රාජ්‍ය වෛද්‍ය පීඨවල පවතින අර්බුද නොවිසඳා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ව්‍යාප්ත කිරීමෙන් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් බරපතළ ලෙස උල්ලංඝනය වෙනවා - කොළඹ විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය
රාජ්‍ය වෛද්‍ය පීඨ වල දැනට පවතින අර්බුද නොවිසඳා, වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව නොසලකා හැර, පුද්ගලික වෛද්‍ය විද්‍යාල ව්‍යාප්තිය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම වර්තමාන වෛද්‍ය සිසුන්ට සහ ආචාර්ය මණ්ඩලයට කරන බලවත් අසාධාරණයක් බවත්, එමගින් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් බරපතළ ලෙස උල්ලංඝනය වන බවත් කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් එම සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මෙසේය,
"කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය වන අපි, ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය අවිධිමත් හා සීමා රහිත ලෙස ව්‍යාප්ත කිරීමෙන් ඇති විය හැකි බරපතල ප්‍රතිවිපාක පිළිබඳව අපගේ බලවත් කනස්සල්ල ප්‍රකාශ කරමු.
මෙය දේශපාලන සහ ලාභ ලබාගැනීමේ අරමුණු මත මෙහෙයවනු ලබන අතර, රටෙහි සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සැලකිල්ලට ගන්නා ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකමෙහි ප්‍රතිපලයයි.
ලාභ ලැබීමේ අරමුණු මත, වාර්ෂිකව සිසුන් 500ක් බඳවා ගන්නා වෛද්‍ය විද්‍යාලයක් අනුමත කරමින් සහ ශික්ෂණ රෝහල ලෙස හෝමාගම මූලික රෝහල අනුයුක්ත කරමින් පලවූ කැබිනට් පත්‍රිකාව මෙහි මෑතම ප්‍රතිපලයයි.
මෙය, වෛද්‍ය අධ්‍යාපනයේ මූලික මූලධර්මවලට පවා පටහැනි තීරණයක් ලෙසත් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් ලෙසත් අපි දකිමු.
මෙම පියවර රාජ්‍ය වෛද්‍ය පීඨ තවදුරටත් අවදානමට ලක් කරයි.
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන්ට අනුව සිසුන් 100ක කණ්ඩායමක් පුහුණු කිරීම සඳහා ඇඳන් 700කින් යුත් රෝහල් සංකීර්ණයක් අවශ්‍ය වේ. දැනට හෝමාගම මූලික රෝහලට ඇති ඇඳන් සංඛ්‍යාව 475ක් පමණ වන අතර, එම රෝහල දැනටමත් ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ සිසුන් විසින් සායනික පුහුණුවීම් සඳහා භාවිතා කරනු ලැබේ.
වසරකට සිසුන් 500ක් බඳවා ගන්නා තවත් වෛද්‍ය විද්‍යාලයක පුහුණු අවශ්‍යතා සපුරාලීමට හෝමාගම මූලික රෝහලට නොහැක. මෙම පියවර ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය ශිෂ්‍යයන්ගේ පුහුණු අයිතිවාසිකම් උල්ලංඝණය කරයි. ගුණාත්මක බවින් අඩු පුහුණුව, රෝගීන්ගේ ආරක්ෂාව අවදානමට ලක්කරන අතර සෞඛ්‍ය අංශයේ ගුණාත්මක භාවයද අනතුරේ හෙළයි.
රාජ්‍ය වෛද්‍ය පීඨ වල දැනට පවතින අර්බුද නොවිසඳා, වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව නොසලකා හැර, පුද්ගලික වෛද්‍ය විද්‍යාල ව්‍යාප්තිය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම වර්තමාන වෛද්‍ය සිසුන්ට සහ ආචාර්ය මණ්ඩලයට කරන බලවත් අසාධාරණයකි. මෙම අවිධිමත් හා වගකීමකින් තොර ව්‍යාප්තිය, දැනට පවතින, ජාත්‍යන්තරව පිළිගත් වෛද්‍ය අධ්‍යාපන ක්‍රමයේ බිඳවැටීමට තුඩු දෙනු ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය වන අපි, පහත සඳහන් කරුණු නැවත අවධාරණය කර සිටිමු.
ලෝක වෛද්‍ය අධ්‍යාපන සම්මේලනයේ (WFME) විධානය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) විසින් නියම කර ඇති වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් කිසිදු තත්වයක් යටතේ පහත හෙලීම නොකළ යුතුය.
වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය උල්ලංඝනය නොකළ යුතුය.
අලුතින් පිහිටුවන ලද රාජ්‍ය වෛද්‍ය පීඨවල යටිතල පහසුකම් හා මානව සම්පත්වල බරපතළ අඩුපාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි නිවැරදි කළ යුතුය.
ඉදිරි වසර 5 සිට 10 දක්වා කාලය සඳහා නව වෛද්‍යවරුන් සහ විශේෂඥයින්ගේ අපේක්ෂිත අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් වෛද්‍ය අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුය.
වර්තමාන අර්බුදකාරී තත්වය, මනාව සැලසුම් කළ ප්‍රතිපත්තියක් නොමැතිකමේ සෘජු ප්‍රතිඵලයකි.
දැනට පවතින රාජ්‍ය වෛද්‍ය පීඨවල බරපතල ගැටළු නිරාකරණය කරන තුරු, රාජ්‍ය හෝ පෞද්ගලික වශයෙන් නව වෛද්‍ය පීඨ ස්ථාපිත නොකළ යුතුය.
වෛද්‍ය අධ්‍යාපනයට අදාළ බරපතළ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙසත්, රාජ්‍ය වෛද්‍ය පීඨවල පැවැත්ම අනතුරේ හෙළන අහිතකර ක්‍රියාමාර්ගවලින් වළකින ලෙසත්
කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු."


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්