
'ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම... එට්කා අවසන් සැතපුම' කෘතිය ජනගත වෙයි
'ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම... එට්කා අවසන් සැතපුම' කෘතිය කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ පිහිටි පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ අද (මාර්තු 12) දින ජනගත කිරීම සිදුවිය.
මෙහි මුලසුන මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි සහ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් දරනු ලැබූ අතර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉන්ජිනේරු කපිල පෙරේරා, දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් යන මහත්වරුන් මෙහි විශේෂ දේශන පවත්වනු ලැබීය.
එහිදී අදහස් දැක් වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ 'එට්කා ගිවිසුම' පිළිබඳව සාකච්ඡා ක්‍රියාවලිය රනිල් වික්‍රමසිංහ මහතා 2003 වසරේ ආරම්භ කළ පසු අවස්ථා හරතරක දී වෙනස්කම්වලට භාජනය කරමින් එම ගිවිසුම ගෙන ඒමට උත්සාහ දැරූ බවය.
මුල් අවස්ථාවලදී මෙම ගිවිසුමේ ලේඛන හෙළිදරව් වීම නිසා රටේ මේ පිළිබඳව විශාල විරෝධයක් පැනනැගුණ හෙයින් මෙවර ඉන්දියාව විසින් ආක්‍රමණකාරී ලෙස එට්කා ගිවිසුමේ ලේඛන හෙළිදරවීම වැළැක්වීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා මෙහිදී හෙළිකළේය.
අමාත්‍ය මණ්ඩලය රවටමින් ජනාධිපතිවරයා විසින් මෙහිදී අත්තනෝමතිකව කටයුතු කරමින් සිටින බවද, ජනාධිපතිවරයා අගමැතිවරයාව සිටිය දී ගෙන ආ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩපිළිවෙල තුළ අද මේ කරගෙන යනු ලබන සියලු දේ අන්තර්ගතව තිබූ බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දෙනු ලැබීය.
රනිල් වික්‍රමසිංහ මහතාට එදා කරගැනීමට නොහැකි වූ පවාදීම් සියල්ල කිරීමට ඔහු විසින් තමන්ගේ අතේ තිබූ 'රිලේ බැටන්' එක මහින්ද රාජපක්ෂ මහතා අතට ලබාදුන්නද සිංහල බෞද්ධ බලවේග ඔහුගේ කකුල් දෙකේ එල්ලී සිටීම නිසා එය කරගැනීමට නොහැකි වූ බවත් ඒ මහතා පැවසීය.
එට්කා ගිවිසුම සීපා ලෙසින් ගෙන ආ සමයේ මහින්ද රාජපක්ෂ මහතා ජාතික බලවේගවලට පැවසුවේ මෙය නොකර සිටීමට නම් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට උද්ෂෝෂණ පැවැත්විය යුතු බව යැයි ද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී හෙළිකළේය.
2015 වසරේ දී නැවත රනිල් වික්‍රමසිංහ මහතා රිලේ බැටන් එක රැගෙන දුවන්නට උත්සාහ කළ ද එවරද ඔහු අසමත් වූ බවත්, පසුව එය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතට ලබාදී පසුව ඔහුව පළවාහැරි පසුව නැවත රනිල් වික්‍රමසිංහ මහතා එම රිලේ බැටන් එක රැගෙන දුවමින් සිටින බවත්, ඔහු මෙවර උත්සාහ දරන්නේ එට්කා අවසාන සැතපුම දීවීම සඳහා බවත් වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පෙන්වා දෙනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක වන ජත්‍යන්තර න්‍යායපත්‍ර 6ක් පිළිබඳව මෙම කෘතියේ දක්වා ඇති බවත්, එම න්‍යායපත්‍ර හයම රටට බිහිසුනු අන්තරායක් එල්ල කරනු ලබන න්‍යාය පත්‍ර බවත්ය.
ශ්‍රී ලංකාවේ ඇති සම්පත් ඉන්දියාවේ නොමැති බවද, ඔවුන් මේ රටේ ඇති වටිනාකම හොඳින්ම දන්නා බවද, මේ මොහොතේ රට මෙම ආක්‍රමණයෙන් ගලවා ගැනීමට සියලු පාර්ශ්ව පෙළ ගැසිය යුතු බවද ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
