News Category
From Date
To Date
Maximum Number of Result

පැලවත්ත සීනි සමාගම උග්‍ර මුල්‍ය අර්බුදයක..

May 31, 2025 at 07:10 AM
|

බුල්තල පැල්වත්ත සීනි සමාගමේ, මුල්‍ය අර්බුදය හේතු වෙන් සමාගමේ පාලන අධිකාරිය සමාගමේ දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 500ක්, පාඩු පිට ගැනුම්කරුවකුට අලෙවි කර ඇති බවත් එසේ අලෙවි කර ඇත්තේ සීනි කිලෝවකින් රුපියල් අසූහතරක පමණ පාඩුවක් පිට බවත් සමාගමේ සේවකයෝ පවසති.

මෙම ගනුදෙනුව හේතුවෙන් සමාගමට රුපියල් හාර කෝටි විසි ලක්ෂයක පාඩුවක් වී ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.

සමාගම තම සීනි තොගවලින් කොටසත් මෙසේ පාඩු පිට අලෙවි කර ඇත්තේ 2025 මැයි මස සේවක වැටුප් ගෙවීමට අවශ්‍ය හිග මුදල් සොයාගැනීමට ගොවීන්ගේ උක් සඳහා අවශ්‍ය ගෙවීම් කටයුතු කිරීමට බව කියති.

සීනි සමාගම සඳහා සීනි කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රජයේ බදු සමඟ රුපියල් 283ක් පමණ වැය වන බවත්, සමාගම මෙම සීනි මෙට්‍රික් ටොන් 500 අලෙවි කර ඇත්තේ කිලෝවක් රුපියල් 199කට බවත්, සේවකයෝ පවසති.

මූල්‍ය අර්බුදය සමනය කර ගැනීමට රුපියල් බිලියන 05 මුදලත් 3තා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇතත් එම ණය මුදල ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

පැල්වත්තසමාගමේ සේවකයන් 3900 ක් පමණ සේවය කරන බවත් ඔවුන්ගේ වැටුප් ගෙවීම, උක් ගොවීන්ට

අදාළ ගෙවීම් කටයුතු කිරීම, නඩත්තුව ඇතුළු සමාගමේ පරිපාලන කටයුතු සඳහා මසකට රුපියල් බිලියනයකට ආසන්න මුදලක් වැය වන බවත් සමාගමේ වෘත්තිය සමිති පවසයි.

මේ පිළිබඳව විමසීමට පැල්වත්ත සීනි ප්‍රධාන විධායක සමාගමේ නිලධාරිනි දීපිකා ගුණරත්න මහත්මිය දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එම උත්සාහය අසාර්ථක විය.

පසුව අප මේ සම්බන්ධයෙන් සමාගමේ සභාපතිනී සඳමාලි චන්ද්‍රසේකර මහත්මියගෙන් කළ විමසීමකදී ඇය පැවසුවේ එම සීනි තොගය පාඩු පිට අලෙවි නොකළ බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලිකර ගැනීමක් අවශ්‍ය නම් ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් විමසන ලෙසයි.

අනතුරුව අප මේ ගැන වීමසීමට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එයද අසාර්ථක විය.

Lankadeepa

සම්බන්ධිත පුවත් | Related News

යුද ජයග්‍රහණය රටට ලබාදීම උදෙසා ක්‍රියා කළ රණවිරුවන්ට අද බලවත් අන්තර්ජාතික තර්ජනයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, මෙරට පාලකයන්ට ආරක්ෂක හමුදා ආරක්ෂා කිරීමට කොන්ද පණ නැතිනම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
අපනයන ආදායම ඉහළ නැංවීමේ පියවරක් ලෙස දේශීයව නිෂ්පාදනය කරන උක් සීනි අපනයනය කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, එමගින් දේශීය සීනි කර්මාන්තශාලා වල ආදායම ඉහළ නංවා සේවකයන් සහ සීනි වගාකරුවන් ආරක්ෂා කිරීමට අපේක්ෂා කරන බවත් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද ප්‍රකාශ කළේය.
බහාලුම් 323ක් කොළඹ වරායෙන් රේගු පරීක්ෂාවකින් තොරව මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවට මාස හතරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, එහි විමර්ශනය තවමත් අවසන් කර නොමැත.
2025 අප්‍රේල් මාසයේදීත් ජංගම ගිනුමේ අතිරික්තයක් පෙන්නුම් කලත් මාර්තු මස ඩොලර් මිලියන 459 ක් ලෙස වාර්ථා වු ජංගම ගිනුමේ ශේෂය අප්‍රේල් වන විට ඩොලර් මිලියන 178 ක් දක්වා ඩොලර් මිලියන 281 සැලකිය යුතු අන්දමෙන් පහත වැටී ඇත .
මැයි 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව එම සභා පිහිටුවීම හෙට (02) දිනයේදී සිදුකළ යුතු වෙයි.
පසුගිය කාලයේ රට පුරා මහත් ආන්දෝලනයක ලක්වූ හියුමන් ඉමියුනොග්ලොබියුලින් නම් ඖෂධය භාවිතා කිරීම හේතුවෙන් රෝගීන් මියගිය බවටද කරුණු වාර්තා වූ අතර, මෙම ඖෂධය ගෙන්වා රෝහල්වලට ලබාදීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නීතිය හමුවට ඉදිරිපත් කිරීම ද සිදුවිය.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
දේශීය කීරි සම්බා හා සම්බා සහල් මිලට ගැනීමේදී වැඩි මිලට අලෙවි කිරීමට අමතරව සහල් මෝල් හිමියන් කොන්දේසි පනවමින් ඇති බව තොග වෙළඳුන් කියා සිටිති.
මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අවසන් කළ ගොනු පනහකට ආසන්න ප්‍රමාණයක් නඩු පැවරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.

ප්‍රධාන පුවත්

යුද ජයග්‍රහණය රටට ලබාදුන් රණවිරුවන් ආරක්ෂා කිරීමට ආණ්ඩුවට කොන්දක් නැත්නම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් - විමල් කියයි (වීඩියෝ)

යුද ජයග්‍රහණය රටට ලබාදීම උදෙසා ක්‍රියා කළ රණවිරුවන්ට අද බලවත් අන්තර්ජාතික තර්ජනයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, මෙරට පාලකයන්ට ආරක්ෂක හමුදා ආරක්ෂා කිරීමට කොන්ද පණ නැතිනම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

චෙක් නොකර වරායෙන් එළියට ගිය කන්ටේනර් 323 ගැන හොයන්න දාපු කමිටුවේ වාර්තාව තවම නැතිලු..

බහාලුම් 323ක් කොළඹ වරායෙන් රේගු පරීක්ෂාවකින් තොරව මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවට මාස හතරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, එහි විමර්ශනය තවමත් අවසන් කර නොමැත.

කෙහෙළිය හිරේ දමා භාවිතයෙන් ඉවත් කළ ඖෂධයේ අවුලක් නැහැලු - ඖෂධ නියාමන අධිකාරිය දැන් කියන කතාව මෙන්න.. (වීඩියෝ)

පසුගිය කාලයේ රට පුරා මහත් ආන්දෝලනයක ලක්වූ හියුමන් ඉමියුනොග්ලොබියුලින් නම් ඖෂධය භාවිතා කිරීම හේතුවෙන් රෝගීන් මියගිය බවටද කරුණු වාර්තා වූ අතර, මෙම ඖෂධය ගෙන්වා රෝහල්වලට ලබාදීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නීතිය හමුවට ඉදිරිපත් කිරීම ද සිදුවිය.

හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..

මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අවසන් කළ ගොනු පනහකට ආසන්න ප්‍රමාණයක් නඩු පැවරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.

ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..

ගොවිජන බැංකු ( නියමු ) ව්‍යාපෘතිය සහ ගොවි කාරක සභාව සදහා ගිණුම්කරණ මෘදුකාංග ලබාදීම සදහා පරිගණක ඇතුලු මුද්‍රණ උපකරණ මිලදී ගැනීමේ මුවාවෙන් රුපියල් මිලියන 250ක මහා පරිමාණ මුල්‍යමය වංචාවක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස වර්තමාන රජය විසින් පත් කළ සුනිල් ජයරත්න මහතා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධයෙන් දැනුම්වත් භාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ.

වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)

සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා එම තනතුරට සදුසුදැයි යළි සලකා බැලිය යුතුව ඇති බව රජයේ මුදල් පිළිබඳ තාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..

උතුරු මැද පළාත් සභාව සතු සුඛෝපභෝගී වාහන විසි දෙකක් රහසිගතව ටෙන්ඩර් කැඳවා අඩුමිලට වෙන්දේසි කර ඇති බවට අපි පුරවැසියෝ සංවිධානය චෝදනා කරයි.

අනුරගේ කතාවට ‌ෆොන්සේකාටත් රිදිලා

ජාතික රණවිරු සැමරුම් උත්මයයේදී ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සෑම පාර්ශ්වයක්ම සාමය වෙනුවෙන් යුද්ධ කරන බවට කල ප‍්‍රකාශයට තමන් එකඟ නොවන බවල හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුලි මස 11 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..

ඉන්දියානු සාගරයේ භූ දේශපාලනික උපායමාර්ගක කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකයේ දේශපාලනික ආර්ථික සහ යුදමය වැදගත්කමක් ලැබී තිබීම නිසා ලෝකයේ බලවත් රටවල් දැඩි ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අවදානය යොමුකර තිබේ.

යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු, යුරෝපා මහාද්වීපය පුරාම දිවි පිදූ සෝවියට් සොල්දාදුවන් වෙනුවෙන් ස්මාරක 4,000 ක් පමණ ඉදිකර ඇත.

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළේය.

9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි

2025 පලාත් පාලන මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණේ “පංචායුධය ලකුණින්” තරගවැදී තේරී පත්වූ, පළාත් පාලන නියෝජිතයන්ගේ විශේෂ හමුවක් ,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (27) බත්තරමුල්ල, ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාදයෙන් පසු තේරීපත්වූ සභිකයින් 26 දෙනා ජාතික නිදහස් පෙරමුණේ පළාත් පාලන මහජන නියෝජිතයින්ගේ ප්‍රතිඥාව සිදු කරන ලදි. පක්ෂ නායක විමල් වීරවංශ මහතා විසින් ඔවුන්ට මහජන නියෝජිතයන් ලෙස පැවරෙන වගකීම් පිළිබඳව පැහැදිලි කල අතර ඔවුන් සියලු දෙනාට ජාතික නිදහස් පෙරමුණේ සුබ පැතුම්ද එක් කළේය. පළාත් පාලන නියෝජිතයන් විසින් ලබාදුන් 9 වැදැරුම් පුතිඥාව පහතින්

අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)

අනුර වික්‍රමසිංහ රනිල් සීයා ගිය වැල්පාලමේම ලංකාව නමැති දරුවා වඩාගෙන ඔහේ යන බවත්, රටේ කර්මාන්ත විශාල ප්‍රමාණයක් මේ වන විට වැසී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.