
ඔන්ලයින් පනතට අධිකරණය ලබාදුන් සංශෝධන වහාම ඇතුළත් කරන්න – හර්ෂණ රාජකරුණා
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා අධිකරණය ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳ සොයාබලා ඒ පිළිබඳ පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර ප්‍රජාතන්ත්‍රවාදි ආකාරයට මෙම කටයුතු විසඳීම කතානායකවරයා සතු වගකීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.
විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26 දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව සඳහන් කළේය.
මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මහතා,
"පසුගිය සතියේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත (ඔන්ලයින් පනත) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ පනතට විරුද්ධව විපක්ෂය අධිකරණයට ගියා. ඒ වගේම ජාත්‍යන්තරය ඇතුළ වෙනත් සංවිධාන රැසක් එම පනතට එරෙහිව විරෝධය පළ කළා. කෙසේ වෙතත් බලහත්කාරයෙන් අධිකරණය ලබාදුන් සංශෝධන අමතක කරලා ඊට විරුද්ධ ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩකටයුත්තක් පාර්ලිමේන්තුවේදී සිදුවුණා.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත (ඔන්ලයින් පනත) පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවිමේදී විපක්ෂය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. තුන්වෙනි වර කියවීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට විරුද්ධතාවයක් තිබෙන බව කතානායකවරයා දැනුවත් කළත් කතානායකවරයා වෙනදා වගේම ඒ ගැන සොයාබලන්නේ නැතිව පනත සම්මත වෙලා අවසන් කියලා ප්‍රකාශ කළා.
ඒ වගේම මෙම පනතට අධිකරණය විසින් ලබාදුන් සංශෝධන පාර්ලිමේන්තුව තුළින් ඉටුවෙලා නෑ. මෙම පනත සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් සංශෝධන වහාම ඇතුළත් කළ යුතුයි. එසේ නොකළහොත් පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර විශාල ගැටලුවක් නිර්මාණය වෙනවා. ඒ හරහා ප්‍රජාතන්ත්‍රවාදයට විශාල බලපෑමක් සිදුවෙනවා. පාර්ලිමේන්තුවෙන් යම් අඩුපාඩුවක් වුනොත් අපිට යන්න තිබෙන එකම තැන තමයි අධිකරණය. අධිකරණයෙන් ලබාදුන් නියෝග පාර්ලිමේන්තුවෙන් ඉටු වන්නේ නැතිනම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කටයුත්තක් බවට පත් වෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)
යුද විජයග්රහණයට වසර 16යි..
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
