
NSBMහි වෛද්‍ය පීඨය හෝමාගම මූලික රෝහලේ පිහිටුවන්න යයි
ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල (NSBM) යටතේ වෛද්‍ය පීඨයක් පිහිටුවීම සඳහා හෝමාගම මූලික රෝහල රජයට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
රජය සතු පූර්ණ ස්වයං මුල්‍ය ආයතනයක් වන ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල මගින් අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමට යෝජනා කර ඇත.
වෛද්‍ය විද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය සහ ශල්‍යවේදී උපාධිය (MBBS) ප්‍රදානය කිරීමටත්, අදාළ උපාධි පාඨමාලාව සඳහා වාර්ෂිකව දෙස් විදෙස් සිසුන් 500ක් බඳවා ගැනීමටත් යෝජිතය.
මෙම වෛද්‍ය පීඨයේ උපාධිය වෙනුවෙන් සායනික පුහුණුව සඳහා සුදුසු රජයේ රෝහලක් ලෙස හෝමාගම මූලික රෝහල වෙන් කිරීමට ආයතනය අනුමැතිය ඉල්ලා තිබිණි.
ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසලේ වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සඳහා හෝමාගම මූලික රෝහල යොදා ගැනීමට මේ වන විටත් ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බැවින් වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුව සඳහා මෙන්ම මහාචාර්ය ඒකක පහසුකම් සඳහා සම්පත් බෙදාගැනීමට රෝහල වෙන්කරවා ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට යෝජනා කර ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිතීන් අනුගමනය කරමින් හෝමාගම මූලික රෝහලේ සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල එකඟ වී ඇති බවද වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
