
එට්කා ගිවිසුම අත්සන් කළහොත් ශ්‍රී ලංකාවට ගැලවීමක් නැහැ- දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ )
සමස්ත රටම ඉන්දියාවට පාවා දෙන එට්කා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව එය ආපසු හැරවීම කිසි විටකත් කළ නොහැකි භයානක ගිවිසුමක් බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඊයේ (12) කොළඹ 7 නිදහස් මාවතේ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මධ්‍යස්ථානයේදී මහාචාර්ය පූජ්‍යය මැදගොඩ අභයතිස්ස හිමිගේ සහ ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති " ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම එට්කා: අවසන් සැතපුම" කෘතිය ජනගත කිරීමේ උත්සවයේදී ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා,
" ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඉතා පැහැදිළිව ඉන්දියානු ව්‍යාප්තවාදය නම් සිය විග්‍රහය තුළ පෙන්වා දුන්නා ඉන්දියාව තමාගේ 29 වන ප්‍රාන්තය බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමට කටයුතු කරන බව. ඒ වගේම එම 29 වන ප්‍රාන්තය ආසියාවේ ඊශ්‍රායලය බවට පත් කරවන බවත් ඔහු පෙන්වා දුන්නා. ඒ වගේම ආසියාවේ නේටෝව හදන බවත් ඔහු අනාවැකි පල කළා. ඔහුගේ අනාවැකිය අද QUAD පිහිටුවීමෙන් යථාර්ථයක් බවට පත්කර අවසන් කර තිබෙනවා. 29 වන ප්‍රාන්තය ගොඩනැගීමෙන් ඉන්දියාව නවතින්නේ නැහැ. ඔවුන් 30 වන ප්‍රාන්තයත් නිර්මාණය කරනවා. 29 වන ප්‍රාන්තය දකුණු ආසියාවේ ඊශ්‍රායලය නම් 30 වන ප්‍රාන්තය ගාසා තීරය බවට පත් වෙනවා. ගාසා තීරය බවට පත් වන්නේ සිංහල බෞද්ධ ජනයා ජීවත් වන පලාත්. ඒ අනුව ඉතා පැහැදිළියි සිංහළ බෞද්ධයාගේ නලලේ කොටා තිබෙන ඉරණම. ඉන්දියාව ඉන්දු ලංකා ගිවිසුමත් සමඟ 18 වතාවක් මේ කුඩා රාජ්‍ය අත්පත් කර ගැනීමට උත්සහා කර තිබෙනවා. එහෙත් ඔවුන්ට මේ රට යටත් කර තබා ගැනීමට නොහැකි වූවා. නමුත් ඔවුන් මේ එට්කා ගිවිසුම හරහා තමන්ගේ අරමුණ ඉටු කර ගන්නවා. කුමන හෝ මිලක් ගෙවා අපි මේ එට්කා අත්සන් කිරීම නැවැත්විය යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
