News Category
From Date
To Date
Maximum Number of Result

මහ මැතිවරණයක් දෙන්න ජනපති රනිල් 113ක් ඉල්ලලා

Mar 17, 2024 at 07:28 AM
|

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 දෙනකුගේ අත්සන් සහිත ලේඛනයක් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති බවයි.

ජනාධිපති මේ බව ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීම සුදුසු බවට ජනාධිපති වෙත යෝජනා කළ දේශපාලනඥයන් පිරිසක් වෙත බවද පැවසේ.

ඊට අමතරව ප්‍රථමයෙන් පවත්වනුයේ ජනාධිපතිවරණය ද නැතිනම් මහ මැතිවරණය ද යැයි විමසූවිට එම බොහෝ දෙනකුට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ ‘නෝ කමෙන්ට්ස්’ යැයි කියාය.

මේ අතර ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සුදුසු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු) මන්ත්‍රීවරුන් රැසක් ම මේ වනවිට විවිධ මාර්ග ඔස්සේ ජනාධිපති වෙත පණිවුඩ යවා ඇති බව ද ඉහත දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සම්බන්ධිත පුවත් | Related News

පහේ ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක වන හයේශික, ප්‍රනාන්දු ඇගේ සැමියා සහ ඇගේ ආයතනයේ කළමනාකරු විසින් තරුණයෙකුට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තොරතුරු දුන් බවට පොලිස් ස්ථානාධිපතිවරයෙක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
දැඩි සමීප මිතුරෙකු ලෙස, චීනය මෙතෙක් කටයුතු කළ ආකාරයටම ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා පකිස්ථානයට දැඩි ලෙස සහාය ලබා දෙන අතරම පකිස්ථානයේ ජාතික තත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් ගවේෂණය කර ගැනීමේ කටයුත්තටද චීනයේ සහාය පකිස්ථානයට හිමිවෙනවා.
රුපියල් ලක්ෂ 59ක මූල්‍ය වංචාවකට අදාළව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට මෙවර තේරී පත් වූ මාලිමා මන්ත්‍රීවරයකු (20දා) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
ආණ්ඩු පාර්ශ්වයේ සිටින එකම මුස්ලිම් ඇමතිවරයා වන මුනීර් මුලව්ෆර් නියෝජ්‍ය ඇමැතිවරයා අදටත් නිට්ටඹුව ප්‍රදේශයේ එක්තරා ඇකඩමියක් භාරව ක්‍රියාකරන නල්විවරකු බවත්, නල්විවරු යනු දෙවියන් උදෙසා මිනිසුන් ජීවිතය පූජාකළ යුතු යැයි මත දරන පුද්ගලයන් බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසති.
කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.
කොළඹ හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක නිවසක් තුළ තිබී T56 ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තිබේ.
පසුගිය මැතිවරණවල දී උතුරින් ලැබුණු විශාල ඡන්ද පදනම නිසා ජනාධිපති අනුර දිසානායක රණවිරු සැමරුමට සහභාගී නොවීමේ තීන්දුවක සිටි බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
දිවයින පුරා රෝහල් රැසක මේ වනවිට දැඩි ඖෂධ හිඟියක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට රැකියා අහිමි කරමින් එම කර්මාන්ත ශාලාව වසා දමා තිබේ.

ප්‍රධාන පුවත්

චීන පකිස්ථාන විදේශ අමාත්‍යවරු බීජිංහිදී හමුවෙති

දැඩි සමීප මිතුරෙකු ලෙස, චීනය මෙතෙක් කටයුතු කළ ආකාරයටම ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා පකිස්ථානයට දැඩි ලෙස සහාය ලබා දෙන අතරම පකිස්ථානයේ ජාතික තත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් ගවේෂණය කර ගැනීමේ කටයුත්තටද චීනයේ සහාය පකිස්ථානයට හිමිවෙනවා.

ආණ්ඩුවේ සිටින එකම මුස්ලිම් ඇමති ගැන ඥානසාර හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක්.. (වීඩියෝ)

ආණ්ඩු පාර්ශ්වයේ සිටින එකම මුස්ලිම් ඇමතිවරයා වන මුනීර් මුලව්ෆර් නියෝජ්‍ය ඇමැතිවරයා අදටත් නිට්ටඹුව ප්‍රදේශයේ එක්තරා ඇකඩමියක් භාරව ක්‍රියාකරන නල්විවරකු බවත්, නල්විවරු යනු දෙවියන් උදෙසා මිනිසුන් ජීවිතය පූජාකළ යුතු යැයි මත දරන පුද්ගලයන් බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසති.

ආවෙත් බොරුවෙන්.. ඉන්න හදන්නෙත් බොරුවෙන්.. මේ වගේ ජනාධිපතිවරු පොල්පිත්තකින් කපාගන්න පුලුවන්..

තමන්ගේ අකමැත්තෙන් රණවිරු සැමරුමට ආ පළමු විධායක ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බවත්, එසේ පැමිණ කළ කතාව දෙස බැලූ විට පෙනී යන්නේ එම අවස්ථාවට ජනාධිපතිවරයා නොපැමිණියා නම් ඊට වඩා හොඳ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන තාර්කිකත්වය සහ කරුණු වෙත නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු: (ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය)

ඉන්දියා-පකිස්ථාන යුද ආතතිය හදිසියේ උත්සන්න වීමෙන් පසුව, මේ වන විට සටන් විරාමයක් සාක්ෂාත් කර ගෙන ඇත.

වියට්නාම නිදහස් අරගලයේ නායක 'හෝ චි මිං' ගේ 135 වන ජන්ම සංවත්සර සැමරුමක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වෙයි..

වියට්නාමයේ නිදහස් අරගලයේ නායකයා මෙන්ම නිදහස් වියට්නාමයේ ප්‍රථම ජනාධිපතිවරයා වූ හෝ චි මිං මහතාගේ 135 වන ජන්ම සංවත්සරය සැමරීම වෙනුවෙන් පුෂ්ප උපාහාර උත්සවයක් ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රින් ති ටම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පිහිටි හෝ චි මිං ප්‍රතිමාව අභියස දී ඊයේ(19) සිදුකෙරිනි.

ජනාධිපති රණවිරු සැමරුමට යන්න හිටියේ.. කොහොනට වැරදුනා.. සන්නිවේදන අවුල දැනගත්තෙ පස්සෙ..

රණවිරු සේවා අධිකාරියේ සභාපති සෙනරත් කොහොන මහතා මුලින් ප්‍රවෘති සාකච්ඡාවක් පවත්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු සැමරුම පවත්වන බවට ප්‍රකාශ කිරීම සහ පසුව පැවැත්වූ ප්‍රවෘති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම සිදුකරන බවට පැවසීම පිළිබඳව අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ එය සන්නිවේදනයේ සිදුවූ අඩුපාඩුවක් බවය.

රණවිරුවන් ජීවිත පූජාකර පරාජයකරනු ලැබුවේ හුදු නාසිවාදී, බෙදුම්වාදී කැරලිකරුවන් පිරිසක් පමණක් නොවේ.. ඔවුන් මහා ජාත්‍යන්තර න්‍යායපත්‍රයකට අනුව මේ රට බෙදා වෙන්කිරීමට අයුද සන්නද්ධ සටනක නිරතවූ පිරිසක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

යුද්ධයකදී හමුදාව සහ ආයුධ මෙන්ම මහජන මතයද අතිශයෙන් වැදගත් බවත්, මියගිය රණවිරුවන් සහ මහා කැපකිරීමක් කරන ලද ඔවුන්ගේ ඥාතීන් මෙන්ම දේශපාලකයන් සහ ජාතික සංවිධාන ඇතුළු බොහෝ දෙනා එම මහජන මතය ගොඩ නැගීමට යුද සමයේ දී විශාල කැපකිරීමක් කළ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

විමර්ශන යට ගැසීමේ අවශ්‍යතාවය මත කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාරිකතුමියට ස්ථාන මාරුවක් ලබාදීලා - හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙලගෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්..

කොළඹ මහ නගර සභාවේ නාගරික භාණ්ඩාගාරික තුමියට ස්ථාන මාරුවීමක් ලබාදි ඇති බවත්, කෝපා කමිටුව විසින් විමර්ශන අවසන් වන තුරු නාගරික භාණ්ඩාගාරික තුමිය එම තනතුරේ තබාගත යුතු යැයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්තුමිය විසින් තීරණයක් ලබා දීතිබියදී කෝපා කමිටු විමර්ශනයන්හි ප්‍රධාන සාක්ෂිකාරිනියක වන කො.ම.න.ස.භාණ්ඩාගාරික තුමිය මාරුකර යවා ඇත්තේ මෙම විමර්ශන යට ගැසීමට ඇති අවශ්‍යතාවය මත බවත් සඳහන් කරමින් හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

රණවිරුවන් දිවිපුදා රැකගත් මව්බිමේ ඒකීයභාවය අණතුරේ - විමල් රණවිරු සමරුවේ දී කියයි (වීඩියෝ)

රට, දැය, සමය රකින ප්‍රධානම බලවේගයක් වන්නේ රණවිරුවන් බවත්, අතීතයේ දීත් රටට එරෙහි අක්‍රමණවලින් රට ජාතිය බේරා ගැනීමට රුධිරය හෙලූ මුතුන් මිත්තන්ගේ රුධිරයෙන් මේ මාතෘභූමිය සුපෝෂිත වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ ඉල්ලා අස්වෙයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ සෙනසුරාදා (17) සිට සිය ඉල්ලා අස්වීම භාර දී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ "අසල්වැසියා පළමුව" ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයයි !ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වෙනවා- ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා

සින්ඩෝර් මෙහෙයුමෙන් පසු, ඩේලි මිරර් පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසුවේ, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට කලාපයේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂාව මත රඳා පවතින බවයි.

ජනපති අනුරගේ ෆේස්බුක් යාළුවෝ තරහ වෙලා.. යුද ජයග්‍රහණය ගැන සටහනක් නැති වීම ගැන දැඩි විරෝධයක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමාජ ජාලා පිටුවට එහි පරිශීලකයන්ගෙන් විරෝධය එල්ල වෙමින් තිබේ.

ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)

යුද විජයග්‍රහණය සඳහා නායකත්වය දුන් දේශපාලන අධිකාරිය සහ හමුදා නායකත්වය අමතක නොකළ යුතු බවත්, සියලු දෙනාගෙන්ම ඉතිහාසය අමතක නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.