්‍යාපනය කඩාකප්පල් කර පෞද්ගලික වෛද්‍ය උපාධි කඩ නිර්මාණය කිරීමට බවද මෙයට විරෝධය දක්වන පාර්ශ්ව පෙන්වා දෙති.
රටේ වෛද්‍ය අධ්‍යාපනය බිලිදීමට මෙලෙස කටයුතු කරන්නේ රටේ උවමනාවට නොව, වයස 60 - 70 පසුවන මහාචාර්යවරුන්ට යන්න එන්න තැනක් සොයාගැනීමේ පෞද්ගලික උවමනාවන් බවද එම පාර්ශ්ව පවසති.
සෞඛ්‍ය ලෝක ශ්‍රේණිගත කිරීම් වන 46 වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව 112 වෙනි ස්ථානයේ සිටින ඉන්දියාව ආසන්නයටවත් නොයා යුතු බවත්, වත්මන් පාලකයන් වෛද්‍ය අධ්‍යාපනය විකුණාමින් උත්සාහ දරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දර්ශක පහළ දමා සෞඛ්‍ය දර්ශක අතින් ශ්‍රී ලංකාවත් ඉන්දියාවේ තත්ත්වයට ගෙන ඒමට බවද ඔවුහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙති.
ලෝක සතුටු දර්ශකවල ශ්‍රී ලංකාව පසුපසට යද්දී ඉතා ඉහළ තත්ත්වයක තිබූ සෞඛ්‍ය දර්ශක විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්ද මේ පිටුපස තිබිය හැකි බවත් මේ පිළිබඳ විමර්ශනය කිරීමේදී පැහැදිලි වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
