
අමෙරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමග ගිවිසුම් ගතවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබුණද ගිවිසුම්ගතවී ඇත්තේ ඊට අනුබද්ධ වෙනත් සමාගමක් සමගයි- අනුර කුමාර දිසානායක
ඊයේ(11) ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට විකිණීමට අදාළ මතභේදාත්මක ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
අනුර කුමාර දිසානායක මහතා එහිදී සඳහන් කළේ, අමෙරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමග ගිවිසුම් ගතවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබුණද ගිවිසුම්ගතවී ඇත්තේ ඊට අනුබද්ධ වෙනත් සමාගමක් සමග බවයි.
පසුගිය සැප්තැම්බර් 17 වනදා කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ සියයට 40ක කොටස් අමෙරිකානු සමාගමක් වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමගමට පැවරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබූ බව රජය නිවේදනය කරණු ලැබීය.
කෙසේ වුඅවද අදාළ ගිවිසුම රජය හෙළි නොකිරීමත් සමග පාර්ශ්ව රැසක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරුණු ඉල්ලා සිටියද මුදල් අමාත්‍යාංශය එය ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.
අනතුරුව පාර්ශ්ව රැසක් ගිවිසුම අත්හිටුවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
අදාළ ගිවිසුමේ රහස්‍යභාවය හා ප්‍රකාශනය පිළිබඳ කරුණු ඇතුළත් 13.1 (ආ වගන්තියේ දැක්වෙන්නේ මෙම ගිවිසුම අත්සන් කර වසර 02ක් ගතවන තුරු ඊට අදාළ කිසිදු පාර්ශ්වයක්, අනෙක් පාර්ශ්වයේ ලිඛිත අවසරයකින් තොරව එම ගිවිසුමෙහි කොන්දේසි සහ හුවමාරු කරගත් වෙනත් කිසිදු ලියකියවිල්ලක් හෝ ඊට අදාළ කරුණු හෙළි නොකළ යුතු බවයි.
එසේඅම ගිවිසුමේ 13.3 වගන්තියට අනුව සඳහන් වන්නේ කිසිදු පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයේ ලිඛිත කැමැත්තකින් තොරව ගිවිසුම සම්බන්ධයෙන් වූ අදහස් හුවමාරු කරගැනීම් එහි කොන්දේසි පිළිබඳව පුවත්පත් නිවේදන හෝ වෙනයම් හෝ නිවේදනයක් නොකළ යුතුය බවයි.
මෙම ගිවිසුම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා,
“මේ ගිවිසුම උසාවිය හරහා අපිට ලැබුණා. අපේ අතට පත්වෙච්ච ඒ ගිවිසුමේ තියෙන විදිහට රටේ තියෙන සියලුම බලාගාරවලට ළ්ණ්ඝ් සැපයීමේ ඒකාධිකාරය ඒ අයට ලැබෙනවා. පළමු අදියර සම්පූර්ණ වෙන්න ගිවිසුමේ තියෙන විදිහට ශ්‍රී ලංකා ළ්ණ්ඝ් ගෑස් යනුවෙන් ආයතනයක් හදන්න ඕනේ . ඒක රජය සතු සමාගමක්. ඒ සමාගමත් එක්ක නිව් ෆෝට්‍රස් සමාගම ගිවිසුමක් අත්සන් කරන්න ඕන. නිව් ෆෝට්‍රස් සමාගමට ළ්ණ්ඝ් සපයන්න දෙන බවට. ඒ ටික සම්පූර්ණ වුණාම තමයි අර අමෙරිකානු ඩොලර් මිලියන 250න් 187ක් ලැබෙන්නේ. දෙවැනි අදියරේ වැදගත්ම කාරණය තමයි ලංකාවේ සියලුම බලාගාරවලට ළ්ණ්ඝ් ලබාදීමේ ඒකාධිකාරය ලබාදිය යුතුයි. දෙවැනි අදියර සම්පූර්ණ වුණාම අමෙරිකානු ඩොලර් මිලියන 250ම ලැබෙනවා.දෙවැනි අදියර සම්පූර්ණ කරන්න බැරි වුණොත් මුලින් ලබාගත්ත අමෙරිකානු ඩොලර් මිලියන 187 නැවත ඒ අයට ලබාදෙන්න ඕන. මේක දූෂිත ගණුදෙනුවක්.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..
ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..
වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)
රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..
අනුරගේ කතාවට ෆොන්සේකාටත් රිදිලා
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්
රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..
ඇමති බිමල්ට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කෙරේ..
යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..
9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි
අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)
රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
සහල් හිගයක්.. මුදලාලි මිලට සහල් පාලන මිල වෙනස් වීමේ අවදානමක්..
ඇමති බිමල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්.. "රේගුවෙන් පිටකළ බහාලුම්වල අවිආයුධ?" - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)
