News Category
From Date
To Date
Maximum Number of Result

බුද්ධ සාසනය සුරක්ෂිත කිරීමේ ව්‍යවස්ථා ප්‍රතිපාදන ගැන ජ්‍යේෂ්ඨ නීතිඥ කණිෂ්ක විතාරණගෙන් අනාවරණයක්..

Jun 1, 2026 at 06:26 AM
|

බුද්ධ සාසනය සුරක්ෂිත කිරීමේ ව්‍යවස්ථා ප්‍රතිපාදන ගැන සම්බන්ධයෙන් සහ මෙවර වෙසක් මංගල්‍යයේදී රජය විසින් වසර 2570 ක් පැරණි බෞද්ධ රාජ්‍යයක උරුමය පිළිගෙන ප්‍රකාශයට පත් කර තිබීම සම්බන්ධයෙන් ලිපියක් සම්පාදය කරමින් ජ්‍යේෂ්ඨ නීතිඥ කණිෂ්ක විතාරණ මහතා කරුණු දැක්වීමක් සිදුකර තිබේ.

එම ලිපිය පහළින්..

බුද්ධ සාසනය සුරක්ෂිත කිරීමේ ව්‍යවස්ථා ප්‍රතිපාදන

පසුගිය 27 වෙනි දා මාතර තිහගොඩ, මිදෙල්ලවල පුරාණ රජමහා විහාරස්ථානයේ දී පැවැති 2570 වන රාජ්‍ය වෙසක් මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කළ කතාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තියෙන් වත්මන් රාජ්‍යය වෙත පැවරී තිබෙන වගකීම් පිළිබඳ සංක්ෂිප්ත සටහනක් විය. 

රට යටත් විජිතයක්ව තිබූ කාලවකවානු හැරුණු කොට වසර දෙදහසකට වැඩි ඈත ඉතිහාසයක් පුරාවට මෙරට පාලනය කළ රජවරුන් රටත්, ජනතාවත් ආරක්ෂා කරගත්තේත්, ස්වයංපෝෂිත කළේත් බුද්ධාගමට හා බුද්ධ ශාසනයට ප්‍රමුඛත්වය දීම නිසාය. මෙවර වෙසක් මංගල්‍යයේදී රජය විසින් වසර 2570 ක් පැරණි බෞද්ධ රාජ්‍යයක උරුමය පිළිගෙන ප්‍රකාශයට පත් කර තිබීම සතුටු දායකය. 

9 වන වගන්තිය (ව්‍යවස්ථාව)

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 9 වන වගන්තියේ මෙසේ සඳහන් වේ. 

“ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිතකොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.”

රජයේ වගකීම්

මෙම වගන්තියෙන් (ව්‍යවස්ථාවෙන්) රජය (ජනරජය) වෙත පැවරෙන වගකීම් තුනකි. එනම්, (අ) බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම (ආ) බුද්ධ ශාසනය සුරක්ෂිතකොට පෝෂණය කිරීම (ඇ) 10 හා 14(1)(ඉ) වගන්තිවලින් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.

සියලු ආගම් අදහන්නන්ගේ සමාන බව 

ව්‍යවස්ථාවේ පනවා තිබෙන්නේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම මිස බෞද්ධයින්ට ප්‍රමුඛස්ථානය ලබාදීමක් නොවේ. එසේ හෙයින් බෞද්ධයින් ඇතුළු සියලුම ආගම් අදහන්නන් ව්‍යවස්ථාවේ 10 හා 14(1)(ඉ) වගන්තිවල සඳහන් වන මූලික අයිතිවාසිකම්වලට සම හිමිකමක් ලබයි. එ් අනුව, “සෑම තැනැත්තෙකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් ඇදහීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය,” (10 වන වගන්තිය). “සෑම පුරවැසියෙකුට ම එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට හිමිකම ඇත්තේය” (14(1)(ඉ) වගන්තිය).

ව්‍යවස්ථාවේ 12(2) වගන්තියට අනුව කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේ ය. 

9 වන ව්‍යවස්ථාවේ සංක්ෂිප්ත පසුබිම

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම හා බුද්ධ ශාසනය පෝෂණය කොට ආරක්ෂා කිරිම මිහිඳු මහරහතුන් වැඩමකිරීමෙන් පසුව දේවානම්පියතිස්ස රජතුමා බුද්ධශාසනයේ භාරකාරයා බවට පත්ව බුදුදහම ලංකාවේ රාජ්‍ය ආගම බවට පත් වූ දා පටන් අඛණ්ඩව පැවැති (විදේශ ආක්‍රමණවල පාලන කාලවල හැර) රාජ්‍ය ප්‍රතිපත්තිය හා වගකීම වේ. එතැන් පටන් බුදු දහම රටේ නීතිය, පරිපාලනය, ආර්ථිකය, කලාව, සංස්කෘතිය, අධ්‍යාපනය, කර්මාන්ත හා ජීවනෝපාය මාර්ග යනාදී බොහෝ අංශ සමග මුහුව ජනතාවගේ ජනජීවිතයේ  හා චින්තනයේ පදනම ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. 

බුද්ධාගම රජයේ ආගම බවත්, ශ්‍රී ලංකා දේශය බුදුන්ට අයත් බවත්, ශ්‍රී ලංකාවේ රජ කිරීමට සුදුසු වන්නේ බෞද්ධ රජකු පමණක් බවත් පූජාවලියේ සදහන් වේ. 1769 දී ලන්දේසි ආණ්ඩුකාර විල්හෙම් ෆාක් විසින් වාර්තා කර ඇත්තේ එකල මහනුවර විසූ භික්ෂුන් වහන්සේලාට අනුව රාජ්‍ය පාලකයා බුදු දහම හැර වෙනත් ආගමක් ඇදහිය නොයුතු බවට ස‍ඳහන් නීතියක් ද තිබූ බවයි. 1816 ජූනි 03 දිනැතිව රොබට් බ්‍රවුනින් ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් ලියන ලද ලිපියකට අනුව උඩරට රාජධානියත්, බුදු දහමත් අතර නොබිඳිය හැකි බැඳයාවක් තිබූ අතර බුදුරජාණන්වහන්සේ විසින් රජුන්ව විදේශ බලවේගවලින් හා බලපෑම්වලින් ආරක්ෂා කරන බවට ලක්වැසියන් අතර විශ්වාසයක් තිබී ඇත. බුදු දහම හා ජනතාව අතර තිබූ මෙම බැඳියාව නිසාම 1815 දී අත්සන් කරන ලද උඩරට ගිවිසුමේ 5 වන වගන්තිය ලෙස බුදු දහම ආරක්ෂා කරන බවට කොන්දේසියක් ඇතුළත් කිරීමට ඉංග්‍රීසින්ට සිදුවිය. 

බෞද්ධයින්ට සිදුවූ පීඩා

එහෙත් ඉංග්‍රීසින් විසින් ලබා දුන් පොරොන්දු කඩ කිරීම නිසා හෙලයෝ ඉංග්‍රීසි පාලනයට එරෙහිව සටන් කළහ. 1818 සිදුවූ ඌව වෙල්ලස්ස මහා සටනේදී සිංහලයෝ දහස් ගණනින් මිය ගියහ. යටත්විජිත සමයේ දී බුදුදහමට හා බෞද්ධයින්ට සිදුවූ පීඩා හා හානිවලින් මිදී බුදු සමය පැරණි රජ දවස තිබුණු තත්ත්වයට ගැනීමට භික්ෂුන් වහන්සේලා ද විවිධ බෞද්ධ සංවිධාන ද අරගල කළහ. 1946 දී ඉංග්‍රිසි පාලනය විසින් පනවන ලද සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (ආගම් හා ආගමික ආයතන පිළිබඳ) 29(2) වගන්තිය මගින් බෞද්ධයෝ තවදුරටත් අපේක්ෂා භංගත්වයට පත්වූහ. 

1972 හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා

වසර සියගණනක් තිස්සේ පැවැති විජාතික පාලන හස්තයෙන් මිදී රටේම ජනතාව විසින් සාදාගන්නා ලද ප්‍රථම ස්වදේශීය ආණ්ඩුකම ව්‍යවස්ථාව වන්නේ 1972 ජනරජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි (ශ්‍රී ලංකාවට සැබෑ නිදහස ලැබුණේ එය ක්‍රියාත්මක වූ 1972 මැයි 22 බවට පිළිගැනෙන්නේ එබැවිනි). ශතක ගණනාවක් තිස්සේ සිදුකළ සටනක මල්පල ගැන්වීමක් ලෙස එම ව්‍යවස්ථාවේ 6 වන ව්‍යවස්ථාව පනවා තිබුණේ මෙසේය,

“ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 18 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ඈ) ඡේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර රජය විසින් බුද්ධාගම සුරක්ෂිතකොට පෝෂණය කළ යුත්තේ ය.”

මෙහි බුද්ධ ශාසනය යන යෙදුම නොවීය. බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කළ යුතු වීමේ රාජ්‍ය වගකීම ඇතුළත් වූයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවට (වගන්තියට) ය (මෙය 1978 ව්‍යස්ථාව 1972 ව්‍යවස්ථාව යටතේ කරනු ලැබූ සංශෝධනයකි).

විදේශීය ව්‍යවස්ථා

2023 දී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය (එස්. තුරේරාජා, යසන්ත කෝදාගොඩ හා ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්) විසින් ලබා දී තිබෙන ආයුර්වේද (සංශෝධිත) පනත් කෙටුම්පත සම්බන්ධ තීරණයේ දී වෙනත් රටවල ව්‍යවස්ථාවන් සම්බන්ධව සඳහන් කර තිබෙන්නේ මෙසේය (සාමාන්‍ය සිංහල පරිවර්තනයකි), 

“ලෝකයේ බොහෝ රටවල ව්‍යවස්ථාවන් මඟින් කිසියම් ආගමකට ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබාදී ඇති බවත්, එවැනි ව්‍යවස්ථාවන් කිහිපයක් මගින් ඇතැම් ආගම් සඳහා විශේෂ පිළිගැනීමක් හෝ සැලකීමක්  ලබාදී ඇති බවත් අත්‍යාවශයෙන්ම දැක්විය යුතු බවට අපි නිරීක්ෂණය කරමු. ඇතැම් ඇස්තමේන්තුවලට අනුව, ලෝකයේ සියලුම ව්‍යවස්ථාවන්ගෙන් ආසන්න වශයෙන් සියයට 40ක්ම විශේෂිත ආගමක් පැහැදිලිව හඳුනාගෙන, එම ආගම පිළිගැනීම, ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම සම්බන්ධ ව්‍යවස්ථාමය වගකීමක් රජයට පවරා ඇති අතර, ඊට සමගාමීව සාමාන්‍ය ආගමික අයිතිවාසිකම් ද (පෙදුවේ) ව්‍යවස්ථාමය වශයෙන් සහතික කර ඇත. ලෝක ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන්නේ මෙවැනි ව්‍යවස්ථාමය සැකැස්මක් යටතේය.”

එහි දී මියන්මාරය, කාම්බෝජය, තායිලන්තය, භූතානය වැනි දකුණු හා නැගෙනහිර ආසියාතික රටවල් ගණනාවක ව්‍යවස්ථා මගින් බුද්ධාගමට ප්‍රමුඛතාවක් ලබා දී ඇති ආකාරය පිළිබඳව අධිකරණය විසින් සාකච්ඡා කර ඇත. 

ආසියානු රටවල පමණක් නොව එක්සත් රාජධානිය, ආජෙන්ටිනාව, නෝර්වේ, ඩෙන්මාර්කය, හංගේරියාව, මෝල්ටාව, මොනැකෝව වැනි රටවල කතෝලික ආගමට ලබා දී තිබෙන විශේෂ ප්‍රමුඛතාවයත්, ඊජිප්තුව, ටියුනීසියාව, මැලේසියාව, පකිස්තානය මෙන්ම අනෙකුත් බොහෝ මැදපෙරදිග රටවල් ඉස්ලාම් ධර්මයට ලබා දී තිබෙන ප්‍රමුඛතාවයත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු වී ඇත.

මෙසේ යම් ආගමකට විශේෂත්වයක් ව්‍යවස්ථාව මගින් ලබා දීම ඒ ඒ රටවලට ආවේණික ඓතිහාසික සාධක මත සලකා බැලිය යුතු බව සඳහන් කරන අධිකරණය එසේ වුවද, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ සැකැස්ම සලකා බැලීමේ දී සියලු ආගම්වලට අයත් පුරවැසියන්ට සහයෝගීතාවෙන් යුතුව සම හිමිකම් සහිතව ජීවත්වීමේ නීතිමය රාමුවක් සහතික කර තිබෙන බවද සඳහන් කර ඇත.

බුද්ධ ශාසනය

1993 දී පුරාවිද්‍යා සංශෝධන කෙටුම්පත සම්බන්ධව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවේ දී බුද්ධ ශාසනය යන යෙදුම බුද්ධාගම යන්නට වඩා පුළුල් බවත්, ඊට බෞද්ධයින්ගේ ආගමික වතාවත් හා වන්දමාන කරන ස්ථානද ඇතුළුව සම්පූර්ණ සංස්ථාපිත ව්‍යුහයම ඇතුළත් වන බවටත් තීරණය කර ඇත.

එතැන් පටන් නඩු තීන්දු ගණනාවක දී ම ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 9 වන වගන්තිය අර්ථ නිරූපණය කර තිබේ (උදා- කතිකාවත් පනත් සංශෝධනය, විහාර දේවාලගම් පනත් සංශෝධනය, සම-රිසි පනත් කෙටුම්පත). එහෙත් ආයුර්වේද පනත පිළිබඳ නඩුවේ දී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසිකවූත් වඩාත් පූළුල් වූත්, අර්ථනිරූපණයක් ලබා දී ඇත. ඒ කෙසේද යත් (සාමාන්‍ය සිංහල පරිවර්තනයකි),  

“අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බුද්ධ ශාසනය (යන පදයට) යන්නට ධර්මය  (විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ දේශනා ලෙස පිළිගත් හා අවිවාදිත ලේඛනගත කර තිබෙන ඉගැන්වීම් ඇතුළුව බෞද්ධ ධර්මයේ මූලධර්ම සහ ඉගැන්වීම්), සංඝයා (බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන්), බුදුදහම විසින් පිළිගනු ලබන දේශනා, චාරිත්‍ර හා පිළිවෙත්, ලේඛනගත කරන ලද බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් සහ ඊට අදාළ දේශනා, පිරිවෙන්, විහාරස්ථාන සහ සංඝාධිකරණ වැනි ආයතනික යාන්ත්‍රණ, නිකාය වැනි සංවිධානමය යාන්ත්‍රණ සහ ව්‍යුහයන්, පැවිදිකිරීම හා උපසම්පදාව වැනි ක්‍රමවේද, විහාරාධිපති සහ විහාරාධිකාරී වැනි තනතුරු, විහාරස්ථානවල දායක සභා වැනි බෞද්ධ ගිහි සංවිධාන, සහ සාංඝික දේපළ වැනි ශාසනික දේපළ ද ඇතුළත් වන බව අපි තීරණය කරමු. මේ සියල්ල එකට එක්ව “බුද්ධ ශාසනය” ලෙස හැඳින්වෙන අතර, බුද්ධාගම දේශනා කිරීම, පිළිපැදීම, පවත්වාගෙන යාම, නඩත්තු කිරීම, ප්‍රවර්ධනය කිරීම, පෝෂණය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා බෞද්ධාගමේ පවතින සංවිධානමය හා ආයතනික සැකැස්මන් ද ඊට අයත් වේ.

ඇත්ත වශයෙන්ම, බුද්ධාගම සහ බුද්ධ ශාසනය එකිනෙකට මත යැපෙන හා වෙන් කළ නොහැකි බවද නිරීක්ෂණය කිරීම වැදගත් ය. එබැවින්, 9 වැනි වගන්තියේ සඳහන් “බුද්ධ ශාසනය” යන පදය පුළුල් ලෙස විකාශය කළ හැකි පදයක් වන අතර, ඉහත අර්ථ දැක්වූ පරිදි බුද්ධාගමට අදාල සමස්ත සංස්ථාපිත ව්‍යුහයම එයට අයත් වන බව අපි තීරණය කරමු.

ඒ අනුව, විනය පිටකය, සූත්‍ර පිටකය සහ අභිධර්ම පිටකය යන කොටස් තුනින් සමන්විත ත්‍රිපිටකය “බුද්ධ ශාසනය” යන පදය තුළ අන්තර්ගත වන බව අපි නිගමනය කරමු. එබැවින්, රාජ්‍යයට ත්‍රිපිටකය ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම ඇතුළු වගකීමක් පවතී.”

බුද්ධ ශාසනය යන්න 2002.06.28 වන දින ප්‍රකාශයට පත් කරන ලද බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් සභා වර්තාවේ අර්ථ ගන්වා තිබෙන්නේ ඊට සිල්මාතාවන් හා තෙරුවන් සරණ ගිය ගිහි ජනතාව ද ඇතුළත් කරමිනි.

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම

බුද්ධාගම යනු පිළිපැදිය යුතු පිළිවෙතකි. දර්ශනයකි. ප්‍රඥාව, දියුණුව හා ශක්තිය අත්කර ගැනීම සඳහා සිත හා කය මෙහෙයවිය යුතු ක්‍රමවේදයකි.

එබැවින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම ප්‍රායෝගිකව සිදු කළ හැක්කේ රාජ්‍ය නායකයා හා රජය (ජනරජය) මෙහෙයවන්නන් විසින් බුදු දහමේ එන සිද්ධාන්ත අනුගමනය කරමින් සිය පාලන කටයුතු කිරීමෙනි. 

මෙහි දී රජය යන්නට විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ඇතුළත් ය. 9 වන වගන්තිය යටතේ එම ආයතනවල ධුර දරමින් ජනතාවට බලපාන තීරණ ගන්නා හා බලය ක්‍රියාත්මක කරන සියලු අය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීමට බැඳී සිටිති.

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙන පාලකයා ප්‍රඥාවන්තයෙක් මෙන්ම අධ්‍යාත්මීය ශක්තියකින් හෙබි අභීත හා සෘජු නායකයෙක් ය. රාජ්‍ය පාලනයට සම්බන්ධ සියලු අය එය එසේ විය යුතුය. සතර අගතියෙන් තොර වීම, දසරාජ ධර්ම අනුගමනය කිරීම, සිව් සඟරා වතින්, ලොව සනසමින්, සතර උපාය යොදාගනිමින් පාලනය කිරීම 9 වගන්තිය මගින් එම සියලු අය වෙත පවරා තිබෙන වගකීමය. 

දේශීය ව්‍යවස්ථාව

වසර දහස් ගණනක් තිස්සේ බෞද්ධ පාලන ක්‍රමයක් බලාත්මක වූ අලිඛිත ව්‍යවස්ථාවක් ඇත. බටහිර ව්‍යවස්ථාවේ පදනම වන ජනතාව හා රජය අතර ඇති වන සමාජ ගිවිසුම අභිබවා යන ව්‍යවස්ථාමය මූල ධර්මයක් එහි විය. එහි දී ජනතාවත් පාලකයාත් අතර භික්ෂුන්වහන්සේ ස්ථානගත විය. රජු රාජ්‍යත්වයට පත්වූයේ භික්ෂුන්වහන්සේගේ අනුමැතියෙන් ය. ඒ සඳහා රජු විසින් බුද්ධාගම පිළිගත යුතුය. භික්ෂුන්වහන්සේට තිබූ ඒ ව්‍යවස්ථාමය බලය හේතුවෙන් පාලකයා නිරන්තරයෙන් ජනතා අපේක්ෂාවන් ඉෂ්ට කළ යුතු විය (මෙය අමාත්‍යවරුන්ට හා ප්‍රාදේශීය පාලකයන්ට ද පොදුය). එකල නිරන්තර අරගලවල යෙදුනු අසහනයෙන් පිරි සමාජයක් නොවූයේ එබැවින් ය. 

වර්තමානයේ ද කිසිදු ලිඛිත නීතියක නොවුව ද බලයට පත්වන රාජ්‍ය නායකයා හා අමාත්‍යාදීන් තම ප්‍රථම නිල  කටයුත්ත ලෙස දළදාව වැඳීම හා මහනායකවරුන් බැහැ දකින්නේ ජනතාව ඉදිරියේ එම අනුමැතිය ලබාගැනීමට ය. රජුන් පවා නමස්කාර කරන භික්ෂුව සැමට ඉහළින් ස්ථානවගත වන නායකයෙකි. එහෙත් තමන් වෙත පැවරී තිබෙන එම ඓතිහාසික හා ව්‍යවස්ථාපිත බලය හා වගකීම බොහෝ භික්ෂුන්වහන්සේලා විසින් නොදැන සිටීම අභාග්‍යයකි. 

බෞද්ධ රාජ්‍ය පාලනයක් තුළ මානව හිමිකම් කඩවීම්, නීතියේ පාලනය බිඳ වැටීම්, ආර්ථිකයේ කඩා වැටීම්, අසමාන සැලකීම් යනාදිය සිදුවන්නේ නැත. සාමය, සතුට, සෞභාග්‍යය හා තෘප්තිය යනාදිය දායාද කරන එවැන්නක් තුළ අද බටහිරකරණය වීමට ගොස් අත්විඳින අසහනය, ගැටුම්, දුප්පත්කම, ගිලන්බව යනාදියට ඉඩක් නැත. 

- ජ්‍යේෂ්ඨ නීතිඥ කණිෂ්ක විතාරණ


සම්බන්ධිත පුවත් | Related News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.
පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.
කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.