ගම්පහ මහේස්ත්‍රාත්ට හදිසි මාරුවක්..
අධිකරණය දෙනු ලැබූ නියෝග ඉටු නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක් කොට ඇති බවට තීරණය කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස අභියාචනාධිකරණයේ සභාපති මිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත මාරු කොට ඇත.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින් ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා ස්ථාන මාරු කරමින් අදාල ලිපිය නිකුත් කර ඇත.
අහිංසක රටවැසියන්ට එරෙහිව නිස්සාරණ නඩු පැවරීමක් නොකරන ලෙසට සමස්ත පොලිස් නිලධාරීන් ම ආවරණය වන අන්දමට චක්‍ර ලේඛනයක් නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මීට පෙර අවස්ථාවක පොලිස්පතිවරයාට නියම කර තිබු අතර ඒ අනුව පොලිස්පතිවරයා විසින් කටයුතු නොකිරීම හේතුවෙන් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කටයුතු කරන ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් ගම්පහ මහේස්ත්රාත්වරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර එම පැමිණිල්ලට අදාළ නිරීක්ෂණයක් නම් ඉදිරිපත් කරන ලෙස අධිකරණ සේවා කොමිසම විසින් මහේස්ත්රාත්වරයාට දැනුම් දී තිබිණ.
මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන් පූහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු කර ඇත.
මූලාශ්‍රය: ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්රීලනිපය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකියි.. - මැතිවරණ කොමිසම දන්වයි..
කෝටි10 කැබිනට් තීරණය හැංගුවේ ඇයි?.. ලැබෙන ප්රතිලාභ මොනවාද?.. - ප්‍රශ්න වැලක් මතු වන තිරය පිටුපස කතාව
ප්‍රංශයේ වෘත්තීය සමිති 5ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයක..
අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..
අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..
ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..
මාලිමාව විපක්ෂයේදී කිව්ව කතා නිසා අද විහිළුවක් වෙලා.. - ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු
මධ්‍ය වාර මැතිවරණයෙන් ට්‍රම්ප් අන්ත පරාජයක් ලැබුවේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
"රටම එකට ජාතික මෙහෙයුම" පළමු සංවත්සරයේ සර්ව ආගමික වැඩසටහන අද අරලියගහ මන්දිරයේදී.. භික්ෂූන් වහන්සෙලා උපරිම ප්‍රමාණයක් සහභාගි කරවන ලෙසට දන්වා ලිපි යවයි..
LIOC හා සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රු.20කින් ඉහළට..
මැතිවරණ දිනයේදී ඊශ්‍රායලයට වාර්ෂිකව ලබාදෙන ඩොලර් බිලියන 4ක ආධාර නතර කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි..
ඡන්ද ගණන් කර අවසන් වෙන්නත් පෙරම ට්‍රම්ප් ට දැවැන්ත පරාජයක්...
ජනාධිපති සහභාගී වූ ABU සමුළුවේ සත්කාරකත්වයට 'සිරස' ට ලබාදුන් රුපියල් මිලියන 104ක අනුග්‍රාහකත්වය ගැන දැඩි කතාබහක්..
අමෙරිකාවේ සෙනෙට් සභාවේ බලය ඩිමොක්රටික් පක්ෂය දිනා ගනී..
GSP+ අහිමි වීමේ ලොකු ඉඩක්.. - ජී.එල්. පීරිස්ගෙන් අනාවරණයක්
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරය දරන සමුළුවකට කෝටි 10ක් ලබාදීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..