News Category
From Date
To Date
Maximum Number of Result

පාතාලය ඉවර කරනවාමයි... මොන බලපෑම ආවත් මෙහෙයුම් නතර කරන්නේ නැහැ - ඇමැති ටිරාන් අලස් කියයි

Mar 18, 2024 at 09:29 AM
|

ජාත්‍යන්තරයෙන් බලපෑම් ආවද මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල ප්‍රජා පොලිස් කමිටු සාමාජික හමුවට එක් වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසුවේය.

තවද, දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් අද(18) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර, උපරිම ධාරිතාවයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිත බව, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය සියලු සැලසුම් මේ වන විට සකස් කර අවසන් බවත්, දකුණු පළාත ආශ්‍රිතව වාර්තාවන සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“කිසිම ගමක හෝ නගරයක චණ්ඩි ඉන්න බෑ. ඒ චණ්ඩි තමා ඊට පස්සේ ටී පනස් හය පාවිච්චි කරලා මිනී මරන තැනට එන්නේ. මේ පළාත්වලත් එවැනි චණ්ඩි ඉන්නවා. ඒක හින්දා කරුණාකරලා අපිට සෑම තොරතුරක්ම ලබා දෙන්න. අපි පාතාලය නැති කරන්න තීරණය අරන් ඉවරයි.

පාතාලය පසුපස හඹා යන එක අපි නවත්තන්නේ නෑ” යැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පසුගියදා වවුනියාවේදී පැවැසීය. “තමන්ගේ ගමේ නගරයේ කුඩු විකුණන්නෙ කවුද කියන එක අපට වඩා දන්නේ ඔබයි. ඒක නිසා එම තොරතුරු අපිට ලබා දෙන්න. ලොකු පොඩි කවුරු වුණත් ඒ දේ කරන සියලු දෙනාම අපි අත්අඩංගුවට ගන්න බව පොරොන්දු වෙනවා. පාතාලය ගැනත් අපට තොරතුරු ලබා දෙන්න.”

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ වවුනියාව හා මන්නාරම කොට්ඨාසවල මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සහ ද්‍රවිඩ භාෂාවෙන් පැමිණිලි සහ තොරතුරු ලබාදීම සඳහා “‍107” හදිසි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමකට සහභාගි වෙමින්ය.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා එම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

“මට අවශ්‍ය වුණේ දකුණු පළාතේ විශේෂයෙන් එක දවසකින් මුළු දකුණු පළාතම මෙවැනි රැස්වීම් මාලාවකින් ආවරණය කරන්න. ගිය වසරේ දෙසැම්බර් 17 වැනිදා මෙහෙයුම ආරම්භ කරන බව කීවේ ඊට පෙර දවසේ 16 වැනිදා රැස්වීමකින්. ඇමැතිකම භාරගත් පසු දුටු ප‍්‍රධානම ප‍්‍රශ්නයක් වුණේ මත්ද්‍රව්‍ය හා පාතාලයයි. මේ කුඩු ජාවාරමුන් මුදල් මිලියන ගණනින් සල්ලි විසි කරන්න ලෑස්තියි. සමහර රටේ පිළිගත් උදවිය පවා ඒ සල්ලිවලට යට වෙලා. ඒ අය දැන් ජාත්‍යන්තරයත් අල්ලගෙන පොලිස්පතිතුමාගේ ධුරය නැති කරන්න බලපෑම් කරනවා. ලියුම් ගහනවා. නිවේදන නිකුත් කරනවා.

අපි කරන්න තියෙන දේ පසුබට නොවී කරනවා. මේ මෙහෙයුමට ජාති භේදයක් නෑ. ආගම් භේදයක් නෑ. දේශපාලනයක් නෑ. අපේ පොලිසිය මගේ අමාත්‍යාංශය යටතේ තියෙනකම් අපි ක්‍රියාත්මක කරන බව මම කියන්න ඕන. මේ පහුගිය අවුරුදු එකහමාරේ පොලිසියට බලපෑම් කරන එක ගොඩක් අඩුවෙලා තියෙන්නේ. ඉස්සර ඕ.අයි.සී. කෙනෙක් මාරු කරන්නේ ලියුම් අරගෙන එක්කෝ ටෙලිෆෝන් කෝල් එකකින්. ඒ දේවල් දැන් වෙන්නෙ නෑ. මම මේ ඇමැතිකම දරනකන් ඒ කිසිවකට මම ඉඩ තියන්නේ නෑ.

අපි ඔක්කොටම වඩා ඔබ සියලු‍ දෙනා තමයි තමන්ගේ ගමේ නගරයේ කුඩු විකුණන්නෙ කවුද කියන එක දන්නේ අපිට වඩා ඔබ සියලු‍ දෙනා. ඒක නිසා ඒවා අපිට ලබා දෙන්න. කිසිම ගමක හෝ නගරයක චණ්ඩි ඉන්න බෑනේ. ඒ චණ්ඩි තමා ඊට පස්සේ ටී පනස් හය පාවිච්චි කරලා මිනී මරන තැනට එන්නේ. මම දන්නවා මේ පළාත්වලත් එවැනි චණ්ඩි ඉන්නවා. ඒක හින්දා කරුණා කරලා අපිට සෑම තොරතුරක්ම ලබා දෙන්න. කිසි බයක් නැතුව තොරතුරු සපයන්න. අපි දුරකථන අංක ලබා දීලා තියෙනවා. කවදාවත් අපිට තොරතුරු ලබා දුන්න අයගේ නම් එළියට යන්නේ නෑ. ඒක හින්දා කිසි දේකට බය වෙන්න ඕන නෑ.

මිනිස්සු තුවක්කුවක් අරන් ගිහිල්ලා තව එක්කෙනකුට වෙඩි තියලා මෝටර් සයිකලයකින් නැඟලා යද්දි අපිට ඉඩ දෙන්න බෑ. ඉතින් අපි පාතාලය පසුපස හඹා යන එක නවත්තන්නේ නෑ. අපි තර්ජන මැද මෙවැනි දේවල් කරන්න ඉදිරිපත් වෙලා ඉන්න වෙලාවක ඔබ සියලු‍ දෙනා අපි එක්ක අත්වැල් බැඳගෙන මේ රට කුඩුවලින්, පාතාලයෙන් බේරගන්න එකට සහාය දෙන්න ඕන. එහෙම සහාය දුන්නේ නැත්නම් දූ දරුවෝ කුඩු බොන්න ගත්තහම එක්කෝ නරක අතට යනකොට ඉදිරියේදී ඔබලටම දුක් වෙන්න වෙනවා.

මම දැකලා තියෙනවා මේ පළාත්වල ජනතාව කොච්චර දුක් වින්දද කියල යුද්ධය නිසා. මම 2002 කාලෙ ඉඳන් 2005 වගේ වෙනකම් මම නිතරම මේ පළාත්වලට ආවා. වවුනියා, කිලිනොච්චි, මුලතිව්, යාපනය ඒ පළාත්වලට මං ආවා. ඒ කාලේ මේ පළාත්වල මොබයිල් ෆෝන් තිබුණේ නෑ. මම තමයි ඩයලොග් එක එක්ක එකතු වෙලා උතුරට මොබයිල් ෆෝන් ඉස්සෙල්ලම ගෙනාවේ. හැබැයි ඒවා කරන්න ගිහිල්ලා එවකට රජය විසින් මම එල්.ටී.ටී.ඊ.යට සල්ලි දුන්න කියලා මාව හිරේ දැම්මා. නමුත් ඒවායින් මම පසුබට වුණේ නෑ. මම කරන්න තියෙන දේ දිගටම කරගෙන ආවා. මම පොලිසිය භාර ඇමැති වෙයි කියලා ඒ දවස්වල කවුරුත් හිතුවේ නෑ.

පොලිස්පතිතුමා තේරුම් කරලා දුන්නා වගේ අපි අද ඉඳන් මේ එකසියහත කියන හොට්ලයින් එක පටන් ගත්තේ මේ ජනතාවගේ අවශ්‍යතා හඳුනන නිසයි. ඒක අපි වවුනියාවේ පිහිටෙව්වට රටේ ඕනෑම පුරවැසියකුට දෙමළ බසින් පැමිණිල්ලක් කරන්න ඕන නම් කොළඹින් වුණත්, යාපනයෙන් වුණත්, මඩකළපුවෙන් වුණත් එකසිය හත ඩයල් කරහම දෙමළ භාෂාවෙන් පැමිණිල්ල කරන්න පුළුවන්. අපි මෙවැනි දේවල් කරමින් මේ පළාත්වලට එන්නේ ඔබ සියලු‍ දෙනාට උදවු කරන්න. කිසි ප‍්‍රශ්නයක් නැතුව ඒ පළාත්වල ජීවත් වෙන්න පුළුවන් වෙන්න.

මම අවසාන වශයෙන් කියන්නේ අපි මේ මෙහෙයුම නවත්තන්නෙ නෑ. මේ රටින් කුඩු සහ පාතාලය තුරන් කරන තෙක් අපි මේ මෙහෙයුම දිගින් දිගට කරනවා. මම විටින් විට මේ කුඩු ජාවාරමේ ඉන්න අයටයි පාතාලේ ඉන්න අයටයි කරුණාකරලා මේක නවත්තන්න නැත්නම් විපාක විඳින්න වෙයි කියන පණිවුඩය මම දිගටම දෙන්නේ ඒකයි. ඔබ සියලු‍ දෙනාම දිගටම අපි එක්ක එකතු වෙලා අපි පොලිසියේ අයව දිරිමත් කරලා තම තමන්ගේ ප‍්‍රදේශ බේරගෙන තමන්ගේ පවුල් බේරගෙන තමන්ගේ දූ දරුවන් බේරගෙන ජීවත් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.” ලෙස අමාත්‍යවරයා කියා සිටියේය.

තවද, යුක්තිය මෙහෙයුම හරහා රුපියල් මිලියන 8634 ක මත්ද්‍රව්‍ය මාස තුනක් ඇතුළත අත්අඩංගුවට ගෙන ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින්ගේ දේපොළ ද පොලිසිය භාරයට ගෙන ඇති බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. 

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
“අපි එක්ව කොළඹ පිරිසිදුව තබමු” පිරිසිදු කිරීමේ වැඩසටහන හා රුක් රෝපණ ව්‍යාපෘතියක් (06) කොළඹ ගුඩ් මාර්කට් පරිශ්‍රයේදී පැවැත්විණි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
සීමාවාසික පුහුණව සම්බන්ද ව ඇතිවී තිබෙන ප්‍රමාදය පිලිබදවද, ප්‍රමිතිය සම්බන්දයෙන් පවා සමාජය තුල ආන්දෝලනාත්මක කතා බහකට ලක් වෙමින් පවතින නව ERPM විභාග ක්‍රමවේදය හරහා මැතකදී සුදුසුකම් ලබාගත් විදේශීය වෛද්‍යවිද්‍යා උපාධිධාරීන් සීමාවාසික පුහුණුවට අන්තර්ග්‍රහණය කර ගැනීම තුළින් ඊට ප්‍රථමව සුදුසුකම් ලැබු එනම් 2026 අප්‍රේල් මාසයට පෙර සුදුසුකම් ලත් රාජ්‍ය විශ්ව විද්‍යාලවල හරහා වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන ලද උපාධිධාරී කණ්ඩායම් කිහිපයකට අදාළව සීමාවාසික පුහුණුව පිරිනැමීමේදී උද්ගත වීමට නියමිත බරපතල අසාධාරණය පිළිබඳව ද අදහස් දැක්වීම වෙනුවෙන් 2026.06.04 වන දින වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මාධ්‍ය සාකච්ඡාවක් කැදවනු ලැබීය.
යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු එම ධුරවලින් ඉවත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
වැඩිහිටි නිවාස 456න් වැඩිහිටි ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
ශ්‍රී ලංකාවේ සමස්ත ජාතික ප්‍රතිපත්ති රාමුව වඩාත් පැහැදිලි මාවතකට අවතීර්ණ කරමින්, වෙළඳ හා ආයෝජන කටයුතු කඩිනම් කිරීම සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් මේ වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පැවැසීය.
හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා තමන් රඳවා සිටින බන්ධනාගාරය තුළ තමන්ට එල්ල වන දැඩි පීඩනයන්ට සහ අසාධාරණයන්ට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.