බ්‍රිතාන්‍යයට එන පාර වැසේ..
පසුගියදා පැවති බ්‍රිතාන්‍ය පළාත් පාලන මැතිවරණයේදී පාලක කම්කරු රජය අන්ත පරාජයකට පත්වීමත් සමගම කලබලයට පත්වූ අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමර් විදේශිකයන්ට බ්‍රිතාන්‍යයට නීත්‍යානුකූල ලෙස ආගමනය වීමට ඇති ඉඩකඩ සීමා කළේය.
එයට ප්‍රධානම හේතුව වූයේ බ්‍රිතාන්‍යයන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට කැපවී ඇති අලුත්ම දේශපාලන පක්ෂය වන නයිජල් ෆරාජ්ගේ නායකත්වයෙන් යුත් “රිෆෝර්ම්” දේශපාලන පක්ෂය, බ්‍රිතාන්‍යයේ මුල් බැස ගෙන තිබෙන කම්කරු පක්ෂය, කොන්සර්වේටිව් පක්ෂය සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළු සියලුම ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ පරදවා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමය.
රිතාන්‍යය හඳුන්වාදීමට යන නවතම ආගමන නීතිරීතිවලට අනුව යම් විදේශිකයකුට බ්‍රිතාන්‍යයේ ස්ථීර පදිංචිය ලබා වසර පහකට පසු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගැනීමට තිබූ හැකියාව නතර කොට එය වසර දහයක් දක්වා දීර්ඝ කොට තිබේ. එසේම පුරවැසිභාවය සඳහා අයැදුම් කරන්නා මෙන්ම ඔහුගෙන් හෝ ඇයගෙන් යැපෙන්නන්ගේද ඉංග්‍රීසි දැනුම උසස් මට්ටමක තිබිය යුතුවේ.
ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ලෙස බ්‍රිතාන්‍යයට පැමිණෙන අයගේ ද ඉංග්‍රීසි දැනුම හා අධ්‍යාපන සුදුසුකම් ඉතා ඉහළ මට්ටමක තිබිය යුතුය.
නිවාඩුවක් සඳහා පැමිණෙන අයෙකු වුවද තමන් ජීවත්වන රටේ නීතිය කඩ කොට වැරදිකරුවෙකු වී තිබුණහොත් වීසා අවලංගු කොට නැවත හරවා යැවීමට ආගමන හා විගමන නිලධාරීන්ට බලය ලබා දී තිබේ.
සාත්තු සේවක සේවිකාවන් ලෙස සේවය කිරීම සඳහා මින් මතුවට විදේශිකයන්ට වීසා බලපත් ලබාදීම අත් හිටුවා තිබේ. එය ශ්‍රී ලාංකිකයන්ට මරු පහරක් වනුයේ සාත්තු සේවක සේවිකාවන් වශයෙන් සේවය කිරීමට පසුගිය වසර කීපය තුළ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් බ්‍රිතාන්‍යයට පැමිණි නිසාය.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්