
ජානිපෙ නායක විමල් වීරවංශ සහ චීන තානාපති කාර්යාලයේ කවුන්සල්වරයා අතර විශේෂ හමුවක්
චීනය යනු ශ්‍රී ලංකාවට දුෂ්කර සහ අභියෝගාත්මක සෑම අවස්ථාවකදීම උදව් කළ රාජ්‍යයක් බවත් නමුත් ශ්‍රී ලංකාවේ කලින් කලට සිදුවන දේශපාලන වෙනස්කම් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය පළුදු අවස්ථාවන් ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කවුන්සල්වරයා(Counsellor) වන Chen Xiangyuan මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ජානිපෙ නායකවරයා ලබා දුන් පිළිතුරු පහත පරිදිය.
*මෙවැනි සාකච්ඡාවකට අවස්ථාව නිර්මාණය වූයේ කෙසේද?
ඇත්තෙන්ම චීන තානාපති කාර්යාලයෙන් තමයි ඉල්ලීමක් ආවේ, අපේ පක්ෂ මූලස්ථානයට පැමිණ සාකච්ඡාවක් කිරීමට. ඒ අනුව තමයි මේ අවස්ථාව නිර්මාණය වූයේ. රටේ වර්තමාන දේශපාලන වාතාවරණය තමයි මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කළේ. ඊට අමතරව ඔවුන් අපේ පක්ෂයේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් යම් යම් කරුණු විමසා සිටියා.
*චීන ආයෝජන ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් සිදුවෙද්දී එමගින් චීන ආක්‍රමණයක් සිදුවන බව ඔබතුමන්ලා ඔවුන්ට පෙන්වා දුන්නා ද?
චීන ආක්‍රමණයක් පිළිබඳව අපි කිසිවිටෙකත් කතා කරලා නැහැ. එහෙම අදහස් දරන වෙනත් අය ඉන්නවා. නමුත් අපි එහෙම අදහසක් කිසිවිටෙක දරලා නැහැ. චීනය ඓතිහාසිකව ශ්‍රී ලංකාවේ මිත්‍ර රාජ්‍යයක්; ඒ වගේම අප රට සමග ආර්ථික සබඳතා පුළුල් වශයෙන් පවතින රාජ්‍යයක්; අනෙක් අතට අපට දුෂ්කර සහ අභියෝගාත්මක සෑම අවස්ථාවකදීම උදව් කළ රාජ්‍යයක්. නමුත් ශ්‍රී ලංකාවේ කලින් කලට සිදුවන දේශපාලන වෙනස්වීම් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය පළුදු වූ අවස්ථාවන් ද තිබෙනවා.
*ජනාධිපතිවරයාගේ අයිඑම්එෆ් සාකච්ඡාවට ඇරයුම් ලැබුණාද?
ඇරයුමක් නම් සෑම දේශපාලන පක්ෂයකටම ලැබිලා තිබුණානේ. අපි විශ්වාස කරනවා, ‘අපට ගිහින් අයිඑම්එෆ් එකත් එක්ක කරන්න සාකච්ඡාවක් නැහැ’ කියා. දැන් ගිවිසුම් ගහලා ඉවරයි. වත්මන් පාලනය මේ වන විට අයිඑම්එෆ් එක ගහන පදයට නටමින් ඉන්නේ. අපි දැන් එතැනට ගිහින් විවේචන කළා කියා මේ ගමන වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ‘බොරුවට කාලය කන්න ඕනේ නැහැ’ කියන පදනමින් තමයි අපි එම අවස්ථාව ප්‍රතික්ෂේප කළේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ තෙවන ලේකම්(Third Secretary) Jin Enze, ජාතික නිදහස් පෙරමුණේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් වෛද්‍ය සුමිත් වන්නිආරච්චි යන මහත්වරු ද ඉහත කී සාකච්ඡාවට එක්ව සිටියහ.
(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
