ලබන වසරේ මුල සිට බරපතල විදුලි අර්බූදයක් නිර්මාණය වීමට නියමිතයි- ලංවීම සභාපති එම්. සී. සී. ප‍්‍රදිනාන්දු.
ලංවීම සභාපති එම්. සී. සී. ප‍්‍රදිනාන්දු මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් පමණ මෙරටට ගෙනඒමට නොහැකිවීමෙන් ලබන වසරේ මුල සිට රටතුළ බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී විදුලි කපාහැරීමට සිදුවනු ඇතැයි පවසා සිටියේය.
ගල්අඟුරු මිල ඉහළ යෑම සහ ක්‍ෂණික මිලදී ගැනීමට අදාළව කැඳවූ ටෙන්ඩරය අවලංගු වීම නිසා ගල්අඟුරු නෞකා හයක් මෙරටට නොපැමිණීම මීට හේතු වීඇති බවද පැවසිය.
එම්. සී. සී. ප‍්‍රදිනාන්දු මහතා වැඩිදුරටත් පවසා සිටියේ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ සමස්ත විදුලි නිෂ්පාදනය වන මෙගාවොට් 900 න් මෙගාවොට් 300 බැගින් වන උත්පාදන යන්ත‍්‍ර එකක් හෝ දෙකක් නතර කර ඉන්ධන භාවිත කොට විදුලිය නිපදවිය හැකි විකල්ප විදුලි බලාගාර වලින් විදුලිය ජනනය කරන බවයි.
එලෙස ඉන්ධන මගින් විදුලිය ජනනය කිරීමේදී අතිවිශාල පිරිවැයක් දැරීමට සිදුවීම බරපතලම කාරණය බවත් ගල්අඟුරු මගින් නිපදවන විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 15 ක් පමණ වනවිට ඞීසල් බලාගාරයකින් නිපදවන විදුලි ඒකකයක මිල රුපියල් 30 ඉක්මවන බවද ලංවීම සභාපතිවරයා පවසා සිටී.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට වසරකට ගල්අඟුරු ටොන් ලක්ෂ 20 ක් පමණ අවශ්‍ය වන අතර මේ අවස්ථාවේ යළි ටෙන්ඩර කැඳවූවත් ගල්අඟුරු ගොඩබෑමේ ගැටලූව මෙන්ම ගල්අඟුරු මිල ඉහළයෑම හා හිඟය නිසා එයද ගැටලූකාරී වී ඇති බවත් ලංවීම සභාපතිවරයා අනාවරණය කළේය.
මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභාපතිවරයා “ලබන වසරේ අපේ‍්‍රල් මාසයෙන් පසු ඔක්තෝබර් දක්වා කාලයේදී වාරකන් නිසා ගල්අඟුරු ගොඩබෑම කළ නොහැකි නිසා දැනට බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් අපේ‍්‍රල්වලට පෙර ගෙන්වා ගැනීමට සිදුව තිබෙනවා.නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මිලදී ගන්නා ක‍්‍රමවේදය වන්නේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරුවලින් සියයට පනහක් වාර්ෂික ටෙන්ඩර් කි‍්‍රයා පටිපාටියට අනුව මිලදී ගැනීමයි. ඉතිරි සියයට පනහ මිලදී ගන්නේ ක්‍ෂණික මිලදී ගැනීම් යටතේයි. ඉකුත් දින පනහක කාලයේ දී මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව තිබූ ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් මිලදී ගැනීමට අදාළව කැඳවූ ක්‍ෂණික මිලදී ගැනීම් ටෙන්ඩරය අහෝසිවීම නිසා මෙම ගැටලූව නිර්මාණය වී තිබෙනවා.” යනුවෙන් පවසා සිටියේය.
මේඅතර ,ගල්අඟුරු හිඟය, මිල ඉහළ යාම, ඩොලර් හිඟය හා ටෙන්ඩර් වලට මිල ගණන් ඉදිරිපත් නොකිරීමේ ගැටලූ මත ලබන වසරේ සිට මෙරට විදුලිබල අර්බුදය උග‍්‍ර අතට පත්වනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය ද අනතුරු අඟවා සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි
උතුරේ ජනතාව ආණ්ඩුවට ලබාදුන් ඡන්දය ජාතිවාදයට පමණක් නොව බෙදුම්වාදයටත් විරුද්ධ ඡන්දයක්... ආණ්ඩුව එය තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් - විමල් කියයි (වීඩියෝ)
එක්සත් ජනපදය සැපයූ මිසයිල යොදාගෙන රුසියානු භුමියේ අභ්‍යන්තරය ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීමට බයිඩන් යුක්‍රේනයට අවසර දෙයි- නිව් යෝර්ක් ටයිම් පුවත් පත
නව ආණ්ඩුවේ හොඳ වැඩවලට සහාය ලබාදෙනවා... අපි කකුලෙන් අදින පක්ෂයක් නෙමෙයි - උවිඳු කියයි
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්