
ජනපති රනිල් ඉන්නේ පොහොට්ටුවත් එක්ක... අපි හැමෝම ඉන්නේ එක පැත්තේ - ප්‍රසන්න හෙළිකරයි
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුව නිසි වේලාවේදී නිවැරැදි තීන්දුව ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැමවිටම නිවැරැදි තීන්දුව ගන්නා බවයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිණි.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලබා දුන් පිළිතුරු මෙසේය,
ප්‍රශ්නය – මොකක්ද අද තත්ත්වය?
පිළිතුර – හොඳ මට්ටමේ යනවා.
ප්‍රශ්නය – ඔබතුමා කගේ පැත්තෙද ඉන්නේ? ජනාධිපතිතුමාගේ පැත්තෙද? පොහොට්ටුවේද?
පිළිතුර – ජනාධිපතිතුමත් ඉන්නේ පොහොට්ටුවත් එක්කනේ. අපි කාගෙවත් පැත්ත ගන්නේ නෑ. අපි හැමෝම ඉන්නේ එක පැත්තේ.
ප්‍රශ්නය – ඊළඟ ජනාධිපතිවරණයටත් එතුමවද ඉදිරිපත් කරන්නේ?
පිළිතුර – ඒක පක්ෂය තීන්දු කරනවා ඉස්සරහට.
ප්‍රශ්නය – තීන්දුව අරගෙනද තියෙන්නේ.
පිළිතුර – ඉස්සරහට ගන්නවා.
ප්‍රශ්නය – ජනාධිපතිතුමා කියලද තීන්දුව ගන්නේ?
පිළිතුර – පක්ෂය තීන්දුව ගත්තම දැන ගන්න ලැබෙයි.
ප්‍රශ්නය – බැසිල් මහත්තයා රට ඉදලා ආවනේ. බැසිල් මහත්තයා පසුගිය කාලේ කිව්වනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. ඒ කතාව හරි ඇත්ත නේ.
පිළිතුර – මම දන්නේ නෑ. බැසිල් මහත්තයා ඇතුලේ ඉන්නවා ගිහින් අහන්න.
ප්‍රශ්නය – එතුමා මූන දෙන්නේ නෑනේ
පිළිතුර – හැමදාම පොහොට්ටුව හරි දේ වෙනුවෙන් පෙනී සිටියා. හරි දේ වෙනුවෙන් කටයුතු කළා. ඉදිරියේදීත් හරි දේ වෙනවා.
– ප්‍රදීප් අනුර කුමාර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
