News Category
From Date
To Date
Maximum Number of Result

69 ලක්ෂයක ජනතාව අප කෙරෙහි තැබු විශ්වාසය අපි දිවිහිමියෙන් රකිනවා- සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග

Nov 10, 2021 at 11:58 AM
|

කොවිඩ් වසංගතය හේතුවෙන් රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය රට තුළ පවතින සියලු ගැටලුවලට හේතු වී ඇති බවත් කොවිඩ් වසංගතය හේතුවෙන් බිද වැටුණු ආර්ථිකය ගොඩ ගැනීම සදහා රජය කඩිනම් පියවර ගෙන ඇති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ පවතින අර්බුදයෙන් රට ගොඩ ගැනීම සදහා තෙවැදෑරුම් වැඩ පිළිවෙලක් ඔස්සේ රජය කටයුතු කරමින් සිටින බවයි. කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන විසදුම් මේ අනුව ක්‍රියාත්මක කෙරෙමින් ඇතැයි පෙන්වා දෙන ඇමතිවරයා මෙවර අයවැය ඒ සදහා මුලාරම්භයක් බව ද වැඩිදුරටත් කියා සිටී. ප්‍රංශයේ පැරිස් නුවර පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රංශ ශාඛාවේ නියෝජිත රැස්වීමේ දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. රැස්වීම ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්විණ. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රංශ ශාඛාවට අනුබද්ධ කාන්තා, තරුණ සංවිධාන නියෝජිතයෝ ද මේ රැස්වීමට එක්ව සිටියහ. මෙහි දි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය. අතිමහත් බහුතරයක් රටේ ජනතාව මහින්ද රාජපක්ෂ – ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගයට පසුගිය මැතිවරණයට ඡන්දය දුන්නේ විශාල බලාපොරොත්තුවක් ඇතිවයි. කොරෝනා වසංගතය නිසා ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරිම කිසියම් පසුබෑමකට ලක්වුණා. අද විපක්ෂය එය දඩමීමා කරගනිමින් ආණ්ඩුවට එරෙහිව මහජන විරෝධයක් ඇති කරන්න කටයුතු කරමින් තිබෙනවා. එදා යහපාලන ආණ්ඩුවේ හිදිමින් රට විනාශ කළ අය අද ජනතාවගේ ආරක්ෂකයන් ලෙස පෙනි සිටිමින් රටේ ජනතාව ආණ්ඩුවට එරෙහිව උසි ගන්වනවා. මේවාට රැවටෙන්න එපා. අපේ ආණ්ඩුව පිළිබද ජනතාව තැබු විශ්වාසය අබමල් රේණුවකින් හෝ කඩ කරන්නේ නෑ. මහින්ද – ගෝඨාභය සුසංයෝගයෙන් හැදුණු මේ ආණ්ඩුව රටට සතුරු ආණ්ඩුවක් නෙවෙයි. රටට සතුරු පිරිස් තමයි කොවිඩ් වසංගතය තුළ රට පත්ව ඇති තත්ත්වය තමන්ගේ වාසියට හරවා ගැනීමට කටයුතු කරමින් ඉන්නේ. අපි කවදාවත් මුල අමතක කරන්නේ නෑ. මුල අමතක කරන අයට ඉදිරි ගමනක් නෑ. 2015 දී මහින්ද මහත්තයා පැරදුණාම ලෝකය පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයෝ එතුමාව නැවත බලයට ගේන්න ඉදිරිපත් වුණා. එදා අපේ රටේ වගේම රටින් පිට හිටපු ශ්‍රී ලාංකිකයන් අපිට ආණ්ඩුවක් පිහිටුවන්න ශක්තියක් වුණා. අපි ඒක කවදාවත් අමතක කරන්නේ නෑ. අද අපේ ආණ්ඩුවට අභියෝග රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ගෝලිය කොවිඩ් වසංගතය ඉන් ප්‍රධානයි. කොවිඩ් වසංගතයත් සමග රටේ ප්‍රධාන ආදායම් මාර්ග සියල්ලම වැසී ගොස් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු බලයට පත් වු විට අපේ රටේ දේශීය නිෂ්පාදනය විනාශ කළා. පසුගිය යහපාලනය කාලෙත් වුණේ ඒක. ඒ නිසා අපිට භාරගන්න වුණේම ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක්. ඒ අතරතුර කොවිඩ් වසංගතය ඇවිත් රට වහපුවාම තත්ත්වය තවත් බරපතළ වුණා. අපිට තිබුණ ප්‍රධාන අදායම් මාර්ග තමයි විදේශ රැකියා ක්ෂේත්‍රය, සංචාරක ව්‍යාපාරය, ඇගළුම් කර්මාන්තය.මේ ප්‍රධාන ආදායම් මාර්ග සියල්ල කඩා වැටුණා. මොන ප්‍රශ්න තිබුණත් අපි කොවිඩ් වසංගතයෙන් අපේ ජනතාව මුදා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කළා. කොවිඩ් එන්නත් ගෙන්විම සදහා අතිවිශාල මුදලක් වැය කළා. ඒ නිසයි අද කොවිඩ් වසංගතය තරමක් හෝ පාලනය කරගන්න අපිට හැකියාව ලැබිලා තියෙන්නේ. කොවිඩ් වංසගතය එනකොට යහපාලන ආණ්ඩුව එහෙම තිබුණානම් රටම විශාලාවක් බවට පත්වෙන බව නොඅනුමානයි. අපි පොළවේ පය ගහලා ඉන්න මිනිස්සු. ඒ නිසා අද ආණ්ඩුවට කලින් තිබු තරම් ජන ප්‍රසාදයක් නැති බව අපි දන්නවා. හැබැයි අපිට මේ තත්ත්වයෙන් රට ගොඩගන්න තවත් වසර 03ක් තිබෙනවා. පවතින ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩගන්න පුළුවන් වත්මන් ආණ්ඩුවට පමණයි. අපි දැනටමත් මේ තත්ත්වයෙන් රට මුදවා ගැනීම සදහා අවශ්‍ය තෙවැදෑරුම් වැඩ පිළිවෙලක් සකස් කර තිබෙනවා. කෙටි කාලින, මධ්‍ය කාලීන හා දිගු කාලින සැලසුම් දැනටමත් අපි ක්‍රියාත්මක කරලා. මෙවර අයවැය පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමේ මූලාරම්භයක් වේවි. ගෝඨාභය ජනාධිපතිතුමා පත් කරන්න, මේ රජය පිහිටුවන්න, පොහොට්ටුව හදන්න අපිට සහාය දුන් සැමගෙන් අපි ඉල්ලනවා අපි ගැන තිබු විශ්වාසය එලෙසම තබා ගන්න. මේ වන විට පත්ව ඇති අර්බුදය ගොඩගන්න ආණ්ඩුවට පුළුවන්. ආණ්ඩුව ඒ වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා. 69 ලක්ෂයක ජනතාව අප කෙරෙහි තැබු විශ්වාසය අපි දිවිහිමියෙන් රකිනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා.

සම්බන්ධිත පුවත් | Related News

දේශීය කීරි සම්බා හා සම්බා සහල් මිලට ගැනීමේදී වැඩි මිලට අලෙවි කිරීමට අමතරව සහල් මෝල් හිමියන් කොන්දේසි පනවමින් ඇති බව තොග වෙළඳුන් කියා සිටිති.
මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අවසන් කළ ගොනු පනහකට ආසන්න ප්‍රමාණයක් නඩු පැවරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.
ගොවිජන බැංකු ( නියමු ) ව්‍යාපෘතිය සහ ගොවි කාරක සභාව සදහා ගිණුම්කරණ මෘදුකාංග ලබාදීම සදහා පරිගණක ඇතුලු මුද්‍රණ උපකරණ මිලදී ගැනීමේ මුවාවෙන් රුපියල් මිලියන 250ක මහා පරිමාණ මුල්‍යමය වංචාවක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස වර්තමාන රජය විසින් පත් කළ සුනිල් ජයරත්න මහතා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධයෙන් දැනුම්වත් භාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ.
සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා එම තනතුරට සදුසුදැයි යළි සලකා බැලිය යුතුව ඇති බව රජයේ මුදල් පිළිබඳ තාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Next ඇඟළුම් කර්මාන්ත ශාලාව වසා දැමීම අනවශ්‍ය ලෙස දේශපාලනීකරණයට උත්සාහ කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර චෝදනා කරයි.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබු කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.
අරගල කාල සීමාවේදී තෙල් සංස්ථාවේ ඉන්ධන කන්ටේනර් විශාල ප්‍රමාණයක් ඉන්ධන හල්වෙත නොගොස් අතුරුදන්ව ඇති බවත්, මේ සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් මීට පෙර ඉල්ලා සිටි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
බුල්තල පැල්වත්ත සීනි සමාගමේ, මුල්‍ය අර්බුදය හේතු වෙන් සමාගමේ පාලන අධිකාරිය සමාගමේ දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 500ක්, පාඩු පිට ගැනුම්කරුවකුට අලෙවි කර ඇති බවත් එසේ අලෙවි කර ඇත්තේ සීනි කිලෝවකින් රුපියල් අසූහතරක පමණ පාඩුවක් පිට බවත් සමාගමේ සේවකයෝ පවසති.

ප්‍රධාන පුවත්

හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..

මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අවසන් කළ ගොනු පනහකට ආසන්න ප්‍රමාණයක් නඩු පැවරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.

ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..

ගොවිජන බැංකු ( නියමු ) ව්‍යාපෘතිය සහ ගොවි කාරක සභාව සදහා ගිණුම්කරණ මෘදුකාංග ලබාදීම සදහා පරිගණක ඇතුලු මුද්‍රණ උපකරණ මිලදී ගැනීමේ මුවාවෙන් රුපියල් මිලියන 250ක මහා පරිමාණ මුල්‍යමය වංචාවක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස වර්තමාන රජය විසින් පත් කළ සුනිල් ජයරත්න මහතා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධයෙන් දැනුම්වත් භාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ.

වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)

සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා එම තනතුරට සදුසුදැයි යළි සලකා බැලිය යුතුව ඇති බව රජයේ මුදල් පිළිබඳ තාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..

උතුරු මැද පළාත් සභාව සතු සුඛෝපභෝගී වාහන විසි දෙකක් රහසිගතව ටෙන්ඩර් කැඳවා අඩුමිලට වෙන්දේසි කර ඇති බවට අපි පුරවැසියෝ සංවිධානය චෝදනා කරයි.

අනුරගේ කතාවට ‌ෆොන්සේකාටත් රිදිලා

ජාතික රණවිරු සැමරුම් උත්මයයේදී ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සෑම පාර්ශ්වයක්ම සාමය වෙනුවෙන් යුද්ධ කරන බවට කල ප‍්‍රකාශයට තමන් එකඟ නොවන බවල හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුලි මස 11 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..

ඉන්දියානු සාගරයේ භූ දේශපාලනික උපායමාර්ගක කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකයේ දේශපාලනික ආර්ථික සහ යුදමය වැදගත්කමක් ලැබී තිබීම නිසා ලෝකයේ බලවත් රටවල් දැඩි ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අවදානය යොමුකර තිබේ.

යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු, යුරෝපා මහාද්වීපය පුරාම දිවි පිදූ සෝවියට් සොල්දාදුවන් වෙනුවෙන් ස්මාරක 4,000 ක් පමණ ඉදිකර ඇත.

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළේය.

9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි

2025 පලාත් පාලන මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණේ “පංචායුධය ලකුණින්” තරගවැදී තේරී පත්වූ, පළාත් පාලන නියෝජිතයන්ගේ විශේෂ හමුවක් ,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (27) බත්තරමුල්ල, ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාදයෙන් පසු තේරීපත්වූ සභිකයින් 26 දෙනා ජාතික නිදහස් පෙරමුණේ පළාත් පාලන මහජන නියෝජිතයින්ගේ ප්‍රතිඥාව සිදු කරන ලදි. පක්ෂ නායක විමල් වීරවංශ මහතා විසින් ඔවුන්ට මහජන නියෝජිතයන් ලෙස පැවරෙන වගකීම් පිළිබඳව පැහැදිලි කල අතර ඔවුන් සියලු දෙනාට ජාතික නිදහස් පෙරමුණේ සුබ පැතුම්ද එක් කළේය. පළාත් පාලන නියෝජිතයන් විසින් ලබාදුන් 9 වැදැරුම් පුතිඥාව පහතින්

අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)

අනුර වික්‍රමසිංහ රනිල් සීයා ගිය වැල්පාලමේම ලංකාව නමැති දරුවා වඩාගෙන ඔහේ යන බවත්, රටේ කර්මාන්ත විශාල ප්‍රමාණයක් මේ වන විට වැසී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

මානුෂීය මෙහෙයුම වෙනුවෙන් කැපවූ රණවිරුවන් 58 දෙනෙක් මේ වන විට දංගෙඩියට ගෙනයන්න පිඹුරුපත් සකසා අවසන් බව විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක මහතා පවසයි.

ඇමති බිමල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්.. "රේගුවෙන් පිටකළ බහාලුම්වල අවිආයුධ?" - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)

පසුගිය කාලයේ රේගුවෙන් පිටකළ ඉහාලුම් එසේ නිදහස් කරන්නට රේගු නිලධාරීන්ට නියෝග කළේ තමන් බව අමාත්‍ය බිමල් රත්නායක විසින් වීරයෙකු මෙන් පැවසූ බවත්, ඔහු වරාය භාර ඇමතිවරයා වුවද ඔහුට එසේ රේගු නිලධාරීන්ට නියෝග දීමට හැකියාවක් නැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.