
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ යෝජනාවක් කැබිනට්ටුවට
සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කොට ආසන මට්ටමින් මන්ත්‍රීන් තෝරාගත හැකිවන පරිදි පවත්නා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළ විශේෂ යෝජනාවක් අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කරනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන විශේෂ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225 දෙනාගෙන් 160 දෙනකු අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් විසින් ඍජුවම තෝරාපත් කරගත යුතු බවය. ඉතිරි මන්ත්‍රීන් 65 දෙනා සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව ජාතික හෝ පළාත් මට්ටමින් තෝරාගත යුතු බවත් එහි සඳහන්ය.
දැනට කලකට පෙර පක්ෂ නායකයන්ගේ මත විමසීමකින් අනතුරුව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් මගින් ද මත විමසුමක් සිදු කරන ලදී. ඒ අනුව යට කී ලෙස ඡන්ද ක්‍රමය සංශෝධනයට කැමැත්ත පළ වී ඇති බැවින් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂා කරන වගත් අමාත්‍ය රාජපක්ෂගේ යෝජනාවෙහි වැඩිදුරටත් දැක්වෙයි.
දැනට ක්‍රියාත්මක වන සමානුපාතික ඡන්ද ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රතිපත්තිවලට පටහැණි බවත් දිස්ත්‍රික් ඡන්ද ක්‍රමය නීතිවිරෝධී වත්කම් රැස්කිරීම් ඇතුළු දූෂණ ක්‍රියාවලට මහජන නියෝජිතයන් පොළඹන බවත් ආණ්ඩුවේ අදහස වන බැවින් පවත්නා ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට ආණ්ඩුව මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන වග දැනගන්නට තිබේ.
– Deshaya
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
