
විමල්, උදය, වාසු යුගදනවි ටෙන්ඩරයට එරෙහිව විරෝධතා ගොනු කරති
විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යුගදනවි ගිවිසුමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්ෂව විරෝධතා ගොනුකර ඇති බව වාර්තාවේ.
අදාළ අමාත්‍යවරු තිදෙනා මෙම විරෝධතා ඉදිරිපත් කර ඇත්තේ සිය නීතිඥවරුන් මාර්ගයෙනි.
යුගදනවි ගිවිසුමට එරෙහිව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, සමගි ජන බලවේගය, වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ත්බෙන අතර අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර ඇති උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ යන අමාත්‍යවරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනීසිට ඇති බව වාර්තාවේ.
අදාළ ගිවිසුමට එළඹීමේදී මුදල් අමාත්‍යවරයා විසින් කිසිදු ආකාරයේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්, අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් නොකළ බවත් එම කැබිනට් පත්‍රිකාව සම්මත කිරීමක් සිදුනොවු බවත් විමල්, වාසු හා ගම්මන්පිල යන අමාත්‍යවරු විසින් ගොනුකළ විරෝධතා වල සඳහන් කර ඇතැයි වාර්තාවේ.
යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමට ලබා දීමේ ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමක් සිදුකර තිබියදී , ටෙන්ඩර් ලංසුව ඉදිරිපත් නොකළ සමාගමකට මෙම ටෙන්ඩරය ලබාදීම නීතියට පටහැනි බව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වාදී තිබේ.
ටෙන්ඩරය ලබාගත් ඇමෙරිකානු සමාගම 2018 වසරේ ආරම්භ කළ සමාගමක් වන අතර අදාළ සමාගමට ගෑස් කළමනාකරණය පිළිබඳ කිසිදු ඉතිහාසයක් නොමැති බව පෙන්වා දෙන එම අමාත්‍යවරුන් මෙම සමාගමට රටේ ගෑස් කළමනාකරණය භාරදීම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි ද පෙන්වා දී තිබේ.
මෙම පෙත්සම් ලබන 16 සහ 17 වැනිදා යළි සලකා බැලීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..
ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..
වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)
රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..
අනුරගේ කතාවට ෆොන්සේකාටත් රිදිලා
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්
රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..
ඇමති බිමල්ට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කෙරේ..
යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..
9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි
අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)
රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
සහල් හිගයක්.. මුදලාලි මිලට සහල් පාලන මිල වෙනස් වීමේ අවදානමක්..
ඇමති බිමල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්.. "රේගුවෙන් පිටකළ බහාලුම්වල අවිආයුධ?" - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)
