
ගෝඨාගේ විලාපය කෘතිය අසම්පූර්ණයි.... රෝග නිධානය වහලා... යුද අපරාධ චෝදනාවලට ලක්වූවන් රජයේ ඉහළ තනතුරු නොදැරිය යුතුයි - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස
පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ 'ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය' කෘතිය පිළිබඳව ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මගතා ලංකා ලීඩ් වෙබ් අඩවියට පවසා සිටියේ එම පොත අසම්පූර්ණ බවය.
ඔහුගේ සම්පුර්ණ ප්‍රකාශය පහතින්,
"පලාගිය ජනාධිපතිතුමන් සඳහන්කර තියෙනව ශවේන්ද්‍ර සහ කමල් මානව හිමිකම් කඩකලා යන චෝදනාවට කොපමණ සංවේදීව හිටියද යන වග මෙහි සම්පූර්ණ වගකීම පලාගිය ජනාධිපතිතුමා දැරිය යුතුයි. එතුමාට හරිමග ගැනීමට නොහැකිවන ලෙස උපදෙස් දුන්න නීතිය පිළිබඳ මහාචාර්‍යවර කේවට්ටාචාරීතුමා එහි මූලික වගඋත්තරකරුවෙක්. එතුමා තමයි ගෝඨාභය මැතිතුමාට උපදෙස් දුන්නෙ කමල් ගුණරත්න, ශවේන්ද්‍ර සිල්ව, සරත් වීරසේකර ආදී 47 දෙනෙකුට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා එලෙසම පවතිද්දි ලබා දී ඇති ඳඬුවම් වලින් මුදවා ගැනීමට මධ්‍යස්ථ දෙමළ ඩයස්පෝරාව 'එන්ගෙර්ජ් කරගත යුතුයි' කියල. එබැවින් අප විසින් ගෝඨාභය ජනාධිපතිතුමා වෙත 'අපේ යුද විරුවන් පලමුව යුද අපරාධ චෝදනා වලින් නිදහස් කරගත යුතුයි, ඒ සඳහා ස්වාභාවික යුක්‍තිය නියමය භාවිතා කල යුතුයි' කියන යෝජනාව එතුමා එදා පිළිගත්තෙ නෑ. එදා ඒ කේවට්ටාචාරීතුමාගේ එන්ගේජ් තියරිය පිළිනොගෙන අප පෙන්වාදුන් පිළිවෙත අනුගමනය කරානම් 'මානව හිමිකම් කඩනොකරනු' යන කඹයෙන් අපේ හමුදාවේ සහ පොලීසියේ අත් ඇඹරීමට හැකියාවක් ලැබෙන්නෙ නෑ. ගෝඨාභය අප දුන්න උපදෙස පිළිබඳව කිසිදු සඳහනක් ඔහුගෙ කෘතියේ සඳහන් කර නැහැ. එබැවින් එම කෘතිය හුදු විලාපයක් පමණයි. යහපාලන රජය 2015 දී පිළිගත් අපේ යුද විරුවන් යුද අපරාධ කරුවන්ය යන පිළිගැනීම අදටත් වලංගුයි.
යුද අපරාධ චෝදනාලාභීන් රාජ්‍ය සේවයේ ඉහල තලවල සිටීම රටේ පැවැත්මට අහිතකර බවත්, ඔවුන්ව වහා එම තනතුරුවලින් නිදහස් කළ යුතු බවත් අප මීට පෙරත් පෙන්වා දුන්න. මෙය සත්‍යක් බව ගෝඨාභය මහතාගේ කෘතියෙන් ඔප්පුවී තියෙනව. තවදුරටත් රාජ්‍යයේ කටයුතු වලට බාහිර බලපෑම ඇතිවීම වැළක්වීම සඳහා ගෝඨාභය මහතා නිර්දේශ කර ඇති ක්‍රියා මාර්ග වලට අමතරව මේ යුද අපරාධ චෝදනා ඇති අය රාජ්‍ය සේවයෙන් නිදහස් කළ යුතුයි. නොඑසේනම් ඔවුන්ව හැසිරවීමේ හා එන්ගේජ් කරගැනීමේ හැකියාව පවතිනව. නැවතත් ඔවුන්ව ගෞරවාන්විතව රාජ්‍ය සේවයට ගත යුත්තේ 'ස්වභාවික යුක්තිය නියමය' පරිදි ඔවුන්ට ඇති සියළු යුද අපරාධ චෝදනා වලින් ඔවුන්ව නිදහස් කර ගත් පසුවයි. ඒ සඳහා මූලික වාර්තා ලෙස අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ පෙරමුණ ගැනීමෙන් පත්කළ යුද විශේෂඥ වරුන්ගේ වාර්තා හත, අප විසින් 2017 දී ජිනීවාහි මානව හිමිකම් කොමිසමට බාරදෙන ලද විරුවන්ගේ විත්තිවාචකය සහ නෙස්බි සාමිවරයාගේ හෙළිදැක්වීම් භාවිතා කළ හැකියි. ඒ සඳහා අවස්ථාවක් ලබා ගැනීමට මේ දිනවල ජිනීවාහී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට රජය විසින් යෝජනා කළ යුතුයි. ජිනීවා ගොස් මෙවර පාර්ලිමේන්තුවට පත්ව ඇති මංත්‍රීවරුන් ඔවුන් සේවය කරන්නාවු පක්ෂය කුමක් වුවද මේ සඳහා විශේෂ උනන්දුවකින් එක පාර්ෂවයක් ගෙන කටයුතු කළ යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
