
‘ඉමියුනෝග්ලෝබින්' එන්නත් කියා දී ඇත්තේ පාට කරන ලද වතුරලු
ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නත් බව හඟවා ලබා දී ඇත්තේ පාට කරන ලද “වතුර” බව නීතිපතිවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නේය.
එලෙස ලබාදී ඇති පාට කරන ලද “වතුර” වල බැක්ටීරියා වර්ග ද ආශාධනය වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනි ගිරිහාගම මෙනවිය ප්‍රමිතියෙන් තොර එම ප්‍රතිදේහ එන්නත් ලබාදුන් රෝගීන් තිදෙනෙකුගේ ජීවිත මාරාන්තික තත්ත්වයට පත්වී ඇතැයි ද දැනුම් දුන්නාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් කරන විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් ඒ බව දැනුම් දී ඇත.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් හදිසි මිලදී ගැනීම් වශයෙන් මෙම ඖෂධ මිලදී ගෙන ඇති බවත් එලෙස මිලදී ගත් ඖෂධ බොහෝ ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බව මේ වන විටත් හෙළිවී ඇති අතර ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නත් පරීක්ෂා කිරීමට තරම්වත් සුදුසු තත්ත්වයක නොමැති බවලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර ඇතිව කරන ලද විමර්ශනයකදී හෙළි වූ බවද අධිකරණයට වාර්තා කර තිබිණි.
රටේ මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය කරන විමර්ශන වලදී මේ තත්ත්වය හෙළි වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙන විටත් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කොට ඇති බාල ඖෂධ සැපයුම්කරු මෙන්ම සෞඛ්‍ය ලොක්කෝ බොහෝ දෙනෙක් අධිකරණයට පවසා සිටියේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා හා කැබිනට් මණ්ඩලයේ නියෝග අනුව තමුන් කටයුතු කළා මිස මෙම අපරාධයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය.
– අද
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
