
රාජ්‍ය වෛද්‍ය පීඨවල පවතින අර්බුද නොවිසඳා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ව්‍යාප්ත කිරීමෙන් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් බරපතළ ලෙස උල්ලංඝනය වෙනවා - කොළඹ විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය
රාජ්‍ය වෛද්‍ය පීඨ වල දැනට පවතින අර්බුද නොවිසඳා, වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව නොසලකා හැර, පුද්ගලික වෛද්‍ය විද්‍යාල ව්‍යාප්තිය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම වර්තමාන වෛද්‍ය සිසුන්ට සහ ආචාර්ය මණ්ඩලයට කරන බලවත් අසාධාරණයක් බවත්, එමගින් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් බරපතළ ලෙස උල්ලංඝනය වන බවත් කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් එම සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මෙසේය,
"කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය වන අපි, ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය අවිධිමත් හා සීමා රහිත ලෙස ව්‍යාප්ත කිරීමෙන් ඇති විය හැකි බරපතල ප්‍රතිවිපාක පිළිබඳව අපගේ බලවත් කනස්සල්ල ප්‍රකාශ කරමු.
මෙය දේශපාලන සහ ලාභ ලබාගැනීමේ අරමුණු මත මෙහෙයවනු ලබන අතර, රටෙහි සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සැලකිල්ලට ගන්නා ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකමෙහි ප්‍රතිපලයයි.
ලාභ ලැබීමේ අරමුණු මත, වාර්ෂිකව සිසුන් 500ක් බඳවා ගන්නා වෛද්‍ය විද්‍යාලයක් අනුමත කරමින් සහ ශික්ෂණ රෝහල ලෙස හෝමාගම මූලික රෝහල අනුයුක්ත කරමින් පලවූ කැබිනට් පත්‍රිකාව මෙහි මෑතම ප්‍රතිපලයයි.
මෙය, වෛද්‍ය අධ්‍යාපනයේ මූලික මූලධර්මවලට පවා පටහැනි තීරණයක් ලෙසත් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් ලෙසත් අපි දකිමු.
මෙම පියවර රාජ්‍ය වෛද්‍ය පීඨ තවදුරටත් අවදානමට ලක් කරයි.
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන්ට අනුව සිසුන් 100ක කණ්ඩායමක් පුහුණු කිරීම සඳහා ඇඳන් 700කින් යුත් රෝහල් සංකීර්ණයක් අවශ්‍ය වේ. දැනට හෝමාගම මූලික රෝහලට ඇති ඇඳන් සංඛ්‍යාව 475ක් පමණ වන අතර, එම රෝහල දැනටමත් ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ සිසුන් විසින් සායනික පුහුණුවීම් සඳහා භාවිතා කරනු ලැබේ.
වසරකට සිසුන් 500ක් බඳවා ගන්නා තවත් වෛද්‍ය විද්‍යාලයක පුහුණු අවශ්‍යතා සපුරාලීමට හෝමාගම මූලික රෝහලට නොහැක. මෙම පියවර ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය ශිෂ්‍යයන්ගේ පුහුණු අයිතිවාසිකම් උල්ලංඝණය කරයි. ගුණාත්මක බවින් අඩු පුහුණුව, රෝගීන්ගේ ආරක්ෂාව අවදානමට ලක්කරන අතර සෞඛ්‍ය අංශයේ ගුණාත්මක භාවයද අනතුරේ හෙළයි.
රාජ්‍ය වෛද්‍ය පීඨ වල දැනට පවතින අර්බුද නොවිසඳා, වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව නොසලකා හැර, පුද්ගලික වෛද්‍ය විද්‍යාල ව්‍යාප්තිය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම වර්තමාන වෛද්‍ය සිසුන්ට සහ ආචාර්ය මණ්ඩලයට කරන බලවත් අසාධාරණයකි. මෙම අවිධිමත් හා වගකීමකින් තොර ව්‍යාප්තිය, දැනට පවතින, ජාත්‍යන්තරව පිළිගත් වෛද්‍ය අධ්‍යාපන ක්‍රමයේ බිඳවැටීමට තුඩු දෙනු ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය වන අපි, පහත සඳහන් කරුණු නැවත අවධාරණය කර සිටිමු.
ලෝක වෛද්‍ය අධ්‍යාපන සම්මේලනයේ (WFME) විධානය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) විසින් නියම කර ඇති වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් කිසිදු තත්වයක් යටතේ පහත හෙලීම නොකළ යුතුය.
වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය උල්ලංඝනය නොකළ යුතුය.
අලුතින් පිහිටුවන ලද රාජ්‍ය වෛද්‍ය පීඨවල යටිතල පහසුකම් හා මානව සම්පත්වල බරපතළ අඩුපාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි නිවැරදි කළ යුතුය.
ඉදිරි වසර 5 සිට 10 දක්වා කාලය සඳහා නව වෛද්‍යවරුන් සහ විශේෂඥයින්ගේ අපේක්ෂිත අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් වෛද්‍ය අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුය.
වර්තමාන අර්බුදකාරී තත්වය, මනාව සැලසුම් කළ ප්‍රතිපත්තියක් නොමැතිකමේ සෘජු ප්‍රතිඵලයකි.
දැනට පවතින රාජ්‍ය වෛද්‍ය පීඨවල බරපතල ගැටළු නිරාකරණය කරන තුරු, රාජ්‍ය හෝ පෞද්ගලික වශයෙන් නව වෛද්‍ය පීඨ ස්ථාපිත නොකළ යුතුය.
වෛද්‍ය අධ්‍යාපනයට අදාළ බරපතළ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙසත්, රාජ්‍ය වෛද්‍ය පීඨවල පැවැත්ම අනතුරේ හෙළන අහිතකර ක්‍රියාමාර්ගවලින් වළකින ලෙසත්
කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
