
ප්‍රධාන පෙළේ මත් ජාවාරමෙකු යැයි පැවසූ මොහොමඩ් ශිරාන් බාසික් නිදොස් කොට නිදහස්
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසූ මොහොමඩ් ශිරාන් බාසික් නැමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලබාදුන් සාක්ෂිවල ඇති බලවත් පරස්පරතා හේතුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කරන බවට මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කර තිබේ.
සැකකරු 2011 වසරේ ජනවාරි මස 11 වැනිදා කිරුළපන එඩ්මන්ටන් නිවාස සංකීර්ණය අසළදී හෙරොයින් ග්‍රෑම් 4.53ක ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් බව පැමිණිල්ලෙන් කියැවිණි.
ප්‍රථමයෙන් සඳහන් කර තිබුණේ ඔහු තනිව අත්අඩංගුවට ගත් බවට වුවද පසුව අදාළ පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ ඔහුගේ දරුවා සමග සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවය.
එසේම තමාට ලද දුරකථන ඇමතුමකට අනුව අදාළ වැටලීම කළ බවට පොලිස් නිලධාරියෙකු විසින් අධිකරණය හමුවේ පවසා තිබුණද එම දුරකථන අංකය වසර එකහමාරකට පමණ පෙර විසන්ධි කර ඇති බවට සාක්ෂි සහිතව විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණි.
එම සාක්ෂි අනුව විත්තිකරු වරදකරු කිරීම නුසුදුසු බවට විනිසුරුවරයා එහිදී නිගමනයකට එළඹ තිබුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
