ආරක්‍ෂක ලේකම්, හමුදාපති වරප‍්‍රසාද කමිටුවට කැදවන්නැයි ඉල්ලීමක්
ආරක්ෂක ලේකම්, (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා පනතට අනුව කටයුතු කරන ලෙස ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම වීරක්කොඩි කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (06 වැනිදා) ඉල්ලා සිටියේ ය.
මන්ත්‍රිවරයා මෙම ඉල්ලීම කළේ පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නිර්දේශ විකෘති කරමින් ආරක්ෂක අමාත්‍යාංශය ‘ සතිඅග අරුණ ’ පුවත්පතට යවා ඇති ලිපියක් සම්බන්ධයෙන් කරුණු දක්වමිනි.
මන්ත්‍රිවරයා මෙසේ ද කීවේය.
ආචාර් ධර්ම හා වරප්‍රසාද කාරක සභාවේ නිර්දේශයක් අනුව ආරක්ෂක ලේකම්වරයාත් යුද හමුදාපතිවරයාත් මට කනගාටුව පළ කළ බවට වන වාර්තාවක් ‘සතිඅග අරුණ ’ පුවත්පත වාර්තා කර තිබුණා. ඊට අදාළව කාරක සභාවේ තීරණ විකෘති කරමින් ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ යැයි කියන කර්නල් හේරත් යන අයෙක් ‘සතිඅග අරුණ’පුවත්පතට කරුණු පැහැදිලි කිරීමේ ලිපියක් එවා තිබුණ බව පුවත්පත වාර්තා කර තිබෙනවා. එම ලිපියෙන් කාරක සභාවේ කටයුතු හෑල්ලු කර තිබෙන අතර එමගින් පාර්ලිමේන්තුවේ මෙන් ම මගේද වරප්‍රසාද උල්ලංඝනය වී තිබෙනවා.
එම කරුණු පැහැදිලි කිරීමේ ලිපියේ
‘ රැස්වීම අවසානයේ දී මෙවැනි රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා ඔවුන් අපහසුතාවට පත් කිරීම සබැඳිව වරප්‍රසාද කමිටු සාමාජික චමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ඔවුන් වෙත සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.
පසුව පැමිණිල්ල විභාග කිරීම සඳහා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න හා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ පසුගිය දා පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුවට කැඳවූ අතර ඉහත කරුණු සම්බන්ධයෙන් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා,පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව වෙත එම සිදුවීම පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කිරීමත් සමග ගැටලුව සුහදව සමථයකට පත් විය. ’යනුවෙන් සඳහන් කර තිබෙනවා.
චමල් රාජපක්ෂ මහත්තයා කාරක සභාවේ සාමාජිකයෙක් නෙමෙයි එතුමා කාරක සභාවේ සභාපතිවරයා. ඒ වගේම එම ලිපියේ සඳහන් වන්නේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව වෙත සිය කනගාටුව ප්‍රකාශ කිරීමත් සමග කියලා. නමුත් කාරක සභා වාර්තාවේ සඳහන් වන්නේ අරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා මන්ත්‍රිවරයාගෙන් සමාව අයැද සිටිය යුතුයි කියලයි.
ඇත්තටම එදා මනුස්සකමට මම එකඟ නොවුණා නම් දඬුවම් ලැබෙන්නෙ උසාවියෙන්. කාරක සභා පනත අනුව එවන් වරදකට දඬුවම් කරන්න කාරක සභාවට බලයක් නැහැ. එවන් වරදකට දඬුවම් දිය හැකි වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පමණක් බව පනතේ සඳහන් කර තිබෙනවා. අමාත්‍යාංශය පුවත්පතට කර තිබෙන පැහැදිලි කිරීම අනුව වරප්‍රසාද පනත උල්ලංඝනය කර තිබෙනවා. පාර්ලිමේන්තුව සමච්චලයට ලක් කරමින් මේ ආකාරයට හැසිරීම සම්බන්ධයෙන් මම කථානායකතුමාගේ අවධානය යොමු කරනවා. මෙම පුද්ගලයන් දෙදෙනා වරප්‍රසාද කමිටුවට කැඳවා පනත යටතේ කටයුතු කරන ලෙස මම ඉල්ලීමක් කරනවා. පාර්ලිමේන්තුව අද විශාල වශයෙන් විහිළුවට ලක් වෙලා. මෙවැනි කටයුතු නිසා තවදුරටත් පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් විය හැකියි. මේ සම්බන්ධයෙන් වරප්‍රසාද පනතේ ප්‍රතිපාදන යටතේ කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.
– Aruna
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්