
රුසියානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම් කටයුතු සියල්ල සුදානම්
2024 පැවැත්විය යුතු රුසියානු ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා රුසියාව පුරා ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි. ඡන්ද විමසීම එළඹෙන ඉරිදා(17) සිට දින තුනක් පුරා පැවැත්වීමට නියමිතය.
මෙවර වසර හයක ධුර කාලයක් සහිත රුසියාවේ ඉහළතම රාජ්‍ය නායකයා පත් කිරීම සඳහා වන මැතිවරණයට අපේක්ෂකයින් හතර දෙනෙකු තරඟ වදියි. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින වත්මන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දක්ෂිනාංශික ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ (එල්ඩීපීආර්) ප්‍රධානියා වන ලියොනිඩ් ස්ලට්ස්කි, රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂක නිකොලායි කරිටොනොව් සහ ලිබරල් මධ්‍යවාදී නව ජනතාව නියෝජනය කරන ව්ලැඩිස්ලාව් ඩවන්කොව් යන ප්‍රතිවාදීන් හතර දෙනාට මුහුණ දෙනු ඇත.
2020 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකින් පසුව රුසියාවේ පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙය වන අතර, එය රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට වසර හයක ධූර කාලයක් සහිත වාර දෙකක සීමාවක් ස්ථාපිත කර තිබේ. කෙසේ වෙතත්, මෙම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ ප්‍රතිඵලයක් ලෙස පුටින්ට නැවත වතාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තිබූ සීමා ඉවත්වී ඔහුට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකියාව ලැබුණි.
ඡන්ද මධ්‍යස්ථානවල පුද්ගලිකව ඡන්දය ප්රකාශ කිරීමට තිබෙන පහසුකම් වලට අමතරව, ප්‍රදේශ 28 ක පමණ පදිංචිකරුවන්ට විද්‍යුත් ඡන්ද ක්‍රමය මගින් අන්තර්ජාලය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කළ හැකිය. මාර්ගගත ඡන්ද විමසීමට සහභාගී වීම සඳහා, ඡන්දදායකයින්ට 18 වනදාට පෙර රුසියානු රජයේ ඩිජිටල් වේදිකාවක් වන Gosuslugi හරහා විශේෂ ඉල්ලීමක් කිරීමට සිදු වන බවද එම වාර්තා පවසයි. කෙසේ වෙතත්, මොස්කව් ආශ්‍රිතව වෙසෙන ඡන්දදායකයින්ට මෙම පූර්ව අවසශ්‍යතාවයෙන් නිදහස් කර ඇති අතර අන්තර්ජාලය ඔස්සේ නිදහසේ ඡන්දය ප්රකාශ කිරීමට හැකි වේ.
රුසියානු මහජන අදහස් පර්යේෂණ මධ්‍යස්ථානයේ (VTSIOM) මත විමසුම්කරුගේ ඇස්තමේන්තු වලට අනුව මැතිවරණයට ඡන්දදායකයන්ගේ දායකත්වය 71% ක පමණ ඉහළ ප්‍රතිශතයක් අපේක්ෂා කරයි. මේ අතර දැනටමත් රුසියාවේ දුරස්ථ ප්‍රදේශ කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කර ඇති අතර මිලියන දෙකක පමණ ජනතාවක් දැනටමත් ඡන්දය ප්‍රකාශ කර ඇති බව නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
Polls open in Russian presidential election
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
