News Category
From Date
To Date
Maximum Number of Result

ආර්ථිකය කඩාවැටුනේ සියල්ල නොමිලේ දුන් නිසා... කිසිවක් නොමිලේ දෙන්න බැහැ - ජනපති රනිල් කියයි

Mar 14, 2024 at 07:50 AM
|

රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන, බලය ලබා ගැනීම වෙනුවෙන් ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම වරද කිරීමට තමා සූදානම් නැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා සත්‍යයට මුහුණ දෙමින් රටට සුබවාදී අනාගතයක් ගොඩනගා ගැනීමට සියලුදෙනා කටයුතු කළයුතු බවද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “යුනයිටඩ් යූත් තරුණ එකමුතුව “ තරුණ අපේ අනාගතය” නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමිනි. මෙම හමුව තැප්රොබේන් ඒන්ටර්ටේට්මන්ට්හීදි පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ආර්ථිකය ගොඩනැගීමේදී අප කඩිනමින් අපනයන ආර්ථිකයකට යොමු විය යුතු බවයි.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටි අතර, ඔවුන්ගේ ප්‍රශ්න ඍජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ද මෙහිදී අවස්ථාව සලසා දී තිබිණි.

එම සියලු ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබාදීමට කටයුතු කළ ජනාධිපතිවරයා තරුණ තරුණියන් සමග සුහද කථා බහකට ද එක් විය.

මෙම කතිකාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණිම සනිටුහන් කරමින් “යුනයිටඩ් යූත් තරුණ ඒකමුතුවේ” උපදේශක නියෝමාල් පෙරේරා මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ ප්‍රශ්න සහ ජනාධිපතිවරයා ලබාදුන් පිළිතුරු පහත පරිදි වේ.

ප්‍රශ්නය,

වර්තමානය වන විට ජංගම දුරකතනවල මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම අන්තර්ජාල සේවා ගාස්තුවල ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් ඔබතුමා මාර්ගගත අධ්‍යපාන ක්‍රමය හදුන්වාදීම නිසා පසුගිය කොරෝනා සමයේ එය විශාල පහසුවක් වුණා. ඒනිසා තරුණ තරුණියන්ගේ සන්නිවේදන සාක්ෂරතාවය දියුණු කිරීමට ඔබතුමා ගෙන ඇති පියවර කුමක්ද?

පිළිතුර,

හැමදේම නොමිලේ ලබාදීම රටේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. නොමිලේ ලබා දීමේදී තව කෙනෙකුගෙන් එය අය කර ගැනීමක් සිදු වෙනවා. අපේ රටේ අපි හැම දේම නොමිලේ දුන්නා. ආදායම් නැති වෙලාවෙදි මුදල් මුද්‍රණය කරමින් ජනතාවට නොමිලේ සහන ලබාදීමට කටයුතු කළා. මේ හේතුවෙන් ලබාගත් විදේශ ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇති වුණා. අවසානයේ අප දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා.

ආණ්ඩුවක් ලෙස ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගත් විට ජනතාවට ගෙවීමේ හැකියාව ඇතිවෙනවා. එම ගෙවීමේ හැකියාව ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීමට නව වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව එක් ඩොලරයක් සඳහා රුපියල් 310ක් පමණ වියදම් කරනවා. අප ඉන්නේ විශාල අර්බුදයක් මැදයි. එම අර්බුදයෙන් එළියට ඒමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

ඉතින් මම මෙතනට ඇවිල්ලා data නොමිලේ ලබා දෙනවා කියලා පොරොන්දු දුන්නොත් මම සිදු කරන්නේ සෑම දෙනාම මුළා කිරීමක්. ඒ නිසා මම ඔබලාට ලබා දෙන පොරොන්දුව වන්නේ ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කර ජනතාවගේ ගෙවීම් හැකියාව දියුණු කිරීමට වැඩසටන් ක්‍රියාත්මක කරන බවයි. යම් දේවල් නොමිලේ ලබා දුන්නොත් ඉදිරියේදී නැවත විදුලි කප්පාදු, ඉන්ධන පෝලිම් ඇතිවෙන්න පුළුවන්. පසුගිය අදුරු යුගයට රට නැවත ඇද නොවැටෙන ලෙස කටයුතු කිරීමට අප සියලුදෙනා වගබලා ගත යුතුයි.

ප්‍රශ්නය,

රජයට බරක් නොවී තම දක්ෂතාවලින් ව්‍යාපාර කිරීමට කැමැත්තක් දක්වන පිරිසක් මෙතන සිටිනවා. ඔවුන්ට ලබා දිය හැකි දායකත්වය කුමක්ද? ඒ වගේම විද්‍යාර්ථයින් ගුරු වෘත්තිය සඳහා බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් තිබෙනවාද? සබරගමුව පළාත තුළ ගුරු වෘත්තිය සඳහා බඳවා ගැනීම් මේ වන විටත් සිදුකර නැහැ.මේ පිළිබඳ ඔබ ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද?

පිළිතුර,

ගුරුවරු බඳවා ගැනීමේදී අසාධාරණයක් වූවා යැයි පවසමින් එක කණ්ඩායමක් අධිකරණයට ගොස් තිබෙනවා. එම ප්‍රශ්නය නිසා උසාවිය ගුරු පත්වීම් සඳහා බඳවා ගැනීම් කල් දමා තිබෙනවා. මෙම නඩුව ඉක්මනින් අවසන් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ස්වයං රැකියා සිදුකරන ව්‍යවසායකයින්ට ආධාර උපකාර ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. පසුගිය ආර්ථික අර්බුදය සමයේ ස්වයං රැකියා සිදු කරන පිරිස් කඩා වැටීමකට ලක් වුණා. එකවර විශාල ප්‍රමාණයකට බැංකු ණය ලබාදීමෙන් ආර්ථික අර්බුදයක් නැවත ඇතිවිය හැකිය. එම නිසා ස්වයංරැකියාවල නියුතු ප්‍රජාවගේ ප්‍රමුඛතා අනුව බැංකු ණය ලබා දීමට සැලසුම් කර තිබෙනවා. මීට පෙර ස්වයං රැකියා ලාභීන්ට ලබා දුන් බැංකු ණය නැවත අයකර ගැනීමේදී විවිධ ප්‍රශ්න මතුවී තිබෙනවා. සංචාරක ව්‍යාපාරයට අදාළ ස්වයං රැකියා සඳහා වැඩි නැඹුරුතාවයක් දැක්විය යුතුයි. මෙරට සංචාරක ව්‍යාපාරය මේ වන විට විශාල දියුණුවක් ලබමින් තිබෙනවා.

ප්‍රශ්නය,

ක්‍රීඩකයන්ගේ පෝෂණ ප්‍රශ්න ගණනාවක් මේ වන විට ඇතිවී තිබෙනවා. ඒ සම්බන්ධව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?

පිළිතුර,

දැනට ක්‍රීඩා අමාත්‍යංශයෙන් මේ සඳහා සහනයක් ලබාදී තිබෙනවා. මීට වඩා සංවිධානාත්මකව ඉදිරියේදී ක්‍රීඩකයන්ගේ පෝෂණය වර්ධනය කිරීමට අප කටයුතු කරනවා. ඒ වගේම පුහුණු ස්ථාන වැඩි කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩකයන්ට වයස අවුරුදු 8 සිටම පෝෂණය ලබාදීම සිදුකළ යුතුයි. ඒ නිසා පාසල් ක්‍රීඩකයන්ගේ පෝෂණ තත්ත්වය ඉහල නංවාලීමට පෞද්ගලික ආයතන දායක කරගැනීමටත් බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩකයන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීමටත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ක්‍රීඩා කිරීම සඳහා අවශ්‍ය ඇඳුම් ලබාදීම ද සිදු කරනවා. අනෙක් රටවල්වල වාණිජ මට්ටමෙන් ක්‍රීඩාව සිදුකරන නිසා ඊට පෞද්ගලික ආයතනවල දායකත්වයත් සෘජුව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වාණිජ මට්ටම දක්වා දියුණු වී නැහැ. ඊළඟ දශකය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වාණිජ මට්ටමට දියුණු කළ යුතුයි. ඒ සඳහා රජයෙන් අවශ්‍ය දායකත්වය ලබා දෙනවා.

ප්‍රශ්නය,

ජනතාවට අස්වැසුම වැඩසටහන මඟින් ලබාදෙන රුපියල් 5000ට සීමා නොවී එම ජනතාවගේ හැකියාවන් හදුනාගෙන පුහුණුවක් ලබාදීම තුළින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ප්‍රාග්ධනය සැපයීමේ වැඩපිළිවෙළකට යා හැකිනම් එය වඩා ප්‍රායෝගිකයි නේද,

පිළිතුර,

අප පසු කළේ ඉතා අසීරු කාලයක්. එහිදී පළමු වගකීම වුණේ ජනතාව ජීවත් කරවීමයි. වෙනත් ව්‍යාපාර කිරීමට පෙර ඔවුන්ට එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට තිබුණා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ පැවති සාකච්ඡාවලදීත් මෙම ජනතාව කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නා. ඔවුන්ට ලබාදෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමට තීරණය කළ විට අපට මුහුණ දීමට සිදුවු පළමු ප්‍රශ්නය වුණේ ඒ සඳහා මුදල් සොයා ගන්නේ කෙසේද යන්නයි. ඉන් පසුව අස්වැසුම වැඩසටහන ආරම්භ කිරිම වෙනුවෙන් ලෝක බැංකුව අපට ඩොලර් මිලියන 100ක මුදලක් ලබාදුන්නා. සමෘද්ධියෙන් ජනතාවට ලබාදුන් මුදල ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අප එම මුදල මෙන් තුන් ගුණයක් අස්වැසුම මඟින් ජනතාවට ලබාදීමට කටයුතු කළා. සුදුසුකම් සම්පූර්ණ කළ අය සඳහා සෘජුව එම මුදල් ලබාදීමට ඒ අනුව පියවර ගෙන තිබෙනවා. මෙම සහය නැතිව ජනතාවට ඉදිරියට යාම අපහසුයි.

ඒ වගේම අඩු ආදායම්ලාභී ජනතාව මෙම මුදල් පරිභෝජනය සඳහා අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට වියදම් කරනවා.

එවිට වෙළෙඳපොළ දියුණු වනවා. ඒ හරහා ආර්ථිකය දියුණු වෙනවා. ඒ වගේම විමධ්‍යගත අයවැය සහ කඳුකර දශකයට ලබා දී ඇති මුදල් වැය කිරීමේදීත් ඒවා නැවත ලැබෙන්නේ රජයටයි. පසුගිය කාලයේ ග්‍රාමීය කුඩා කර්මාන්තකරුවන්ගේ කර්මාන්ත බිඳ වැටී තිබුණා. නැවත මේවා ගොඩනඟා ගැනීම තුළින් ඒ මුදල් නැවත රටේ ආර්ථිකයට එක් වෙනවා.

මෙම කටයුතුවලින් වගේම සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන මුදල්වලින් තමයි ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ. ඒ වගේම 2023 වසරේ සිට හොඳ අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙන් අපි කැපවී කටයුතු කළා. මේ සියලු කටයුතු වලින් අපේ ආර්ථිකයේ පරිහරණය කරන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා.

ඒ වගේම ජනතාවගේ සින්නකර ඉඩම් අයිතිය ලබාදීම වෙනුවෙන් අප පියවර ගෙන තිබෙනවා. ඒ වගේම බස්නාහිර පළාත තුළ තට්ටු නිවාසවල සිටින අඩු ආදායම්ලාභී ජනතාවට එම නිවාසවල අයිතිය ලබාදිමේ වැඩපිළිවෙළ ද අප ක්‍රියාත්මක කර තිබෙනවා.

ප්‍රශ්නය,

දුරබැහැර ප්‍රදේශවල දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාම වෙනුවෙන් වඩා හොද සන්නිවේදන පහසුකම් ලබාදිය හැකිනම් එය ඉතා යෝග්‍ය වෙනවා නේද,

පිළිතුර,

ඇතැම් ප්‍රදේශවල මෙම ගැටලුව තිබෙනවා. අප උත්සාහ කරන්නේ ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කිරීමටයි. ගමේ තිබෙන පහසුකම් තුළින් තමයි ගම දියුණු වෙන්නේ. අපි එම පහසුකම් දැන් ක්‍රමාණුකූලව වැඩිදියුණු කරගෙන යනවා. විශේෂයෙන් SLT සමාගම පුද්ගලික අංශයට භාරදුන් විට මෙම යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආයෝජන කිරීමට ඔවුන්ට දැනුම් දෙනවා. නවීන තාක්ෂණය නොමැතිව අපට ඉදිරියට යන්න බැහැ. අපේ ආර්ථිකය ඩිජිටල් ආර්ථිකයක් බවට පත්කළ යුතුයි. ආණ්ඩුවට මුදල් නැහැ. ඒ නිසා පුද්ගලික අංශය සමග මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය,

සිනමා කලාව තවම කර්මාන්තයක් නොවෙයි. කර්මාන්තයකට ලැබෙන කිසිදු වරප්‍රසාදයක් අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනෙක් කර්මාන්තවලට ලැබෙන වරප්‍රසාද සිනමා කර්මාන්තයට ලබා දෙන ලෙසත්, සිනමා පට බෙදාහැරීමේ ක්‍රමයේ පවතින අඩු පාඩු සකස් කර දී මෙම කර්මාන්තය රැක ගැනීමට කටයුතු කරන ලෙසත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර,

චිත්‍රපට ප්‍රමාණය වැඩිවීමත් සමඟ චිත්‍ර පටියක් නිර්මාණය කර එය ප්‍රදර්ශනය කිරීමට වසර 05ක් වැනි කාලයක් ගත වෙනවා. නමුත් චිත්‍රපටයක් නිර්මාණ කළ විගස එය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉදිරිපත් කළ යුතුයි. මේ ප්‍රශ්නය පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා.

ඒ වගේම සිනමා කර්මාන්තය දියුණු කිරීමට නම් හොඳ සිනමා ශාලා අවශ්‍යයි. ඒ නිසා අනෙක් රටවල් වගේ සිනමාව වෙළෙඳ පොළට විවෘත කිරීමෙන් සිනමාව දියුණු කළ හැකියි. නමුත් මෙය කරන්නේ කෙසේද කියා අප අවධානය යොමු කළ යුතුයි. ආර්ථික වශයෙන් ආයෝජනය කරන මුදලට සරිලන ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්නම් ඵලක් නැහැ. ඒ නිසා මෙම ගැටලුව විසදීම පිළිබඳ අප සාකච්ඡා කරමින් සිටිනවා.

ප්‍රශ්නය,

රටේ ඇති වී ඇති ආර්ථික ගැටලුව සහ එයට කඩිනමින් විසඳුම් ලබාදී ආර්ථිකය ගොඩනැඟීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිළි කළහොත්?

පිළිතුර,

මේ රටේ ඇති වූ ආර්ථික අර්බුදය කාලයක් තිස්සේ ඇති වූ දෙයක්. යුද්ධයෙන් පසුව අපේ අපනයන අඩු වුණා. නමුත් ආනයන වැඩි වුණා. මේ නිසා වෙළෙඳ ශේෂයේ හිඟයක් ඇති වුණා. අපි අපේ කෘෂිකර්මාන්තය පිළිබඳ අවධානය යොමු කළේ නැහැ. රටේ තේ, පොල්, රබර් කර්මාන්ත කඩා වැටුණා. අපේ ඉඩම් ප්‍රතිපත්ති නිසා මෙරට තේ වගා කළ විදේශ සමාගම් අප්‍රිකාව, කෙන්යාව වැනි රටවලට ගොස් තේ වගා කිරීමට යොමු වුණා. ඔවුන්ගේ රටවල එම වගාවන් හොදින් සිදුවන නිසා එම රටවල් දැන් අපට ස්තූති කරනවා.

අපි අපේ අපනයන කර්මාන්තය දියුණු කළේ නැහැ. 1991 මම කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී වියට්නාමයේ කර්මාන්ත අමාත්‍යවරයා මගෙන් විමසුවා ඔබ ඔබේ රටේ කර්මාන්ත දියුණු කරන්නේ කෙසේද, කියලා. දැන් මට ඔහුගෙන් ඒ ප්‍රශ්නය ඇසීමට සිදුව තිබෙනවා.

අපේ දේශපාලනඥයන් ජනතාවට පොරොන්දු ගොඩක් ලබා දුන්නා. නමුත් අපි ඇත්ත ලෝකය දෙස බැලුවේ නැහැ. බංග්ලාදේශය නිදහස ලබන විට ඔවුන්ට මුදල් තිබුණේ නැහැ. අද බංගල්දේශය අපට ඩොලර් මිලියන 200ක් ලබාදී තිබෙනවා. අපේ රටට මොකක්ද වුණේ කියලා දැනගෙන අප ඉදිරියට යා යුතුයි. ඒනිසා පොරොන්දු දීලා වැඩක් නැහැ.

ඇතැම් අය කියනවා ජාතික ආර්ථිකය ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි කියලා. ජාතික ආර්ථිකය කියලා අභ්‍යන්තර වෙළෙදපොළට සීමා වෙනවා නම් එය ජාතික ආර්ථිකයක් නොවෙයි. පරාක්‍රමබාහු රජතුමාටත් අපනයනය කිරීමට සිදු වුණා. එසේ නම් ඇයි අපට අපනයන ආර්ථිකයකට යොමු විය නොහැකියි.

මම මේ තනතුර භාරගත්තේ වෙන කවුරුත් එය භාරගැනීමට ඉදිරිපත් නොවූ නිසයි. වගකීම් භාර ගැනීමට ඔවුන් බිය වුණා. එයයි සත්‍ය තත්ත්වය.

නමුත් තවමත් විවිධ අය විවිධ ප්‍රකාශ සිදු කරනවා. එක් පිරිසක් කියනවා මේ රටේ ව්‍යාපාරිකයන්ගේ මුදල් පිටරට තිබෙනවා ඒ මුදල් ගෙන ආ විට ප්‍රශ්නය ඉවරයි කියලා. තවත් පිරිසක් කියනවා දේශපාලනඥයන් පිට රට බැංකුවලට දාපු මුදල් ගෙන ආ විට ප්‍රශ්නය ඉවරයි කියලා. ඒ වගේම රාජපක්ෂලාගේ මුදල් නැවත අය කර ගත් විට ප්‍රශ්නය ඉවරයි කියනවා. මේ එකක්වත් විසදුමක් නොවයි.

රටේ අපනයනවලට වඩා ආනයන වැඩිනම් අපි ණය ලබාගත් විට අපට එම ණය ආපසු ගෙවන්න බැරි වෙනවා. පසුගිය වසර ගණනාව පුරා සිදු වුණේ එයයි.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ඇතැම් අය රට අතහැර ගියා. දැන් කියනවා එංගලන්තයට වඩා ලංකාව හොදයි කියලා. එංගලන්තයේ තිබෙන ප්‍රශ්න අපේ රටේ ප්‍රශ්න තරම් පහසුවෙන් විසඳාගන්න බැහැ. අපි අපේ රට ගොඩනගාගෙන ඉදිරියට යමු කියලා මම ඔබ සියලුදෙනාට ආරාධනා කරනවා.

ප්‍රශ්නය,

සනීපාරක්ෂක තුවා සඳහා අසාධාරණ ලෙස 47% පමණ ඉහළ බදු පැනවීමක් කර ඇති බව අධ්‍යයනයන් පෙන්වා දී තිබෙනවා. එය සත්‍ය නොවන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද ප්‍රකාශ කර තිබුණා. නමුත් මෙය ඇත්තටම විශාල ගැටලුවක් බවට පත්වී තිබෙනවා. ඒ නිසා මේ කාරණය පිළිබඳ ඇත්ත දැනගන්න අවශ්‍යයි

පිළිතුර,

ඔබ ඇසූ ප්‍රශ්නයට ඇමැතිතුමා පිළිතුරක් ලබාදී තිබෙනවා. අනික් ප්‍රශ්නය තමයි රුපියල අවප්‍රමාණය වීම. බදු ප්‍රශ්න වලට අමතරව මේ හේතුව නිසාත් අද මිල ඉහළ යාමක් සිදුව තිබෙනවා. කාන්තා ජනගහනයෙන් අඩකට පමණ සනීපාරක්ෂක තුවා ලබා ගැනීමට නොහැකි වී තිබෙන නිසා මෙය රටේ ගැටලුවක් වී තිබෙනවා. ඒ නිසා එය හසුරුවන්නේ කෙසේද යන්න පිළිබඳව රජයේ අවධානයට ලක්ව තිබෙනවා. බදු නොගෙව්වොත් අයවැය පියවා ගැනීම සඳහා අවශ්‍ය මුදල් නැතිවෙනවා. බදු අය කළහොත් මිල වැඩි වෙනවා. ඉතින් මේවා තමයි මේ මොහොතේ ආණ්ඩුවට මුහුණ දෙන්න වෙලා තිබෙන ප්‍රශ්න. ඒ නිසා මෙය අප අවධානය යොමු කළ යුතු ප්‍රශ්නයක්.ඒ බව මම පිළිගන්නවා.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාව සමඟ විස්තීර්ණ ණය වැඩසටහනක නියුතුව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය සැපයීමට තවත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිත භූමිය අනවසරයෙන් වගා කිරීමට පිරිසක් පියවර ගෙන ඇති අතර ට්‍රැක්ටර ​භාවිතයෙන් ඉඩම් සකස් කර ඇති බවත් පැවසෙයි.
පසුගිය මැයි 06 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කුඩය ලකුණින් තරග කළ ජන අරගල සන්ධානය ආසන 16ක් දිනාගැනීමට සමත් වී තිබේ.
සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.
සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටී ඇති බව පාකිස්තානය ප්‍රකාශ කරන බව ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.
ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
ඉන්දීය හමුදා විසින් එල්ලකළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය මෙහෙයුමක් ආරම්භකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
2025 වසරේ පිට පිට දෙවැනි මාසයටත් මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය පසු බැසීමක් පෙන්නුම් කර ඇතැයි වාර්තා වෙයි.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.