
මහින්දානන්ද චම්පිකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරයි
ඉන්දියාවෙන් ආනයන කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර වැඩි මිලට ශ්‍රී ලංකාවේ ගොවියාට විකුණන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වන විට පැමිණ ඇති බව වාර්තාවේ. ඊයේ(09) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකරන බවයි. ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් නැනෝ නයිට‍්‍රජන් ආනයනයේ දී කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ රුපියල් බිලියන අටක් වංචා කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා චෝදනාව එල්ල කරණු ලැබීය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ අදාල ඉන්දීය සමාගමේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ නැනෝ යූරියා වල මිල ගණන් බවත් ගෙන්වන ලද්දේ නැනෝ නයිට්‍රජන් බවත් සඳහන් කළේය. තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ එම වෙබ් අඩවියේ දක්වා ඇත්තේ ඉන්දියාවේ ගොවීන්ට සහනාධාර මිල බවත්ය. කෙසේ වුවද ඉන්දීය සමාගම නිෂ්පාදනය කරණ නැනෝ යූරියා දියර පොහොර ඉන්දීය රුපියල් 240 ක මුදලකට අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට ඔවුන් කටයුතු කරන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 645 ක පමණ වන බවද පැවසේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..
ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..
වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)
රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..
අනුරගේ කතාවට ෆොන්සේකාටත් රිදිලා
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්
රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..
ඇමති බිමල්ට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කෙරේ..
යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..
9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි
අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)
රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
සහල් හිගයක්.. මුදලාලි මිලට සහල් පාලන මිල වෙනස් වීමේ අවදානමක්..
ඇමති බිමල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්.. "රේගුවෙන් පිටකළ බහාලුම්වල අවිආයුධ?" - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)
