
වරෙන්තු 19ක් ලැබූ පුද්ගලයෙකු භික්ෂු වෙසින් සිටියදී අත්අඩංගුවට
ව්‍යාජ රන් භාණ්ඩ බැංකුවල උකස් තැබීම සහ විවිධ චෝදනා සම්බන්ධයෙන් වරෙන්තු 19ක් ලැබ සිටි පුද්ගලයෙකු භික්ෂුවක් ලෙස පෙනී සිටිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
භික්ෂුව ලෙස පෙනී සිටි පුද්ගලයා රැඳී සිට තිබුණේ, අවිස්සාවේල්ල ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයක ය.
2003, 2004 යන කාලසීමාවල දී රන් ආලේපිත ව්‍යාජ රත්‍රං ආභරණ සකසා පෞද්ගලික බැංකුවක ශාඛා 24ක උකස් තබා රුපියල් ලක්ෂ 50ක පමණ මූල්‍ය වංචා සිදු කළ ජයම්පති අලුවිහාරේ නැමැති පුද්ගලයෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබිණි.
අදාළ පෞද්ගලික බැංකුවෙන් පැමිණිල්ල සිදු කර තිබූ අතර, ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් යොදවා තිබුණත් මොහු පිළිබඳ 2008 වර්ෂයේ සිට කිසිදු තොරතුරක් ලැබී නොතිබිණි.
සැකකරු මහාධිකරණ වරෙන්තු 12ක්, මහේස්ත්‍රාත් අධිකරණ වරෙන්තු 07ක් සහ විභාග වෙමින් පැවති නඩු 04ක් සම්බන්ධ ව අධිකරණයෙන් වරදකරු කර සිටි අයෙකි.
2008 වසරේ දී අතුරුදන් වූ සැකකරු සෙවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂිකා මුතුමාල මහත්මිය ඇතුළු කණ්ඩායමක් විමර්ශන ආරම්භ කරන්නේ ඉන් අනතුරුවයි.
ඒ අනුව සිදු කළ විමර්ශනවල දී අදාළ සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ භාවනා මධ්‍යස්ථානයක පැවිදි ව සිටින භික්ෂුවක් ලෙසට පෙනී සිටින බවට තොරතුරු ලැබී තිබිණි.
සැකකරු මහරගම රතන හිමි ලෙස 2008 වසරේ දී පැවිදි වී ඇති අතර, එතැන් සිට මේ දක්වා ඔහු භික්ෂුවක් ලෙස එම භාවනා මධ්‍යස්ථානයේ පෙනී සිට ඇත.
ඒ අනුව ඔහු ඊයේ (26) පස්වරුව් සැකකරුව එම භාවනා මධ්‍යස්ථානයේ දී අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබිණි.
එහි දී අදාළ භාවනා මධ්‍යස්ථානය භාර ස්වාමීන් වහන්සේ විසින් මහරගම රතන හිමියන් ලෙසට පෙනී සිටි පුද්ගලයාගේ චීවරය ගලවා සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස ඇඳුම් අන්දවා විමර්ශන නිලධාරීන් වෙත භාර දී ඇත.
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)
යුද විජයග්රහණයට වසර 16යි..
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
