
මාරාන්තික නිපා වෛරසයෙන් ඉන්දියාවේ දෙදෙනෙකු මියයයි... රෝග ලක්ෂණ මෙහෙමයි
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිරයන මාරාන්තික නිපා වෛරසයෙන් මේ වනවිට දෙදෙනෙකු මිය ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසන්නේ නිපා වෛරසයෙන් ශ්‍රී ලංකාවට අවදානමක් නොමැති නිසා ජනතාවට අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසය.
2018 වසරෙන් පසු කේරළයෙන් වාර්තා වන සිව්වන නිපා වසංගත රැල්ල මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින අතර, පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී කේරළයෙන් රෝගීන් 6 දෙනෙකු වාර්තාවී ඇති අතර ඉන් දෙදෙනෙකු මියගොස් තිබේ.
එම මරණ වාර්තා වන්නේ කොචිකොඩේ කලාපයෙනි.
මේ අනුව අවදානම් කලාපවල පාසල් හා කාර්යාල වසා දමා මහපරිමාණ රෝග පරීක්ෂා කිරීම් සිදුවෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව රෝගය වැළඳුණු පුද්ගලයින්ගේ සමීප ආශ්‍රිතයින් ගණන 1,080කි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම වෛරසය ආසාදනය වන්නේ, ඌරන්, වවුලන් වැනි සත්වයින්ගෙනි. එම සංවිධානයට අනුව එහි මරණ අනුපාතය සියයට 40 ත් 75 ක් වුවත් වෛරසය පාලනයට මෙතෙක් එන්නතක් සොයාගෙන නොමැත.
මෙය වෛරසය වැළදී සිටින පුද්ගලයෙකුගේ සිට තවත් අයෙකු වෙත ආසාදනය වීමේ හැකියාව ද පවතී.
නිපා වෛරස් ආසාදිතයින්ගේ ලක්ෂණ මොනවා ද?
පළමු දින දෙක තුනේ උණ, ඇඟපත රුදාව, හිසේ කැක්කුම ඇතිවිය හැකිය. නමුත් 10%කට මුල් කාලයේදී රෝග ලක්ෂණ මතු නොවිය පැවැතිය හැකිය. ඉන් පසුව ඔවුන් අසාද්‍ය තත්ත්වයට පත්විය හැකිය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..
ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..
වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)
රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..
අනුරගේ කතාවට ෆොන්සේකාටත් රිදිලා
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්
රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..
ඇමති බිමල්ට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කෙරේ..
යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..
9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි
අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)
රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
සහල් හිගයක්.. මුදලාලි මිලට සහල් පාලන මිල වෙනස් වීමේ අවදානමක්..
ඇමති බිමල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්.. "රේගුවෙන් පිටකළ බහාලුම්වල අවිආයුධ?" - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)
