
වඩුන්නාගල පුරාවිද්‍යා රක්ෂිතයේ ශිව රාත්‍රී පූජාවක් පවත්වන්න ගිය දෙමළ දේශපාලකයන් පිරිසකගේ කලහකාරී හැසිරීමෙන් පොලිසිය සහ පිරිස අතර නොසන්සුන්තාවක්
වවුනියාව නෙදුන්කෙණි, වඩුන්නාගල (වඩික්කනාරමලෙයි) පුරාවිද්‍යා ස්ථානයේ ශිවරාත්‍රි දිනය නිමිතකරගනිමින් දෙමළ දේශපාලන නායකයින් අැතුළු පිරිසක් අනවසරයෙන් පුරාවිද්‍යා ස්ථායේ පැවැත්වූ උත්සවයක් හේතුවෙන් පොලිසිය සහ පැමිණි පිරිස් අතර නොසන්සුන්කාරී තත්වයක් අැතිවිය.
ශිව රාත්‍රි පූජාව පුරාවිද්‍යා ස්ථානයට හානි නොවනසේ කටයුතු කරන ලෙස පොලිසිය හා වවුනියාව පුරාවිද්‍යා නිලධාරීන් පැමිණි දේශපාලන නායකයින් සහ එම පිරිසට පැවසීමත් සමග එයට විරොධය පලකරමින් අදහස් දැක්වීමේදී දෙපාර්ශවය අතර නොසන්සුන්කාරී තත්වයක් හටගත් අතර එහිදී පූසාරිවරයකු අැතුළු අටදෙනකු පොලිස් අත්අඩංගුවටපත් විය.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශීදරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්, පි 2 සංවිධානයේ සභාපති වේලන් සාමි අැතුළු 500ක පමණ පිරිසක් සවස් කාලයේ වඩුන්නාගල පුරාවිද්‍යා භූමියට පැමිණ මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය.
වඩුන්නාගල පුරාවිද්‍යා ස්ථානය අනුරාධපුර මුල්යුගයට අයත් වටිනා පුරාවිද්‍යා ස්ථානයක් වන අතර එම ස්ථානයට හානි නොවන ලෙස කටයුතු කරන ලෙසත් පොලිසිය හා පුරාවිද්‍යා නිලධාරීන් ඉල්ලීම් කලද පැමිණි පිරිස එම ස්ථානයට හානි වන ලෙස ශිව රාත්‍රිය සමරමින් සිටි බව පොලිසිය පැවසීය.
නොසන්සුන්කාරී අවස්ථාවේදී පැමිණ පිරිස් ඉවත් කල අතර එහිදී අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජෙන්ද්‍රන් මහතා පොලිසිය විසින් ඔසවාගෙන ගොස් පුරාවිද්‍යා භූමියෙන් ඉවත්කරනු ලැබීය.
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
