News Category
From Date
To Date
Maximum Number of Result

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙනත් ජාතික කර්තව්‍යයක් වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කිරීම සඳහා ප්‍රතිස්ථාපනය කරනු ලබනවා- යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

Dec 10, 2021 at 06:08 AM
|

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු බලධාරින් පිරිසක් සහභාගීත්වයෙන් යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (8) දින කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අවසන් සැසිවාරය පැවැත්විනි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මූලිකත්වයෙන් 2020 මාර්තු මස 16 දින රාජගිරියේදී කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලද අතර එතැන් සිට වසරකුත් මාස නවයකට ආසන්න කාලයක් පුරාවට කොවිඩ් – 19 වෛරසය පැතීරීම වැළැක්වීමේ කටයුතු, නිරෝධායන කටයුතු සහ කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීම හා සබැඳි සියලු සම්බන්ධීකරණ කටයුතු සම්බන්ධීකරණය කරනු ලැබුවේ කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගිනි.

මෙහිදී අනාවරණය කරණු ලැබුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙනත් ජාතික කර්තව්‍යයක් වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කිරීම සඳහා ප්‍රතිස්ථාපනය කර ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා,

“අප කණ්ඩායමක් ලෙස එක්ව වසර 2 කට ආසන්න කාලයක් පුරාවට අපේ රටට බලපෑ ගෝලීය වසංගතය පාලනය කිරීමට වෙහෙස නොබලා කටයුතු කරමින් සිටින්නේ අතිගරු ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ කණ්ඩායමක සාමාජිකයන් ලෙසයි. මෙම කාලපරිච්ඡේදය තුළ කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් ප්‍රධාන වශයෙන් අවස්ථා 03 කට සාර්ථකව මුහුණදීමට අපට හැකියාව ලැබුණා. රටේ පුරවැසියන් අදෘශ්‍යමාන තර්ජනයකින් ආරක්‍ෂා කරගැනීම සඳහා දැවැන්ත අභියෝග අපසතු වූවා. අපි ප්‍රධාන කමිටුව, විද්වත් මණ්ඩලය සහ විවිධ ක්‍රියාකාරී කණ්ඩායම් ලෙස එක්ව මෙම වසංගතය පාලනය කිරීමට විවිධ සැලසුම් සහ ක්‍රම ක්‍රියාත්මක කිරීමට උපාය මාර්ග සැකසීමට කටයුතු කළ අතර අභියෝග රැසක් මධ්‍යයේ වුවද රටේ ජනතාවට අර්බුදකාරී තත්ත්වයකට මුහුණදීමට කිසිදු අවස්ථාවක ඉඩකඩ ලබාදී නොමැත.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකාය වෙතින් යෝජනා කරන ලද උපායමාර්ග සහ ක්‍රමෝපායන්හී ප්‍රතිඵලයක් ලෙස ඵලදායි ලෙස රෝගීන් කළමනාකරණය කිරීම, ආශ්‍රිතයින් හදුනා ගැනීම, නිරෝධායන ක්‍රියාවලිය මෙන්ම ජනතාවට එන්නත් ලබා දීම සහ සීමිත සීමාවන් කීහිපයකට යටත්ව සම්පූර්ණයෙන්ම රට විවෘත කිරීමට හැකියාව ලැබි ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩලයට අනාගතයේදී වසංගතය පාලනය කිරීමේ කටයුතු තවදුරටත් වැඩිදියුණු කිරීමටත්, 2022 වර්ෂය වන විට කොවිඩ්-19 වෛරයෙන් නිදහස් ශ්‍රී ලංකාවක් ලෙස ප්‍රවේශ වීමටත් හැකිවනු ඇතැයි මාගේ විශ්වාසයයි.

අද සිට මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය තවත් දැවැන්ත ජාතික ක්‍රියාන්විතයකට දායක වන අතර 1906 ක්‍ෂණික ඇමතුම් අංකය සහ 1904 කෙටි පණිවුඩ සේවාව සමග ඒකාබද්ධ රෝගී කළමනාකරණ පද්ධතිය සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරාගනු ලබන අතර ජාතික කර්තව්‍යය සඳහා ඉදිරියේදී මෙම මධ්‍යස්ථානයේ සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතුවලට නව දුරකථන අංකයක් ද ක්‍රියාත්මක වේ. අපි දැනටමත් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අත්දැකීම් ලේඛනයකට සම්පාදනය කර ඇති අතර, එම ලේඛනයේ අවසාන පිටපත ඉදිරි දින දෙක ඇතුළත ප්‍රකාශයට පත් කීරීමට නියමිතව ඇත.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලෙස මම ප්‍රධාන කමිටුවේ සාමාජිකයින්ට, ස්වාධීන විද්වත් මණ්ඩලයේ සාමාජිකයින්ට සහ විවිධ ක්‍රියාකාරී කණ්ඩායම්වල සාමාජිකයින්ට මෙන්ම වෛද්‍යවරුන්ට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සාමාජිකයින් ලෙස ජාතියට ලබාදුන් අමිල දායකත්වය වෙනුවෙන් මගේ කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. එමෙන්ම, විවිධ ආකාරයෙන් අපට සහය වීමට වෘත්තිකයන්, බුද්ධිමතුන්, රාජ්‍ය හා පෞද්ගලික අංශ නිලධාරීන් සහ පුද්ගල කණ්ඩායම් ගණනාවක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. ඒ සියළුදෙනාගේ දායකත්වය වෙනුවෙන් මා බොහෝ සෙයින් ස්තූතිවන්ත වෙනවා.

අවසාන වශයෙන්, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත සහය වීමට වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරින්, බුද්ධි අංශ සාමාජිකයින් ඇතුළු දේශහිතෛශී පුරවැසියන් දක්වන දායකත්වය සහ සහයෝගය මම බෙහෙවින් අගය කරමි. එමෙන්ම, මෙම වසංගතයට එරෙහිව සටන් කිරීමට සියළුදෙනා එක්සේසත්ව කටයුතු කරන මෙන් මා ඉල්ලා සිටිමි”

සම්බන්ධිත පුවත් | Related News

දේශීය කීරි සම්බා හා සම්බා සහල් මිලට ගැනීමේදී වැඩි මිලට අලෙවි කිරීමට අමතරව සහල් මෝල් හිමියන් කොන්දේසි පනවමින් ඇති බව තොග වෙළඳුන් කියා සිටිති.
මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අවසන් කළ ගොනු පනහකට ආසන්න ප්‍රමාණයක් නඩු පැවරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.
ගොවිජන බැංකු ( නියමු ) ව්‍යාපෘතිය සහ ගොවි කාරක සභාව සදහා ගිණුම්කරණ මෘදුකාංග ලබාදීම සදහා පරිගණක ඇතුලු මුද්‍රණ උපකරණ මිලදී ගැනීමේ මුවාවෙන් රුපියල් මිලියන 250ක මහා පරිමාණ මුල්‍යමය වංචාවක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස වර්තමාන රජය විසින් පත් කළ සුනිල් ජයරත්න මහතා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධයෙන් දැනුම්වත් භාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ.
සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා එම තනතුරට සදුසුදැයි යළි සලකා බැලිය යුතුව ඇති බව රජයේ මුදල් පිළිබඳ තාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Next ඇඟළුම් කර්මාන්ත ශාලාව වසා දැමීම අනවශ්‍ය ලෙස දේශපාලනීකරණයට උත්සාහ කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර චෝදනා කරයි.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබු කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.
අරගල කාල සීමාවේදී තෙල් සංස්ථාවේ ඉන්ධන කන්ටේනර් විශාල ප්‍රමාණයක් ඉන්ධන හල්වෙත නොගොස් අතුරුදන්ව ඇති බවත්, මේ සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් මීට පෙර ඉල්ලා සිටි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
බුල්තල පැල්වත්ත සීනි සමාගමේ, මුල්‍ය අර්බුදය හේතු වෙන් සමාගමේ පාලන අධිකාරිය සමාගමේ දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 500ක්, පාඩු පිට ගැනුම්කරුවකුට අලෙවි කර ඇති බවත් එසේ අලෙවි කර ඇත්තේ සීනි කිලෝවකින් රුපියල් අසූහතරක පමණ පාඩුවක් පිට බවත් සමාගමේ සේවකයෝ පවසති.

ප්‍රධාන පුවත්

හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..

මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අවසන් කළ ගොනු පනහකට ආසන්න ප්‍රමාණයක් නඩු පැවරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.

ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..

ගොවිජන බැංකු ( නියමු ) ව්‍යාපෘතිය සහ ගොවි කාරක සභාව සදහා ගිණුම්කරණ මෘදුකාංග ලබාදීම සදහා පරිගණක ඇතුලු මුද්‍රණ උපකරණ මිලදී ගැනීමේ මුවාවෙන් රුපියල් මිලියන 250ක මහා පරිමාණ මුල්‍යමය වංචාවක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස වර්තමාන රජය විසින් පත් කළ සුනිල් ජයරත්න මහතා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධයෙන් දැනුම්වත් භාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ.

වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)

සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා එම තනතුරට සදුසුදැයි යළි සලකා බැලිය යුතුව ඇති බව රජයේ මුදල් පිළිබඳ තාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..

උතුරු මැද පළාත් සභාව සතු සුඛෝපභෝගී වාහන විසි දෙකක් රහසිගතව ටෙන්ඩර් කැඳවා අඩුමිලට වෙන්දේසි කර ඇති බවට අපි පුරවැසියෝ සංවිධානය චෝදනා කරයි.

අනුරගේ කතාවට ‌ෆොන්සේකාටත් රිදිලා

ජාතික රණවිරු සැමරුම් උත්මයයේදී ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සෑම පාර්ශ්වයක්ම සාමය වෙනුවෙන් යුද්ධ කරන බවට කල ප‍්‍රකාශයට තමන් එකඟ නොවන බවල හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුලි මස 11 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..

ඉන්දියානු සාගරයේ භූ දේශපාලනික උපායමාර්ගක කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකයේ දේශපාලනික ආර්ථික සහ යුදමය වැදගත්කමක් ලැබී තිබීම නිසා ලෝකයේ බලවත් රටවල් දැඩි ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අවදානය යොමුකර තිබේ.

යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු, යුරෝපා මහාද්වීපය පුරාම දිවි පිදූ සෝවියට් සොල්දාදුවන් වෙනුවෙන් ස්මාරක 4,000 ක් පමණ ඉදිකර ඇත.

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළේය.

9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි

2025 පලාත් පාලන මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණේ “පංචායුධය ලකුණින්” තරගවැදී තේරී පත්වූ, පළාත් පාලන නියෝජිතයන්ගේ විශේෂ හමුවක් ,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (27) බත්තරමුල්ල, ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාදයෙන් පසු තේරීපත්වූ සභිකයින් 26 දෙනා ජාතික නිදහස් පෙරමුණේ පළාත් පාලන මහජන නියෝජිතයින්ගේ ප්‍රතිඥාව සිදු කරන ලදි. පක්ෂ නායක විමල් වීරවංශ මහතා විසින් ඔවුන්ට මහජන නියෝජිතයන් ලෙස පැවරෙන වගකීම් පිළිබඳව පැහැදිලි කල අතර ඔවුන් සියලු දෙනාට ජාතික නිදහස් පෙරමුණේ සුබ පැතුම්ද එක් කළේය. පළාත් පාලන නියෝජිතයන් විසින් ලබාදුන් 9 වැදැරුම් පුතිඥාව පහතින්

අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)

අනුර වික්‍රමසිංහ රනිල් සීයා ගිය වැල්පාලමේම ලංකාව නමැති දරුවා වඩාගෙන ඔහේ යන බවත්, රටේ කර්මාන්ත විශාල ප්‍රමාණයක් මේ වන විට වැසී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

මානුෂීය මෙහෙයුම වෙනුවෙන් කැපවූ රණවිරුවන් 58 දෙනෙක් මේ වන විට දංගෙඩියට ගෙනයන්න පිඹුරුපත් සකසා අවසන් බව විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක මහතා පවසයි.

ඇමති බිමල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්.. "රේගුවෙන් පිටකළ බහාලුම්වල අවිආයුධ?" - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)

පසුගිය කාලයේ රේගුවෙන් පිටකළ ඉහාලුම් එසේ නිදහස් කරන්නට රේගු නිලධාරීන්ට නියෝග කළේ තමන් බව අමාත්‍ය බිමල් රත්නායක විසින් වීරයෙකු මෙන් පැවසූ බවත්, ඔහු වරාය භාර ඇමතිවරයා වුවද ඔහුට එසේ රේගු නිලධාරීන්ට නියෝග දීමට හැකියාවක් නැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.