
විදුලි ගාස්තු ඉහළ දාන යෝජනාවලිය උපයෝගීතා කොමිසමට..
2025 ජුනි සිට දෙසැම්බර් දක්වා වු කාල සිමාව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාල යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ.
ඒ, ජුනි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18.3 කින් විදුලි ගාස්තු ඉහළ නැංවිමක් සිදුකළ යුතු බවට යෝජනා කරමිනි.
විදුලි බල මණ්ඩලයට සිදුව ඇති මුල්‍ය පාඩුව සැළකිල්ලට ගනිමින් මෙම ගාස්තු සංශෝධනය යෝජනා කරන බව අදාල යෝජනාවලියෙන් ඔවුන් දැනුම් දී තිබේ.
පසුගිය ජනවාරි මාසයේ මහජන උපයෝගිතා කොමිශන් සභාව විසින් විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමකින් තොරව විදුලි ගාස්තු සියයට 20 කින් පහළ දැමීමට ගත් පියවර විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් පාඩු ලැබීමට හේතුවූ බව එම මණ්ඩලය පෙන්වා දී ඇත.
මෙම තත්ත්වය තුළ ජුනි සිට දෙසැම්බර් දක්වා කාල සිමාවේදී විදුලි බල මණ්ඩලයේ මුල්‍ය හිඟය රුපියල් මිලියන 42,196ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇති බැවින් මෙවර ගාස්තු සංශෝධනයේදී සියයට 18.3 ක ගාස්තු වැඩි වීමක් අවශ්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලය සිය යෝජනාවලියේ සදහන් කර තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලයේ ගාස්තු සංශෝධන යෝජනාවලියට අනුව විදුලි ඒකක ගාස්තුව මෙන්ම ස්ථාවර ගාස්තුව ද ඉහළ දැමීමට යෝජනා කර ඇත.
ඒ අනුව ගෘහස්ථ, ආගමික හා පුණ්‍යායතන, කර්මාන්ත සහ හෝටල් හා රාජ්‍ය ආයතන යනාදී සියලුම අංශ සදහා ගාස්තු ඉහළ නැංවීමට ඔවුන් යෝජනා කර ඇති බව සදහන් වේ.
ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට 30 දක්වා රුපියල් 4ක් වු ඒකකයක මිල රුපියල් 4යි සත 75 ක් දක්වා සහ රුපියල් 75 ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 90ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
ඒකක 31 සිට 60 දක්වා රුපියල් 6ක් වූ ඒකකයක මිල රුපියල් 7ක් දක්වා සහ ස්ථාවර ගාස්තුව රුපියල් 200 සිට රුපියල් 235 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇති බවත් සදහන් වේ.
ඒකක 61 සිට 90 දක්වා රුපියල් 14ක් වන ඒකකයක මිල රුපියල් 16යි සත 60 ක් දක්වා සහ එම කාණ්ඩයේ රුපියල් 400ක් වු ස්ථාවර ගාස්තුව 475ක් දක්වා ඉහළ දැමීමටද යෝජිතය.
ඒකක 91 සිට 120 දක්වා රුපියල් 20 ක් වන ඒකකයක මිල රුපියල් 23යි සත 65ක් දක්වා සහ රුපියල් දහසක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1,185ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
ඒකක 121ත් 180ත් අතර කාණ්ඩයේ රුපියල් 33ක් වන ඒකකයක මිල රුපියල් 39යි සත 5ක් දක්වා ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය සිය යෝජනාවලිය මගින් සඳහන් කර තිබේ.
එමෙන්ම රුපියල් 1,500ක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1,775ක් දක්වා ඉහළ දැමීමට යෝජිත අතර ඒකක 181ට වැඩි ගෘහස්ථ කාණ්ඩයේ රුපියල් 52 ක් වන විදුලි ඒකකයක මිල රුපියල් 61යි සත 55 ක් දක්වා සහ රුපියල් 2,000ක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 2,370ක් දක්වා වැඩි කිරීමටද විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)
යුද විජයග්රහණයට වසර 16යි..
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
