විශ්වාසභංග යෝජනාව සංශෝධනය කරන්න බැහැ... ඕනෙ නම් "ගරු කතානායකතුමා" කියන යෙදුමෙන් "ගරු" කපල දාන්න පුලුවන්.. - ගයන්ත කරුණාතිලක
කතානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් භාරදුන් විශ්වාසභංග යෝජනාව කිසිදු අයුරකින් සංශෝධනය කිරීමට හෝ අලුතින් භාරදීමට සූදානම් නොමැති බවත්, එහි වෙනස් කළ හැකි එකම දෙය වන්නේ "ගරු කතානායකතුමා" යනුවෙන් සඳහන් තැනින් "ගරු" යන වචනය කපා හැරීම පමණක් බවත් ප්‍රධාන විපක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
නියෝජ්‍ය කතානායකවරයාගේ අවධානයට කරුණු ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් වීමෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීමට තීරණය වූ බවයි. එමෙන්ම ඒ සඳහා දින දෙක තුනක විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂය ඉල්ලා සිටි බවද ඔහු සිහිපත් කළේය.
කෙසේ වෙතත්, අනතුරුව පැවති පක්ෂ නායක රැස්වීමේදී අදාළ යෝජනාව සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන්නේ නම් ලබන සතියේ විවාදයට ගත හැකි බවට ප්‍රකාශ වී ඇති අතර, ඊට විරෝධය පළ කළ ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවසීය.
"විශ්වාසභංග යෝජනාවක් සංශෝධනය කරන්නැයි නියෝග කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට කිසිදු නෛතික අයිතියක් නැහැ. අපේ යෝජනාව ස්ථාවර නියෝගවලට අනුකූලව ඉතා පැහැදිලිව සකස් කර තිබෙනවා. එහි කිසිවක් වෙනස් කිරීමට ඉඩක් නැහැ. වෙනස් කරන්නම අවශ්‍ය නම් අපිට කළ හැක්කේ 'ගරු කතානායකතුමා' යන යෙදුමෙන් 'ගරු' කියන කෑල්ල ඉවත් කිරීම පමණයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්රීලනිපය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකියි.. - මැතිවරණ කොමිසම දන්වයි..
කෝටි10 කැබිනට් තීරණය හැංගුවේ ඇයි?.. ලැබෙන ප්රතිලාභ මොනවාද?.. - ප්‍රශ්න වැලක් මතු වන තිරය පිටුපස කතාව
ප්‍රංශයේ වෘත්තීය සමිති 5ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයක..
අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..
අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..
ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..
මාලිමාව විපක්ෂයේදී කිව්ව කතා නිසා අද විහිළුවක් වෙලා.. - ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු
මධ්‍ය වාර මැතිවරණයෙන් ට්‍රම්ප් අන්ත පරාජයක් ලැබුවේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
"රටම එකට ජාතික මෙහෙයුම" පළමු සංවත්සරයේ සර්ව ආගමික වැඩසටහන අද අරලියගහ මන්දිරයේදී.. භික්ෂූන් වහන්සෙලා උපරිම ප්‍රමාණයක් සහභාගි කරවන ලෙසට දන්වා ලිපි යවයි..
LIOC හා සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රු.20කින් ඉහළට..
මැතිවරණ දිනයේදී ඊශ්‍රායලයට වාර්ෂිකව ලබාදෙන ඩොලර් බිලියන 4ක ආධාර නතර කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි..
ඡන්ද ගණන් කර අවසන් වෙන්නත් පෙරම ට්‍රම්ප් ට දැවැන්ත පරාජයක්...
ජනාධිපති සහභාගී වූ ABU සමුළුවේ සත්කාරකත්වයට 'සිරස' ට ලබාදුන් රුපියල් මිලියන 104ක අනුග්‍රාහකත්වය ගැන දැඩි කතාබහක්..
අමෙරිකාවේ සෙනෙට් සභාවේ බලය ඩිමොක්රටික් පක්ෂය දිනා ගනී..
GSP+ අහිමි වීමේ ලොකු ඉඩක්.. - ජී.එල්. පීරිස්ගෙන් අනාවරණයක්
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරය දරන සමුළුවකට කෝටි 10ක් ලබාදීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..