
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීමට ආණ්ඩුව ගෙනෙන පනත, ආර්ථික අර්බුදයෙන් ගැලවෙන්න ලිංගික සේවා වෙළෙඳපොළක් මෙරට ප්‍රචලිත කිරීමේ සැලසුමේ කොටසක් - ජාතික සංවිධාන හෙළිකරයි
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා පනතක් ගැසට් කර ඇති බවත්, එම පනත හරහා ආණ්ඩුව කිරීමට උත්සාහ දරන්නේ රටේ ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර ප්‍රචලිත කිරීම බවත් ජාතික සංවිධාන එකමුතුව චෝදනා නගයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් අද(20) මේ පිළිබඳව පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේ දී දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අනාවරණය කළේ මෙම පනත මගින් කිරීමට උත්සාහ දරන්නේ මෙරට දරුවන් අපයෝජනයට ලක්කිරීම ප්‍රවර්ධනය කිරීම බවයි.
1995 වසරේ දී සිදු කළ දණ්ඩනීති සංග්‍රහයේ සංශෝධනයට අනුව මෙරට අවුරුදු 16 ට අඩු දැරිවියක් ස්ව කැමැත්තෙන් අපයෝජනයට ලක් වුවද එය ස්ත්‍රී දූෂණය යටතට වැටෙන බරපතළ වරදක් බවත්, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එම වයස් සීමව මෙම පනත මගින් අවුරුදු 14 දක්වා අඩුකර ඇති බවත් ඒ මහතා මෙහිදී චෝදනා කළේය.
මෙහිදී වරදකරුවා බවට පත්වන පුරුෂයාගේ වයස් සීමාව අවුරුදු 18 සිට 22 දක්වා ඉහළ දමා ඇති බවද පෙන්වා දෙන ඒ මහතා, හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා මෙම පනත ගෙන එන්නේ මෙය ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් නිසාදැයි ප්‍රශ්නකර සිටියේය.
මීට පෙර යම් යම් මුස්ලිම් දේශපාලන පක්ෂවලින් මේ සඳහා ඉල්ලීමක් කර තිබූ බවත්, අලි සබ්‍රි මහතා 2021 දී මෙම සංශෝධනය ගෙන ඒමට කැබිනට් පත්‍රිකාවක් දැමූ බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී හෙළි කළේය.
ඉස්ලාම් අන්තවාදී බලවේගවල උවමනාවට මුස්ලිම් දේශපාලන පක්ෂ විසින් දැරිවියන්ගේ විවාහ වන වයස් සීමාව අවුරුදු 14ක් දක්වා අඩුකිරීමට එමගින් උත්සාහ දැරූ බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
මෙය හුදෙකලාව සිදුවන සිදුවීමක් නොවන බව හා මීට පෙර මෙරට අයුර්වේද පනත සංශෝධනය කර එක් පැත්තකින් කංසා නීතිගත කිරීමට ඉඩකඩ සලස්වා අනෙක් පැත්තෙන් දැරිවියන්ට සම්බාහන ආයතනවල ආයුර්වේද වෛද්‍යවරයකුගේ අධීක්ෂණයකින් තොරව ශිල්පිනයක් ලෙස වැඩකිරීමට ඉඩකල සැලැස්වීම මෙන්ම ඒ සඳහා වයස්භේදයක් නොපැනවීම මෙම ලිංගික සේවා වෙළඳපොළක් මෙරට ගොඩනැගීමේ ක්‍රියාවලියේ එක් පියවරක් බවත් ඒ මහතා පෙන්වාදෙන ලදී.
සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීමට මෙන්ම එට්කා ගිවිසුම අත්සන් කළ පසු මෙරටට පැමිණෙන ඉන්දියානුවන්ට අවශ්‍ය සේවා සැපයීම සහ සෝෆා ගිවිසුම අත්සන් කළ පසු මෙරටට පැමිණෙන ඇමරිකානුවන්ට අවශ්‍ය විනෝදාස්වාදය සැපයීමට වැනි කරුණු සියල්ල වෙනුවෙන් යටි අරමුණක් සහිතව මෙම පනත ගෙන එන බවද වසන්ත බණ්ඩාර මහතා චෝදනා නැගීය.
මෙරට දරුවන් සිටින කිසිඳු දෙමාපියෙකුට මෙය ඉවසා සිටිය නොහැකි බව ද, ආණ්ඩුව මේ උත්සාහ දරන්නේ ආර්ථික අර්බුදයෙන් ගැලවීමට ලිංගික වෙළෙඳපොළක් මෙරට ප්‍රචලිත කිරීමට දැයි ඒ මහතා මෙහිදී ප්‍රශ්න කළේය.
මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා ද අදහස් දැක්වමින් පැවසුවේ ළමා අපයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම පනත ගැසට්කර ඇති බවයි.
ළමා අපයෝජනය මේ රටේ දැවැන්ත ප්‍රශ්නයක් බවත්, මෙරට වසරකට දහස් ගණනින් දරුවන් අපයෝජනයට ලක්වන බවත් මෙහිදී තිරාණගම මහතා හෙළිකළේය.
1995 වසරට පෙර මෙරට ළමා අපයෝජනයට දඬුවම් ලබාදෙන නීතියක් නොතිබූ බවත්, එකල සංචාරක ව්‍යාපාරය යටතේ පැමිණෙන විදේශිකයන් මුහුදුබඩ පළාත්වල ඇති පාසල්වල දරුවන් විශාල වශයෙන් ලිංගික අපයෝජනයට ලක්කළ බවත් ඒ මහතා අනාවරණය කළේය.
ඔවුන්ට දඬුවම් කිරීමට නීතියක් නොතිබූ පසුබිමක මෙම අපරාධය පෙන්වා දී තමන් සහ විවිධ පාර්ශ්ව දැඩි හඬක් නැගූ බවද, එහිදී සිදුකළ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස 1995 වසරේ අංක 22 දරන දණ්ඩනීති සංග්‍රහ සංශෝධන පනත ගෙන ආ බවද ඒ මහතා මෙහිදී පැවසීය.
දැන් එම තත්ත්වය වෙනස් කරමින් සිදුකිරීමට උත්සාහ දරන මෙම ක්‍රියාවලිය හරහා ළමා අපයෝජන ප්‍රවර්ධනය කිරීමක් සිදුවන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
