වඩුන්නාගල පුරාවිද්‍යා රක්ෂිතයේ ශිව රාත්‍රී පූජාවක් පවත්වන්න ගිය දෙමළ දේශපාලකයන් පිරිසකගේ කලහකාරී හැසිරීමෙන් පොලිසිය සහ පිරිස අතර නොසන්සුන්තාවක්
වවුනියාව නෙදුන්කෙණි, වඩුන්නාගල (වඩික්කනාරමලෙයි) පුරාවිද්‍යා ස්ථානයේ ශිවරාත්‍රි දිනය නිමිතකරගනිමින් දෙමළ දේශපාලන නායකයින් අැතුළු පිරිසක් අනවසරයෙන් පුරාවිද්‍යා ස්ථායේ පැවැත්වූ උත්සවයක් හේතුවෙන් පොලිසිය සහ පැමිණි පිරිස් අතර නොසන්සුන්කාරී තත්වයක් අැතිවිය.
ශිව රාත්‍රි පූජාව පුරාවිද්‍යා ස්ථානයට හානි නොවනසේ කටයුතු කරන ලෙස පොලිසිය හා වවුනියාව පුරාවිද්‍යා නිලධාරීන් පැමිණි දේශපාලන නායකයින් සහ එම පිරිසට පැවසීමත් සමග එයට විරොධය පලකරමින් අදහස් දැක්වීමේදී දෙපාර්ශවය අතර නොසන්සුන්කාරී තත්වයක් හටගත් අතර එහිදී පූසාරිවරයකු අැතුළු අටදෙනකු පොලිස් අත්අඩංගුවටපත් විය.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශීදරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්, පි 2 සංවිධානයේ සභාපති වේලන් සාමි අැතුළු 500ක පමණ පිරිසක් සවස් කාලයේ වඩුන්නාගල පුරාවිද්‍යා භූමියට පැමිණ මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය.
වඩුන්නාගල පුරාවිද්‍යා ස්ථානය අනුරාධපුර මුල්යුගයට අයත් වටිනා පුරාවිද්‍යා ස්ථානයක් වන අතර එම ස්ථානයට හානි නොවන ලෙස කටයුතු කරන ලෙසත් පොලිසිය හා පුරාවිද්‍යා නිලධාරීන් ඉල්ලීම් කලද පැමිණි පිරිස එම ස්ථානයට හානි වන ලෙස ශිව රාත්‍රිය සමරමින් සිටි බව පොලිසිය පැවසීය.
නොසන්සුන්කාරී අවස්ථාවේදී පැමිණ පිරිස් ඉවත් කල අතර එහිදී අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජෙන්ද්‍රන් මහතා පොලිසිය විසින් ඔසවාගෙන ගොස් පුරාවිද්‍යා භූමියෙන් ඉවත්කරනු ලැබීය.
- ලංකාදීප

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්