
පුටින්ගේ ඓතිහාසික ජයග්‍රහණයේ නිල ප්‍රතිඵලය
රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසම (CEC) විසින් ඊයේ(19) ප්‍රකාශයට පත් කරන ලද 2024 රුසියානු ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලවලට අනුව ව්ලැඩිමීර් පුටින් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස නැවත තේරී පත්වී තිබේ.
එහිදී පුටින් ප්‍රකාශිත ඡන්ද වලින් 87.28% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර එය වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් වේ. පුටින් මෙවර ඉදිරිපත් වූයේ ඔහුගේ පස්වන ජනාධිපති ධුර කාලය වෙනුවෙන් වන අතර ඔහුගේ අපේක්ෂකත්වය මිලියන 75 කට අධික රුසියානුවන් අනුමත කර තිබීම විශේෂත්වයකි.
මේ අතර පුටින්ගේ ප්‍රතිවාදීන් වන කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂක නිකොලායි කරිටොනොව්, නිව් පීපල්ස් පක්ෂයේ ව්ලැඩිස්ලාව් ඩවන්කොව් සහ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ලියොනිඩ් ස්ලට්ස්කි පිළිවෙලින් 4.31%, 3.85% සහ 3.20% ක ඡන්ද ප්‍රතිශතය්ක් ලබා ගත්හ.
පුටින් ප්‍රථම වරට 2000 දී රුසියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අතර 2008 දක්වා අඛණ්ඩව සිව් වසර බැගින් වූ ධුර කාල දෙකක් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස සේවය කළේය. පසුව ඔහු 2008-2012 දක්වා රුසියාවේ ජනාධිපති වූ දිමිත්‍රි මෙද්වදෙව් යටතේ අගමැති විය. මෙඩ්විඩෙව්ගේ පාලන කාලය තුළ රුසියාවේ ජනාධිපති ධුර කාලය වසර හයක් දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා සම්පාදන කටයුතු කළේය. පුටින් මෙඩ්විඩෙව් වෙනුවට 2012 දී නැවත වරක් රාජ්‍ය නායකයා බවට පත් වූ අතර 2018 දී නැවත තේරී පත් විය. 2020 දී ප්‍රධාන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස, රුසියාව සිය මැතිවරණ රෙගුලාසි සංශෝධනය කර, ව්‍යවස්ථාවේ පෙර තිබූ කොන්දේසි “නිෂ්ප්‍රභ” කරනු ලැබීය. එබැවින් ඔහුට නැවත වතාවක් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස තරඟ කිරීමට හැකි විය.
මෙවර මැතිවරණය වාර්තාගත ඉහළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් සනිටුහන් වී ඇත. රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසමේ දත්ත වලට අනුව, 2018 ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද 67.47% ඉක්මවා 74% දක්වා ඉහළ අගයක් වාර්තා කළේය. 90% ට වැඩි වැඩිම ඡන්දය ප්‍රකාශ කිරීම චෙචන් ජනරජයෙන්, කෙමරෝවෝ ප්‍රදේශයෙන් සහ ටයිවා ජනරජයෙන් වාර්තා විය. රුසියාවේ නව කලාපවල - ඩොනෙට්ස්ක් (ඩීපීආර්) සහ ලුගාන්ස්ක් (එල්පීආර්) මහජන සමූහාණ්ඩුවේ මෙන්ම කර්සන් සහ සැපොරෝෂි ප්‍රදේශ වලද ප්‍රථම වරට ජනාධිපතිවරණ සංවිධානය කරන ලදී.
Putin scores historic win in Russian presidential election – official results
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
