News Category
From Date
To Date
Maximum Number of Result

ආරක්‍ෂක ලේකම්, හමුදාපති වරප‍්‍රසාද කමිටුවට කැදවන්නැයි ඉල්ලීමක්

Mar 7, 2024 at 12:06 PM
|

ආරක්ෂක ලේකම්, (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා පනතට අනුව කටයුතු කරන ලෙස ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම වීරක්කොඩි කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (06 වැනිදා) ඉල්ලා සිටියේ ය.

මන්ත්‍රිවරයා මෙම ඉල්ලීම කළේ පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නිර්දේශ විකෘති කරමින් ආරක්ෂක අමාත්‍යාංශය ‘ සතිඅග අරුණ ’ පුවත්පතට යවා ඇති ලිපියක් සම්බන්ධයෙන් කරුණු දක්වමිනි.

මන්ත්‍රිවරයා මෙසේ ද කීවේය.

ආචාර් ධර්ම හා වරප්‍රසාද කාරක සභාවේ නිර්දේශයක් අනුව ආරක්ෂක ලේකම්වරයාත් යුද හමුදාපතිවරයාත් මට කනගාටුව පළ කළ බවට වන වාර්තාවක් ‘සතිඅග අරුණ ’ පුවත්පත වාර්තා කර තිබුණා. ඊට අදාළව කාරක සභාවේ තීරණ විකෘති කරමින් ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ යැයි කියන කර්නල් හේරත් යන අයෙක් ‘සතිඅග අරුණ’පුවත්පතට කරුණු පැහැදිලි කිරීමේ ලිපියක් එවා තිබුණ බව පුවත්පත වාර්තා කර තිබෙනවා. එම ලිපියෙන් කාරක සභාවේ කටයුතු හෑල්ලු කර තිබෙන අතර එමගින් පාර්ලිමේන්තුවේ මෙන් ම මගේද වරප්‍රසාද උල්ලංඝනය වී තිබෙනවා.

එම කරුණු පැහැදිලි කිරීමේ ලිපියේ

‘ රැස්වීම අවසානයේ දී මෙවැනි රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා ඔවුන් අපහසුතාවට පත් කිරීම සබැඳිව වරප්‍රසාද කමිටු සාමාජික චමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ඔවුන් වෙත සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.

පසුව පැමිණිල්ල විභාග කිරීම සඳහා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න හා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ පසුගිය දා පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුවට කැඳවූ අතර ඉහත කරුණු සම්බන්ධයෙන් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා,පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව වෙත එම සිදුවීම පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කිරීමත් සමග ගැටලුව සුහදව සමථයකට පත් විය. ’යනුවෙන් සඳහන් කර තිබෙනවා.

චමල් රාජපක්ෂ මහත්තයා කාරක සභාවේ සාමාජිකයෙක් නෙමෙයි එතුමා කාරක සභාවේ සභාපතිවරයා. ඒ වගේම එම ලිපියේ සඳහන් වන්නේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව වෙත සිය කනගාටුව ප්‍රකාශ කිරීමත් සමග කියලා. නමුත් කාරක සභා වාර්තාවේ සඳහන් වන්නේ අරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා මන්ත්‍රිවරයාගෙන් සමාව අයැද සිටිය යුතුයි කියලයි.

ඇත්තටම එදා මනුස්සකමට මම එකඟ නොවුණා නම් දඬුවම් ලැබෙන්නෙ උසාවියෙන්. කාරක සභා පනත අනුව එවන් වරදකට දඬුවම් කරන්න කාරක සභාවට බලයක් නැහැ. එවන් වරදකට දඬුවම් දිය හැකි වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පමණක් බව පනතේ සඳහන් කර තිබෙනවා. අමාත්‍යාංශය පුවත්පතට කර තිබෙන පැහැදිලි කිරීම අනුව වරප්‍රසාද පනත උල්ලංඝනය කර තිබෙනවා. පාර්ලිමේන්තුව සමච්චලයට ලක් කරමින් මේ ආකාරයට හැසිරීම සම්බන්ධයෙන් මම කථානායකතුමාගේ අවධානය යොමු කරනවා. මෙම පුද්ගලයන් දෙදෙනා වරප්‍රසාද කමිටුවට කැඳවා පනත යටතේ කටයුතු කරන ලෙස මම ඉල්ලීමක් කරනවා. පාර්ලිමේන්තුව අද විශාල වශයෙන් විහිළුවට ලක් වෙලා. මෙවැනි කටයුතු නිසා තවදුරටත් පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් විය හැකියි. මේ සම්බන්ධයෙන් වරප්‍රසාද පනතේ ප්‍රතිපාදන යටතේ කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

– Aruna

සම්බන්ධිත පුවත් | Related News

දැනට ක්‍රියාත්මක වන පළාත් පාලන මැතිවරණ පනත අනුව මෙවර පළාත් පාලන ඡන්දයෙන් සියයට පනහක බහුතරයක් නොලැබූ පළාත් ආයතන 263කම සභාපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද පැවැත්වීමට සිදුවනු ඇති බව 'දේශය' වාර්තා කරයි.
කොළඹ නගර සභාවේ බලය පිහිටීම සඳහා විවිධ කණ්ඩායම් ජාතික ජන බලවේගය සමඟ සාකච්ඡා කරමින් ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.
සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ගුරුවරයකුගේ ලංගික අතවරයට ලක්ව සියදිවි නසාගත් කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් දැරියගේ හඩට ඇය දිවිනසා ගන්නට පෙර කිසිවෙකු ඇහුන්කන් දීමට උත්සාහ කර නැති බවත්, ගුරුවරියක් ලෙස තමන් මෙම දැරියට සිදුවූ අපරාධය පිළිබඳව ලැජ්ජාවට පත්වන බවත් රූපවාහිනී සාකච්ඡාවක දී එක්තරා ගුරුවරියක් විසින් පවසයි.
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාව සමඟ විස්තීර්ණ ණය වැඩසටහනක නියුතුව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය සැපයීමට තවත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිත භූමිය අනවසරයෙන් වගා කිරීමට පිරිසක් පියවර ගෙන ඇති අතර ට්‍රැක්ටර ​භාවිතයෙන් ඉඩම් සකස් කර ඇති බවත් පැවසෙයි.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.