
චීනය ශ්‍රී ලංකාවේ හමුදා කඳවුරක් හදන්න හදනවා – අමෙරිකානු බුද්ධි අංශ යළි කියයි
ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල සිය බල විහිදීමේ හැකියාවන් ඉහළ නැංවීමට සහ ජාතික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමේ ප්‍රයත්නයෙන් හමුදා පහසුකම් පිහිටුවීමේ හැකියාව චීනය විසින් ගවේෂණය කරමින් සිටින බව එක්සත් ජනපද බුද්ධි ප්‍රජාවේ නවතම වාර්තාවක් අනාවරණ කරයි.
මහජන විමුක්ති හමුදාව සිය බලය විහිදුවීමට සහ විදේශයන්හි චීනයේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී විදේශීය හමුදා ස්ථාපනයන් සහ ප්‍රවේශ ගිවිසුම් පිහිටුවීම අඛණ්ඩව කරගෙන යනු ඇති බව එක්සත් ජනපද බුද්ධි ප්‍රජාව සිය 2024 වාර්ෂික තර්ජන තක්සේරුව මගින් ප්‍රකාශ කර ඇත.
“ජිබුටිහි සිය හමුදා කඳවුර සහ කාම්බෝජයේ රීම් නාවික කඳවුරේ හමුදා පහසුකම් සංවර්ධනය කිරීමෙන් ඔබ්බට යමින් චීනය විසින් බුරුමය, කියුබාව, සමක ගිනියාව, පකිස්ථානය, සීෂෙල්ස්, ශ්‍රී ලංකාව, ටජිකිස්තානය, ටැන්සානියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ස්ථාන කිහිපයක හමුදා පහසුකම් හඹා යාමට සළකා බලමින් සිටින බව එහි සඳහන් විය.
2035 වසර වන විට චීනය සිය හමුදාව සම්පූර්ණයෙන්ම නවීකරණය කරමින් ජාතික ආරක්ෂක සහ මිලිටරි බලකායක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවත් 2049 වසර වන විට චීන මහජන හමුදාව ලෝක මට්ටමේ මිලිටරියක් බවට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත් පිටු 40කින් යුත් එම වාර්තාවේ සඳහන් වේ.
එක්සත් ජනපද බුද්ධි ප්‍රජාවේ සාමූහික බුද්ධිය ගෙනහැර දක්වන වාර්තාව පවසන්නේ, එක්සත් ජනපදය “…මහා බල තරඟය, අන්තර්ජාතික අභියෝග සහ කලාපීය ගැටුම්” වැනි අභියෝගවලට මුහුණ දෙමින් සිටින බවයි.
චීනය, ඉරානය සහ රුසියාව වත්මන් අන්තර්ජාතික නීති පාදක නියෝගයන්ට අභියෝග කරමින් සිටින බවට ද එම වාර්තාව තවදුරටත් අනතුරු අඟවයි.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
