
කෝප් කමිටු සභාපති ධුරය ගැන ගාමිණී වලේබොඩගෙන් පැහැදිලි කිරීමක්
පොදු ව්‍යාපාර පිළිබඳ කමිටු සභාපති ධූරය සඳහා ඉදිරිපත් වී ඡන්ද විමසීමෙන් පරාජයට පත්වීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැහැදිලි කිරීමක් කරයි.
ඒ සම්බන්ධයෙන් ඔහුගේ පුද්ගලික ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
වසර 25 කට ආසන්න සිය රාජ්‍ය සේවයේ අත්දැකීමුත්, වසර 20 කට ආසන්න විගණනය, රාජ්‍ය මූල්‍ය, ආදායම් කළමනාකරණය පිළිබඳව තිබෙන වෘත්තීමය පළපුරුද්දත්, පශ්චාත් උපාධිය ඇතුලු ශාස්ත්‍රීය අධ්‍යාපන පසුබිමත් පදනම් කරගෙන පසුගිය වසරකට ආසන්න කාලයක් තිස්සේ ආංශික අධීක්‍ෂණ කාරක සභාවක් මෙහෙයවීමේ අත්දැකීම් ද කැටි කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අද දින කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිලිබද කමිටු සභාපති ධූරයේ වගකීම භාර ගැනීම සඳහා ඉදිරිපත් විය.
නමුත් එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් වෙනත් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීම නිසා ඡන්ද විමසීමක් සිදු වූ අතර එම ඡන්ද විමසීමේදී තමන් ඉදිරිපත් කළ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට පොදුජන පෙරමුණ සමත් විය.
පාර්ලිමේන්තුව තුළ තිබෙන කෝප් කමිටුව, මුදල් කමිටුව වැනි කමිටු වල වෘත්තීය භාවය ආරක්‍ෂා කර ගනිමින් ඒ කමිටු තුළ තිබෙන අභිමතාර්ථ උපරිම වශයෙන් ඉටු කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා වෘත්තීකයන්ගේ දැනුම පාවිච්චියට ගත යුතුය.
පාර්ලිමේන්තුව සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ බිඳවැටී තිබෙන ජනතා විශ්වාසය නැවත නගා සිටුවිය හැකි වන්නේ එවැනි වෙනසකින් පමණි. කෝප් සභාපති ධූරය සඳහා ඉදිරිපත් වෙමින් ගරු ගාමිණී වලේබොඩ මහතා උත්සාහ කළේ එම ප්‍රගතිශීලී ප්‍රවේශය ලබා ගනු පිණිස ය. එම අවස්ථාවේදී එතුමා වෙත සහය පළ කළ සියළු දූරශර්ශී මහජන නියෝජිතයන් වෙත අප අපගේ ස්තුතිය පුද කළ යුතු ය.
ගරු ගාමිණී වලේබොඩ මහතා ඉදිරියටත් කෝප් කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිය දැනුම සහ පරිචය රටේ ජනතාව වෙනුවෙන් භාවිතා කිරීමේ අභිලාෂයෙන් පසු වේ. මෙම පාර්ලිමේන්තු කමිටු පක්ෂ සහ විපක්ෂ දේශපාලන බලය පෙන්වන වේදිකා කර නොගෙන පූර්ණ වෘතීය භාවයෙන් යුතුව ඒවා පවත්වා ගන්නේ ඉන් ඉතා අගනා වැඩ කොටසක් ඉටුකල හැකිය.
කෙසේ වෙතත් අලුතෙන් පත් වූ කෝප් කමිටු සභාපතිතුමාට ගරු ගාමිණී වලේබොඩ මහතා සිය සුභපැතුම් එක් කරන අතර කමිටුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තමා ඉතා උනන්දුවෙන් සිය දායකත්වය ලබා දීමට සූදානමින් සිටින බව එතුමා සියළු මාධ්‍ය ආයතන වෙත දන්වා සිටී.
පැතුම් ඒ. රණසිංහ
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ පෞද්ගලික ලේකම්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
