
මුළු ලෝකයෙන්ම අන්තර්ජාල සේවාවලින් බදු අය කරන්නේ රටවල් හයක් පමණයි... ශ්‍රී ලංකාවත් ඉන් එක් රටක් - පාඨලී චම්පික රණවක
මුළු ලෝකයෙන්ම අන්තර්ජාල සේවාවලින් බදු අය කරනුයේ රටවල් හයක් පමණක් බවත්, ශ්‍රී ලංකාව ද ඉන් එක් රටක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටියට වඩා බදු පොලු තැබූ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් 1212ක් සිටියදී වැට් බදු වැඩිකොට මේ රටේ පොඩි දරුවාගේ සිට මහලු පුද්ගලයා දක්වා එක් අයෙකුගෙන් රුපියල් තිස් දාහක් බදු වශයෙන් අයකර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද බෙන්තර ‘’ද ලයන් රෙස්ට් හොටෙල්ස්’’ හි පැවති ජන හමුවක් අමතමින් පාඨලී චම්පික රණවක මහතා වැඩි දුරටත් පැවසුවේය.
ඉදිරි මැතිවරණ සඳහා පුළුල් සන්ධානයකට එන්නේ අපේම වැඩපිළිවෙලක් එක්කයි!
රට ගොඩ නැගීම සඳහා ප්‍රායෝගික වැඩසටහනක් අවශ්‍ය බවත්, ඒ සඳහා පුළුල් දේශපාලන සන්ධානයක් ඉදිරියේදී සැකසීම වෙනුවෙන් කැපවෙන බවත් ඒ මහතා ජනහමුව අමතමින් ප්‍රකාශ කළේය.
මේ වන විට ජනාධිපතිවරණය සඳහා විවිධ පුද්ගලයින් අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වන බව පැවසුව ද, ප්‍රමිතියක් සහිත දේශපාලන පිරිසක් එකතුකොට ඉදිරියේදී සංශෝධන වලට යටත් වැඩපිළිවෙලක් ජනතාව ඉදිරියට ඉදිරිපත් කොට සුදුසු අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
මහ මැතිවරණයක් පැවතියහොත් ඒ සඳහා සුදුසුම කණ්ඩායමක් තෝරා ඉදිරිපත් කරන බව ද එසේ නොමැතිව ‘’මම තමයි ජනාධිපති අපේක්ෂකයා, මගේ ප්‍රතිපත්තිය මේක, අපිත් එක්ක එකතුවෙන්න‘’ යැයි ප්‍රකාශ නොකරන බවත් රට ගොඩ නැගීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කොට සුදුසුම පුද්ගලයා මැතිවරණය සඳහා ඉදිරිපත් කරන බව ද එක්සත් ජනරජ පෙරමුණේ නායකවරයා පැවසුවේය.
මඩ පත්තර සහ මාධ්‍ය ආයතන කරන අය සමාජ මාධ්‍ය නියාමනය කරන්න ඇවිත් ආණ්ඩුවේ ත්‍රාඩම කල්ලිය තමයි මේ පනත සම්මත කළේ.
මේක ඩිජිටල් ආර්ථිකයට ගැසූ බරපතල මරු පහරක් රටේ සංවර්ධනයට වන පාඩුව අසීමිතයි
පාර්ලිමේන්තුවේදී ජනවාරී 24 වැනිදා වැඩි ඡන්දයෙන් සම්මත වූ සමාජ මාධ්‍ය පනත ගැනද, මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑම සඳහා වැඩි ඉඩකඩක් ඇත්තේ අන්තර්ජාල සේවා හෙවත් ඩිජිටල් සේවා බවත්, සමාජ මාධ්‍ය නියාමනය කිරීම මගින් ආණ්ඩුව රටට සහ රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල කරන බව ද ආණ්ඩුවේ ත්‍රාඩම කල්ලිය එම පනත සම්මත කළ බවත් ඒ ජනහමුවේ අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
සමාජ මාධ්‍ය මගින් මඩ ප්‍රහාරයන් එල්ල කිරීම සත්‍යයක් වුව ද ඒවා කරගෙන යෑම සිදු කළ පිරිස්ම අණපනත් ගෙන ඒමට ක්‍රියා කරන බව ද පැවසූ පාඨලී චම්පික රණවක මහතා අන්තර්ජාල සේවා සපයන ආයතන සමග අවබෝධතා ගිවිසුම් අතසන් නොකොට හිතුමතේ අණ පනත් ගෙන ඒම නිසා අන්තර්ජාල පහසුකම් සපයන ආයතන ද ඔවුන්ගේ විරෝධය කළ කොට ඇති බවත් සඳහන් කළේය.
මුළු ලෝකයෙන්ම අන්තර්ජාල සේවාවලින් බදු අය කරනුයේ රටවල් හයක පමණක් බවත් ශ්‍රී ලංකාව ද ඉන් එක් රටක් බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා
ඉදිරියේදී ප්‍රති ත්‍රස්ත පනතක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ප්‍රකාශ කළේය.
දැනට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරමින් මන්ත්‍රීවරයා ද අත් අඩංගුවට ගැනීමට දේශපාලන කල්ලි ක්‍රියා කළ බව ද, සඳහන් කළ පාඨලී චම්පික රණවක මහතා ඉදිරියේදී නව ප්‍රති ත්‍රස්ත පනත සම්මත කර ගැනීමෙන් ආණ්ඩුවේ ප්‍රධාන බලාපොරොත්තුව බවට පත්වී ඇත්තේ රජයට එරෙහි වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් සහ සමාජ ක්‍රියාකාරිකයන් හා සාමාන්‍ය ජනතාව මර්ධනය කිරීම බවත් සඳහන් කළේය.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)
යුද විජයග්රහණයට වසර 16යි..
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
