News Category
From Date
To Date
Maximum Number of Result

ඔටාවා සමූහ ඝාතනයේ සැකකරු පිරිමින්ට, ගිබිණි කාන්තාවන්ට කැමැත්තෙන් සිටි විකෘති ලිංගික ආශාවන් තිබූ අයෙක් ද? - සැකකරුගේ කැනඩා පෙම්වතියගෙන් අනාවරණයක් (වීඩියෝ)

Mar 16, 2024 at 08:14 AM
|

කැනඩාවේ ඔටාවා නුවරට තදාසන්න බාහීවන් ප්‍රදේශයේ සිය නිවසේ දී ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ධනුෂ්ක වික්‍රමසිංහ ඊයේ (15) රෝහලෙන් පිටව යාමට නියමිතව තිබිණි.

මේ අතර, ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයින් 05 දෙනෙකු ඇතුළු 06 දෙනෙකුට මරු කැඳවූ ඔටාවා සමූහ ඝාතනයේ සැකකාර ශ්‍රී ලාංකික තරුණයා ඔටාවා අධිකරණය හමුවට දෙවැනි දිනටත් ඉදිරිපත් කෙරුණි.

දුරකථනය ඔස්සේ සැකකරු අධිකරණය හා සම්බන්ධ වූ අතර නඩු විභාගය පැවතියේ විනාඩි 4ක කාලයක් පමණයි.

කැනඩා මාධ්‍ය වාර්තා කළේ, මූලික විමර්ශනවලදී ඔටාවා පොලිස් නිලධාරීන්ට වැරදුණු වින්දිතයින්ගේ නම්වල දෝෂ නිවැරදි කිරීමට පියවර ගෙන තිබුණත් චෝදනාවල කිසිදු සංශෝධනයක් සිදුව නොතිබූ බවය. 

මෙම නඩුව වාර්තා කිරීමට විශාල මාධ්‍යවේදීන් පිරිසක් අධිකරණ පරිශ්‍රයට රැස්ව සිටියත් සැකකාර 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයා අධිකරණයට රැගෙන ආවේ නැහැ. 

ඔහු නීති කෘත්‍යයට සම්බන්ධ වූයේ දුරකථනය ඔස්සේය. 

මේ වන විට ඔටාවාහි කාලෙටන් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින සැකකාර ෆෙබ්‍රියෝ ද සොයිසා පළමුවෙන් අධිකරණය හමුවේ තම අනන්‍යතාව ප්‍රකාශ කළේය.

නමුත්, සිය නම සහ උපන්දිනය කෙඳිරිලි හඬින් පවසද්දී, විශෝධන නිලධාරියා ඔහුට පවසා තිබුණේ, එය පැහැදිලිව උස් හඬින් පවසන ලෙසය. 

සැකකාර ෆෙබ්‍රියෝ ද සොයිසාට සාපරාධි මිනිමැරුම් චෝදනා 06ක් සහ මිනිමැරීමට තැත්කිරීමේ චෝදනාවක් එල්ලව තිබුණත්, මෙම කිසිදු චෝදනාවක් ඊයේ (14) අධිකරණය ඉදිරියේ යළි කියවා නැත. 

සය පුද්ගල ඝාතනයේ දෙවැනි දින නඩුව මිනිත්තු හතරකට සීමා වූ අතර, යළි නඩු විභාගය ලබන 28 වනදා පැවැත්වෙනු ඇත. 

මේ අතර, සැකකාර ෆෙබ්‍රියෝ ද සොයිසාගේ කැනඩා පෙම්වතිය හෙළිදරව් කළ බව කියන තොරතුරු අඩංගු වීඩියෝවක් සමාජමාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී.

ඇය එහිදී පවසා ඇත්තේ සැකකරු විකෘති ලිංගික ආශාවන් තිබූ පුද්ගලයකු බවත්, සමූල ඝාතනයේ දී දිවි බේරුණු ධනුෂ්ක වික්‍රමසිංහ සමග ඔහුගේ තිබූ සම්බන්ධය පිළිබඳව ඇය තුළ සැකයක් තිබූ බවත් ය.

කෙසේ වුවද ඇය පැවසූ බව කියන මෙම තොරතුරු පිළිබඳව මෙතෙක් සාක්ෂි සහිතව තොරතුරු අනාවරණය වීමක් සිදුවී නොමැත.


සම්බන්ධිත පුවත් | Related News

සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ගුරුවරයකුගේ ලංගික අතවරයට ලක්ව සියදිවි නසාගත් කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් දැරියගේ හඩට ඇය දිවිනසා ගන්නට පෙර කිසිවෙකු ඇහුන්කන් දීමට උත්සාහ කර නැති බවත්, ගුරුවරියක් ලෙස තමන් මෙම දැරියට සිදුවූ අපරාධය පිළිබඳව ලැජ්ජාවට පත්වන බවත් රූපවාහිනී සාකච්ඡාවක දී එක්තරා ගුරුවරියක් විසින් පවසයි.
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාව සමඟ විස්තීර්ණ ණය වැඩසටහනක නියුතුව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය සැපයීමට තවත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිත භූමිය අනවසරයෙන් වගා කිරීමට පිරිසක් පියවර ගෙන ඇති අතර ට්‍රැක්ටර ​භාවිතයෙන් ඉඩම් සකස් කර ඇති බවත් පැවසෙයි.
පසුගිය මැයි 06 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කුඩය ලකුණින් තරග කළ ජන අරගල සන්ධානය ආසන 16ක් දිනාගැනීමට සමත් වී තිබේ.
සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.