ඔටාවා සමූහ ඝාතනයේ සැකකරු පිරිමින්ට, ගිබිණි කාන්තාවන්ට කැමැත්තෙන් සිටි විකෘති ලිංගික ආශාවන් තිබූ අයෙක් ද? - සැකකරුගේ කැනඩා පෙම්වතියගෙන් අනාවරණයක් (වීඩියෝ)
කැනඩාවේ ඔටාවා නුවරට තදාසන්න බාහීවන් ප්‍රදේශයේ සිය නිවසේ දී ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ධනුෂ්ක වික්‍රමසිංහ ඊයේ (15) රෝහලෙන් පිටව යාමට නියමිතව තිබිණි.
මේ අතර, ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයින් 05 දෙනෙකු ඇතුළු 06 දෙනෙකුට මරු කැඳවූ ඔටාවා සමූහ ඝාතනයේ සැකකාර ශ්‍රී ලාංකික තරුණයා ඔටාවා අධිකරණය හමුවට දෙවැනි දිනටත් ඉදිරිපත් කෙරුණි.
දුරකථනය ඔස්සේ සැකකරු අධිකරණය හා සම්බන්ධ වූ අතර නඩු විභාගය පැවතියේ විනාඩි 4ක කාලයක් පමණයි.
කැනඩා මාධ්‍ය වාර්තා කළේ, මූලික විමර්ශනවලදී ඔටාවා පොලිස් නිලධාරීන්ට වැරදුණු වින්දිතයින්ගේ නම්වල දෝෂ නිවැරදි කිරීමට පියවර ගෙන තිබුණත් චෝදනාවල කිසිදු සංශෝධනයක් සිදුව නොතිබූ බවය.
මෙම නඩුව වාර්තා කිරීමට විශාල මාධ්‍යවේදීන් පිරිසක් අධිකරණ පරිශ්‍රයට රැස්ව සිටියත් සැකකාර 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයා අධිකරණයට රැගෙන ආවේ නැහැ.
ඔහු නීති කෘත්‍යයට සම්බන්ධ වූයේ දුරකථනය ඔස්සේය.
මේ වන විට ඔටාවාහි කාලෙටන් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින සැකකාර ෆෙබ්‍රියෝ ද සොයිසා පළමුවෙන් අධිකරණය හමුවේ තම අනන්‍යතාව ප්‍රකාශ කළේය.
නමුත්, සිය නම සහ උපන්දිනය කෙඳිරිලි හඬින් පවසද්දී, විශෝධන නිලධාරියා ඔහුට පවසා තිබුණේ, එය පැහැදිලිව උස් හඬින් පවසන ලෙසය.
සැකකාර ෆෙබ්‍රියෝ ද සොයිසාට සාපරාධි මිනිමැරුම් චෝදනා 06ක් සහ මිනිමැරීමට තැත්කිරීමේ චෝදනාවක් එල්ලව තිබුණත්, මෙම කිසිදු චෝදනාවක් ඊයේ (14) අධිකරණය ඉදිරියේ යළි කියවා නැත.
සය පුද්ගල ඝාතනයේ දෙවැනි දින නඩුව මිනිත්තු හතරකට සීමා වූ අතර, යළි නඩු විභාගය ලබන 28 වනදා පැවැත්වෙනු ඇත.
මේ අතර, සැකකාර ෆෙබ්‍රියෝ ද සොයිසාගේ කැනඩා පෙම්වතිය හෙළිදරව් කළ බව කියන තොරතුරු අඩංගු වීඩියෝවක් සමාජමාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී.
ඇය එහිදී පවසා ඇත්තේ සැකකරු විකෘති ලිංගික ආශාවන් තිබූ පුද්ගලයකු බවත්, සමූල ඝාතනයේ දී දිවි බේරුණු ධනුෂ්ක වික්‍රමසිංහ සමග ඔහුගේ තිබූ සම්බන්ධය පිළිබඳව ඇය තුළ සැකයක් තිබූ බවත් ය.
කෙසේ වුවද ඇය පැවසූ බව කියන මෙම තොරතුරු පිළිබඳව මෙතෙක් සාක්ෂි සහිතව තොරතුරු අනාවරණය වීමක් සිදුවී නොමැත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්